පලස්තිනයට එරෙහිව ගෙන යන සමුල ඝාතනය නතර කරන්නැයි ශ්‍රී ලංකීකයෝ නෙතන්යානු ඇතුළු අධිරාජ්‍යවාදීන්ගෙන් ඉල්ලති

පලස්තින ජනයාට එරෙහිව ගෙන යන සමුලෝත්පාඨක යුද්ධය වහා නතර කරන්නැයියි අධිරාජ්‍යවාදී බලවතුන්ට සහ බෙන්ජමින් නෙතන්යානු ආණ්ඩුවට බල කර අද (13) සවස කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමේ විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ

මෙම විරෝධතා උද්ඝෝෂණය සමගි ජන බලවෙිගය මගින් සංවිධානය කර තිබුණි .එම විරෝධතා උද්ඝෝෂණය සදහා සැලකිය යුතු පිරිසක් සහභාගි වි සිටියහ .

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු පාර්ලිලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන අය ද සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වි සිටියහ .

එම විරෝධතාවය මැඩලීම සදහා කැරැලි මර්දන පොලිසිය , විශේෂ කාර්ය සෙබලුන් සහ පොලිසිය කැදවා තිබු අතර ජල ප්‍රහාරක රථ සුදානම් කර තිබුණි .

විරෝධතාකරුවෝ පැයකට ආසන්න කාලයක් ලිබර්ටි වටරමුමේ උද්ඝෝෂණයේ නිරත වු අතර පසු කොල්ලුපිටිය පල්ලිය දෙසට විරෝධතාකරුවන් ගමන් කරන්නට උත්සහ කරද්දී , පොලිසිය ඊට හරස් විම නිසා ‌විරෝතාකරුවන් අතර කොසන්සුන්කාරී තත්වයක් උද්ගග වුහ .

පොලිස් අණ නොතකා සහ බාධා මැද පල්ලිය ඉදිරිපිටට පැමිණි විරෝධතාකරුවන් පැය භාගයකට ආසන්න කාලයක් විරෝධතායේ නිරත වි පසුව විසිර ගියහ .

එම විරෝධතා උද්ඝෝෂණය සදහා පලස්තින ශ්‍රී ලංකා තනාධිපතිවරයා ද සහභාගි වී සිටියේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *