දෝෂාභියෝගය ට බිය ගෝඨා..?

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්රීවරු 41 දෙනා හමුවීමට ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇතැයි හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසයි. අද 10 දා පැවති පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. ඒ අනුව මෙම හමුව අද රාත්රී 7.00 ට සිදුවනු ඇති බවත් එහිදී ශ්රී ලංකා නිදහස්පක්ෂ ස්ථාවරයවන අන්තර්වාර පාලන මණ්ඩලය පිළිබඳව තව දුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම පැවසීය.
 
මෙම සාකච්ඡාව ට ආණ්ඩුවේ සිට ඉන් ඉවත් වූ පක්ෂ 11 නායකයින්ද සහභාගීවන බව මෛත්රීපාල සිරිසේන පැවසීය . දේශපාලන විචාරකයින් මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ගෙන එතැයි බලාපොරොත්තුවන දෝෂාභියෝගයට බියෙන් මෙලෙස මන්ත්රීවරු හමුවීම සිඳුවිය හැකි බවය. මේ මොහොතේ රටේම ඉල්ලීම වන්නේ රාජපක්ෂවරු නොමැති ආණ්ඩුවක් සහ ජනාධිපති ගෝඨාභය ඉවත්කෙරෙන වැඩ පිළිවෙලක් බවත් ඉන් බේරීමට මෙවැනි උප්පර වැට්ටි ඉදිරියේදීත් තව බලාපොරොත්තු විය හැකි බවත් දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.