ජනතාවගේ කට වසන සමාජ මාධ්‍ය පනත හකුළා ගන්නැයි ආණ්ඩුවට බල කරති

ජනතාව‌ගේ කට වසන සමාජ මාධ්‍ය මර්දන හකුළා ගන්නැයි ආණ්ඩුවට බල කර. විරෝධතා උද්ඝෝෂණයක් අද (02) පෙරවරුවේ කොටුව දුමිරිය ‌පොල ඉදිරිපිට පැවැත්විණ .

මෙම විරෝධතා උද්ඝෝෂණය අන්තර් විශ්ව විද්‍යාල ශීෂ්‍ය බල මණ්ඩලය , ලංකා ගුරු සංගමය , ටලිකොම් වෘත්තීය සමිති , ලංකා බැංකු සේවක සංගමය ,කොළඹ මහජන සභාව , වානිජ හා කාර්මික සේවක සංගමය , කම්කරු අරගල මධ්‍යස්ථානය , සිවිල් සංවිධාන සහ එකතුව යන සංවිධාන වල ප්‍රධානත්යෙන් සිදු කෙරිණ .

විරෝධතා උද්ඝෝෂණයට සැලකිය යුතු පිරිසක් සහභාගි වි සිටි අතර මර්දනය නතර කරනු ,ATA පනත අහෝසී කරනු , ATA -PTA පනත ඉරා දමනු , අදහස් ප්‍රකාශනයේ අයීතියට අත නොතබනු සහ සමාජ මාධ්‍ය වාරණ පනත එපා යන සටන් පාඨ සහිග පුවරු ඔසවාගත් විරෝධතාකරුවෝ

ජනතාවනි – එකතු වන්න

එපා තවත් -බලන් ඉන්න

අපේ අයීතිය -කාල්ල කන්න

එපා මුන්ට – ඉඩ තියන්න

ආන්ඩුවක් -ආන්ඩුවක්

නල්ලමලේ -ආන්ඩුවක්

ජනතාවගේ -කට වහන්න

පනත් ගේන -ආණ්ඩුවක්

රනිල් ලොක්කෝ – මේ අහපන්

විජයදාස -ටත් කියපං

ජනතාවට -ද්‍රෝහී පනත්

පොඩි කරලා -ගිනි තියපං

කන්න නොදි -පුංචි එවුන්

මරාදාන -ආන්ඩුවක්

ජනතාවට -දිවි නගන්න

තොණ්ඩු බෙදන – ආණ්ඩුවක් යන සටන් පාඨ හඩතලමින් පැයකට ආසන්න කාලයක් විරෝධතා උද්ඝෝණයේ නිරත වි සිටියහ .

පොලිසීය පෙළපාලි යැම වැළැක්වීම සදහා අධිකරණ නියෝගයක් ද ගෙන තිබු අතර එම අධිකරණ නියෝග නොතකා උද්ඝෝෂකයින් කටයුතු කළහොත් ඔවුන් තලා දැමීම සදහා ආණ්ඩුව දුමිරිය පොල ඉදිරිපිටට පොලිසීය සහ කැරැළි මර්දන පොලිසිය කැදවා තිබුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *