නිදහස් සෞඛ්‍ය සේවය රැක ගන්නැයි වෛද්‍යවරු මහජනයා සටනට කැදවති

නිදහස් සෞඛ්‍ය සේවය රැක ගන්නැයි වෛද්‍යවරු මහජනයා සටනට කැදවති

නිදහස් සෞඛ්‍ය සේවය රැක ගනිමු සහ ඉදිරි ඛේදවාචකය වළක්වා ගනිමු යැයි කම්කරු-පීඩිත මහජනයාගෙන් ඉල්ලමින්  සහ වෛද්‍යවරු මුහුණ දෙන ගැටළු වහා විසදන්නැයි ආණ්ඩුවට බල කර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (11) දහවල් කොළඹ ජාතික රෝහලේ බණ්ඩාරනායක වට්ටුව ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

කොළඹ ජාතික රෝහලේ බණ්ඩාරනායක වාට්ටුව ඉදිරිපිටට රැස් (500) පමණ වෛද්‍යවරුන් පිරිසක් පශ්චාත් උපාධි අවස්ථා වැඩි කරනු ! සීමාවාසික දීමනාව වැඩි කරනු ! ආසාධාරණ අත්තනෝමතික ,ජන පීඩිත බදු සංශෝධන වහා හකුළා ගනු !ඩීවන වියදම අහස උසට ,වෛද්‍යවරු කබලෙන් ලීපට ! වෛද්‍යවරුන්‌ෙග් ප්‍රවාහන (DAT) යාවත්කාලීන කරනු!  යන සටන් පාඨ සහිත පුවරු හා බැනර් ප්‍රදර්ශනය කරමින් සහ

ජනතාවනි -මේ අහන්න

අපිත් එක්ක – එකතු වෙන්න

සුව සේවය- නැති කරන්න

 හදන ඈයෙක් -පරද්දන්න

රෝහල් වල -බෙහෙත් නෑලු

සැත්කම් ටික -නැවතිලාලු

දොස්තරලා -අඩුවෙලාලු

බුද්ධි ගලනේ -වැඩිවෙලාලු යන සටන් පාඨ හඩනගා කියමින් පැයකට ආසන්න කාලයක් වෛද්‍යවරු විරෝධතාවයේ නිරත වුහ .

පසුව වෛද්‍යවරු පෙළ පාලියකින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටට යෑමට උත්සහ කරද්දී ඊට හරස් වු පොලිසීය පෙළපාලි යෑමට ඉඩ දිය නොහැකි බව දැනුම් දුන්නේය . පොලිස් අණ නොතකා වෛද්‍යවරු ඉදිරියට ඇදෙද්දී , අසරණ වු පොලිසීය පදිකවේදිකා හරහා ගමන් කරන්නැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේය .

සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරියට පැමිණි වෛද්‍යවරු කෙහෙළියට ලොක්කාට – එන්න කියාපිය . මේවාට උත්තර -දෙන්න කියාපිය .නැත්නම් අකුළන් – ගෙදරම යන්න කියාපිය යැයි කියමන් ආණ්ඩුවට සිය විරෝධය ඵල කළහ.

පසුව වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පාර  අත්පත් කරගෙන නැවතත් බණ්ඩාරනායක වාට්ටු දෙස ගමන් කරන්නට උත්සහ කරද්දී , පොලිසීයේ උසස් නිලධාරියෙකු වෛද්‍යවරයෙකුගේ කමිසයෙන් ඇද පහර දීමට තැත් කිරීම  නිසා නොසන්සුන්කාරී තත්වයක් ඇති විය .

වෛදයවරයෙකුගේ කමිසයෙන් ඇද පහර දී තැත් කර ඇත්තේ , පොලිස් කැරැළි මර්දන එකකයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු වන රුද්දිගු නැමැත්තාය .

වෛද්‍යවරයාගේ කමිසයෙන් ඇද පහර දීමට තැත් කිරීම නිසා කෝප වු වෛද්‍යවරු පොලිසීයට වතුර බෝතල් වලින් පහර දුන්නහ .  රුද්දිගුට වෛද්‍යවරයාගෙන් සමාව ගන්නැයි වෛද්‍යවරු එතැන සිටි උසස් පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිය ද ඒවන විටත් ඔහු  එම ස්ථානයෙන් පළා ගොස් තිබුණි .

වෛද්‍යවරුන් සමග ආරවුල් හදා ගත්තොත් බෙහෙත් ටිකාක්වත් ගන්න වෙන්නේ නැහැ . ඔවුන් වෘත්තීකයින් යැයි කියමින් සහකාර පොලිස් අධිකාරීවරයෙකු රුද්දිගුගේ මැර ක්‍රියාව හෙළා දකිමින් පැවැසීය.

නිදහස් සෞඛ්‍ය සේවය රැක ගන්නැයි වෛද්‍යවරු මහජනයා සටනට කැදවති

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *