තැපැල් සේවකයෝ රුපියල් 20.000 කින් වැටුප් වැඩි කරන්නැයි ආණ්ඩුවට බල කරති

2024 අයවැයෙන් තැපැල් සේවකයින්ගේ වැටුප රුපියල් 20.000 කින් වැඩි කරන්නැයි සහ බඩු මිල අඩු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධනපති ආණ්ඩුවට බල කර අද (30) දහවල් (කෑම පැයේ ) කොළඹ ඩි . ආර් .විජේවර්ධන මාවතේ ප්‍රධාන තැපැල් හුවමාරුව ඉදිරිපිට එහි සේවකයෝ විරෝධතා උද්ඝෝෂණයක් නිරත වුහ .

එකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ මගින් එම විරෝධතාවය සංවිධානය කර ඇත.

ජීවත් වෙන්න බෑ රු.20.000 ක දීමනාවක් සියලුම සේවකයින්ට ලබා දෙනු ! බඩු මිල වහා අඩු කරනු ! සහ ගෙවා ගන්න බෑ විදුලි බිල වහා අඩු කරනු ! යන සටන් පාඨ ලිව් පිකට් බෝඩ් ඔසවා ගත් උද්ඝෝෂකයෝ

ජිවන බර – අහස උසට

අපි කොහොම ද – දරා ගන්නේ

අපේ වැටුප -එම තැනමයි

අපි කොහොමද – දිවි ගෙවන්නේ

විදුලි බිලත් – ඉහළ ගියා

වතුර බිලත් -ඉහළ ගියා

ගෑස් මිලත් – ඉහළ ගියා

බස් ගාස්තු – ඉහළ ගියා

භාණ්ඩ මිල -ඉහළ ගිය ා

ජීවන බර _ඉහළ ගියා

හැම දෙයක්ම -ඉහළ ගියා

අපේ වැටුප් -පහළ ගියා

දියව් දියව් – ලබා දියව්

හරි වැටුපක් -ලබා දියව්

දියව් දියව් – ලබා දියව්

විසි දාහසක් -ලබා දියව් ආදී සටන් පාඨ කියමින් විරෝධතාකරුවෝ පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත වුහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *