නාවික හමුදාවෙන් පැහැර ගත් 11 කෝ ,ඔවුන් අතුරුදන් කර වසර 15යි

නාවික හමුදාවෙන් පැහැර ගත් 11 කෝ ,ඔවුන් අතුරුදන් කර වසර 15යි

2008 වර්ෂයේ නාවික හමුදා නිළධාරී්න් පිරිසක් කප්පම් ගැනීම සදහා පැහැරගෙනවිත් අතුරුදන් කළ තම දරුවන් එකලොස් (11) කොහේදැයි විමසා අද (21) පෙරවරුවේ කොළඹ තුන්මුලේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට අතුරුදන්වුවන්ගේ දෙමව්පියන් සහ ඥාතීන් නිහඩ විරෝධතාවයක් නිරත වුහ .

අතුරුදන් වුවන්ගේ පවුල් එකතුව මගින් ‌එම නිහඩ විරෝධතාවය සංවිධානය කර තිබුණි.

යුද්ධය පැවති 2008 අගෝස්තු 08 හා සැතැම්බර් 17 අතර කාලය කොටහෙන , කොළඹ ,වැල්ලවත්ත ත්‍රිකුණාමලේ ,මඩකලපුව සහ දෙහිවල ‌යන ප්‍රදේශ වලින් එම තරුණයන් පැහැරගෙනවිත් කොළඹ වරායේ පිහීටි නාවික කදවුර ඉදිරිපිට පිට්ටු බම්බුවේ රදවාගෙන සිට ත්‍රිකුණාමල නාවික හමුදා කදවුරට භාර ඇත. එම කදවුරට භාර දී පසු එම තරුණයන් අතුරුදන් වි ඇත.

රජිව් නාගනාදන් ,ප්‍රද්ප් විශ්ව නාදන් ,තිලකේශ්වරන් රාමලිංගම ,ජමාල්ඩීන් ඩිලාන් සහ මොහොමඩ් සාජිත් ඇතුළු තරුයන් එකලොස් (11) දෙනෙක් මෙසේ පැහැරගෙන ගොස් අතුරුදන් කර තිබේ .

නාවික හමුදාවෙන් පැහැර ගත් 11 කෝ ,ඔවුන් අතුරුදන් කර වසර 15යි

මෙම තරුණයන් පැහැරගෙන ගොස් මරා දැමීමට එහෙිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ 14 වන විත්තිකරු වෙයි .

නාවික හමුදාවෙන් පැහැර ගත් 11 කෝ ,ඔවුන් අතුරුදන් කර වසර 15යි
නාවික හමුදාවෙන් පැහැර ගත් 11 කෝ ,ඔවුන් අතුරුදන් කර වසර 15යි
නාවික හමුදාවෙන් පැහැර ගත් 11 කෝ ,ඔවුන් අතුරුදන් කර වසර 15යි
නාවික හමුදාවෙන් පැහැර ගත් 11 කෝ ,ඔවුන් අතුරුදන් කර වසර 15යි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *