දෙමළ ජනයාගෙත් ආණ්ඩුවෙත් විරෝධය මැද බොරළුකන්ද විහාරය ඉදිකෙරේ

ත්‍රිකුණාමලේ බෙරළුකන්ද විහාරය ඉදිකිරීමට එරෙහිව දෙමළ ජනතාවගෙන් ආ විරෝධය නොතකා නොවැම්බර් (06) වෙනිදා එම විහාරය ඉදිරි කිරිම් කටයුතු ආරම්භ කර ඇත.

නැගෙනහිර පළාතේ බෞද්ධයන් නොමැති ප්‍රදේශයක , එම ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවේ අවසරයකින් තොරව , දෙමළ ජනතාවගේ ද විරෝධය නොතකා එම පන්සල ඉදිකිරීමට කටයුතු කර තිබේ .

බෞද්ධ භික්ෂුන් වහන්සේලා බොරළුකන්ද විහාරස්ථානයට බුදු පීළිම වහන්සේ නමක් වැඩම කරවා ආලමික කටයුතු ආරම්භ කර ඇති අතර එම අවස්ථාවට බෞද්ධ ගිහියන් සුළු පිරිසක් පමණ සහභාගි වු බව එම ප්‍රදේශයේ වාර්තාකරුවන් පවසයි.

දෙමළ ජනතාවගෙන් දිගින් දිගටම එල්ල වන විරෝධය හමුවේ නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් බොරළුකන්ද විහාරස්ථානයේ ඉදිකිරීම් තාවකාලිකව නතර දැමීමට පියවර ගෙන තිබුණි .

බොරළුකන්ද විහාරය තාවකාලිකව ඉදිදිකිරීම් නතර කර දැමීමට එරෙහිව ත්‍රිකුණාමල ශාසනරක්ෂ බල මණ්ඩලය සහ ගොකන්න පුර සුැකීමේ සංවිධානය අගොස්තු 28 වෙනිදා පෙරවරුවේ ත්‍රිකුණාමල දිස්ත්‍රීක් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් දක්වා ඇති අතර පසුව පොල්හෙන්ගොඩ උපරතන හිමි ඇතුළු තවත් ෂක්ෂුවක් දිස්ත්‍රීක් සංවර්ධන කම්ටුව කඩාවැදි ආඩුකාරවරයාට තර්ජනය තර ඇත.

ප්‍රදේශීය සභාවෙන් අවසරයක් නොමැතිව පන්සල ඉිිිිිිිි සදහා අවසර බලා දිය නොහැැැ බව ආණ්ඩුකාරවරයා මාධ්‍ය හමුවක් තබමින් සිද්ධිය සම්බන්යෙන් කරුණු පැහැදිලි ක‌ළේය .

“ගරු ස්වාමීන් වහන්සට මම පැහැදිලි කරලා කිවිවා ප්‍රාදේශීය සභාවේ අනුමැතියකින් තොරව පන්සල ඉදිකිරීම සදහා අවසර දෙන්න බැහැ කියලා “

ඔබතුමා පනත කියවලා බලන්න .මේ පුජනීය ස්ථාන සියල්ල බද්දෙන් නිදහස් කරලා තියෙනවා . ආගමික ස්ථාන බද්දෙන් නිදහස් කළාට පස්සේ ඒ ආගමික ස්ථාන ගොඩ නගන්නට තියෙන්නේ අපම ඔින වධියට. කෝවිග හදන්නේ පුඩකයාට ඔින විධියට.පන්සල හදන්නේ හාමුදරුවන්ට ඔින විධියට . මෙිවා හදන්න ආණ්ඩුකාරවරයාගෙන් අවසර ගන්න අවශ්‍ය නැහැ .අවසර ගන්න එන්නෙත් නැහැ . අපි පන්සල හදනවා .

සිංහල බෞද්ධ ජනයා පදිංචි කැති ප්‍රදේශ වල බලහත්තාරයෙන් පන්සල් ඉදිකිරීම හරහා දෙමළ ජනයාගේ ඉඩම් කොල්ල කන බවට දෙමළ ජනතාව මෙන්ම දෙමළ දේශපාලඥයන්ගෙන් ද ‌චෝදනා කර තිබුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *