දෙමටගොඩ පොලිසිය මස් මඩුවක්

දෙමටගොඩ පොලිසිය මගින් මත්ද්‍රව්‍ය සහ සොරකම් වලට සම්බන්ධ යැයි අත්අඩංගුවට ගන්නා සැකකරුවන් වධ හිංසා පණුවා අමානුෂික ලෙස පහර දෙන බව පහර කෑමට ලක් වු සැකකරුවෙකුගේ මවක් අප සමග පැවැසුවාය .

දෙමටගොඩ පොලිසිය මගින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔහුගේ පාපෝච්චාරණය මත දෙමටගොඩ ආරාම ප්‍රදේශයේ තවත් තරුණයෙකු දුරකතනයක් සොරා ගත්තැයි අත්අඩංගුවට ගෙන තිබේ .

පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ආරාම ප්‍රදේශයේ තරුණයාට අමානුෂික ලෙස පහර දිම නිසා , එම තරුණයාට ඇවිදගෙන යෑමට බැරි තරමට කකුල් ඉදිමී ඇතැයි පහර කෑමට ලක් වු කරුණයාගේ මව වැඩිදුරටත් කිවාය .

දෙමටගොඩ පොලිසිය මගින් මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනවාරි 22 පාන්දර 2ට පමණ ඔහු නිවෙසේ නිදාගෙන සිටියදිය . පොලිස් නිලධාරීන් ඔහුට නිවස තුළ දිම පහර දි ඇති තරුණයා විලාප නගද්දි අසල්වැසියන් පවා අවධි වි තිබේ .

ජනවාරි 21 වන දා රාත්‍රියේ ස්ථානාධිපතිවරයාගේ උපන් දිනය වෙනුවෙන් සාදයක් පවත්වා ඇති අතර එම සාදයට සහභාගි වු නිලධාරීන් පිරිසක් බිමත්ව එම තරුණයා අත්අඩංගුවට ගැනීමට ගොස් ඇත.

මෙම තරුණයාගේ මව දෙමටගොඩ පොලිසියට එරෙහිව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත ගොස් ඇති අතර පසුව අප මෙම සිදිධිය දැනගත් නිසා බියට පත් ස්ථානාධිපතිවරයා එම තරුණයාව කිසිදු නඩුවක් පවරා මුදාහැර ඇත.

මෙසේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට පහර දෙන බවට ලංකා ස්කයි නිව්ස් වෙත ලැබි ඇති තොරතුර සත්‍ය දැයි මම එහි කර්තෘ විධියට විමසු අවස්ථාවේ දෙමටගොඩ පොලිසියේ සේවය කරන උප‌ පොලිස් පරික්ෂකවරයෙකු තමුසේ කවුද කියලා අපි දන්නේ නැහැ .තමුසේට දැන ගන්න අවශ්‍ය දෙයක් ඇත්නම් පොලිසියට පැමිණ දැන ගන්නවා කියා උඩු බිරුවේය . පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ නීතිඥ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව‌ගෙන් පවා නම සහ මාධ්‍ය ආයතනය සදහන් කර සිද්ධින් වල සත්‍ය අසත්‍ය විමසද්දී තමුසේ කවුදැයි අපෙන් විමසා නැත. දුරකතනයකින් අසන ප්‍රශ්නයකට සංයමයකින් පිළිතුරු දෙන්නට බැරි මේ වැනි පොලිස් නිලධාරින්ගේ අත්අඩංගුවට පත්වන සැකකරුවන්ට අත්වන තත්ත්වය ගැන මිටත් වඩා සක්කියක් අවශ්‍ය නැත.

පසුුුුුුගිය දා සිරස මාධ්‍යවේදියගේ බෙල්ලෙන් අල්ලා පොලිසීයට ඇදගෙන ගියෙත් මෙම නිලධාරීන් විසින්මය . මාධ්‍යවේදින්ට එසේ සලකන දෙමටගොඩ පොලිසිය අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට සලකන විධිය සිතා ගන්නට පුළුවන්ය .

අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට වධ හිංසා පැමිණිමට හෝ පහර දිමට කිසිදු අයිතියක් පොලිසියට නැති අතර එය මුලික මිනිස් අයිතීන් උල්ලංඝණය කිරිමකි .

ශාන්ත විජේසුරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *