ඡන්ද 178 කින් විසිවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සං‌ශෝධනය සම්මතයි

විසිදෙවැනි අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම් පනත පාර්ලිමේන්තුවේ වැඩ ඡන්ද 178 කින් සම්මත විය .

පනත් කෙටුම් පනතට පක්ෂව වැඩි චන්ද 179ක්ද ලැබුණු අතර විපක්ෂව එක් ඡන්දයක් පමණි .

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍ර්‍රි ආචාර්ය සරත් වීජේකර පමනක් විරුද්ධව ඡන්දය පාවිච්චි කර ඇත .

විසිවෙනි ව්‍යවස්ථා කෙටුම් පනතට පක්ෂව ඡන්ද 179 ක්ද විපක්ෂව ඡන්ද 01ක්ද පාර්ලිමේන්තු නොපැමිණි සංඛාව 44 කි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ , අෘණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග , සාගර කාරියවසම් , ‌ජෝන්ස්ටන් ප්‍රනාන්දු ,ගාමිණී ලොකුගේ ,රෝහිත අබෙිගුනවර්ධන , ජනක බණ්ඩාර තෙන්නකොන , සංජිව එදිරිමාන්න ,පවිත්‍රා වන්නිආරචිචි , අකිල ඉලංගෙයි තමිල් ‌කොංග්‍රසයේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් , දෙමළ ජාතික සන්ධානයේනායක ආර් සම්බන්ධම් , එම තක්ෂයේ එම් .ඒ . සුමන්දිරන් සහ ෂ්‍යානක්කම් රාසමානික්නම් එසේ නෙපැමිණි මන්ත්‍රීවරු අතර වෙති.

චමල් රාජපක්ෂ , නාමල් රාජපක්ෂ සහ ශෂීීන්ද්‍ර රාජපක්ෂ පනතට පක්ෂව ඡන්දය දුන්හ .

විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම් පනත සම්බන්ධ විවාදය 20 සහ 21 වන දින පැවැත්විණ.

ද්විත්ව පුරවැසි භාවය ඇති පුද්ගලයන්ට තනතුරු දැරිමේ අයිතිය අහෝසී කිරිමත් ස්වාධින කොමිසම් සභාවලට බලය පැවැරීමත් පාර්ලිමේනතුව අවුරුවු දෙකහමාරකට පසු විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලතල ඒ ආකාරයෙන් ලැබාදීම ඇතුළු ප්‍රතිපාදන රැසක් විසිවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්වෙන් හිමි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *