පලස්තීනයට එරෙහි යුද්ධය වහා නතර කර , පලස්තීන මහජනයාට නිදහස දෙන්නැයි අධිරාජ්‍යවාදීන්ට බල කර එකාබද්ධ ප්‍රකාශයකට අත්සන් කරති

පලස්තීනයට එරෙහි ආක්‍රමණය වහා නවතනු ! පලස්තීනයේ නිදහස පිළිගනු !යැයි ඇමරිකාව ප්‍රම්‍රඛ අධිරාජ්‍යවාදී බලවතුන්ට බල කර අද (15) සවස කොළඹ පදනම් ආයතනයෙදී එකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබුහ .

මෙම එකාද්ධ ප්‍රකාශය අත්සන් තබන ලද්දේ ,ජන අරගල ව්‍යාපාරයේ මෙහෙයවිමෙන්ය .

එම අවස්ථාවට ‌විශේෂයෙන් පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම් .එච් ,සෙයිඩ් වමේ දේශපාලන පක්ෂ , වෘ.ත්තීය සමිති , බහුජන සංවිධාන සහ සිවිල් සමාජ ක්‍රියාකාරීකයන් පිරිසක් සහභාගි වී සිටියහ .

පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් සෙයිඩ් , ආචාර්ය කල්ප රාජපක්ෂ , ජන අරගල ව්‍යාපාරයේ විධායක සභික වසන්ත මුදලිගේ මෙහි දී කතා කළහ .

පලස්තීනයට එරෙහි ආක්‍රමණය වහා නවතනු ! පලස්තීනයේ නිදහස පිළිගනු !

එකාද්ධ ප්‍රකාශය

පහත සදහන් ඒකාබද්ධ පකාශයට අත්සන් තබන ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ,බහුජන සංවිධාන ,වෘත්තීය සමිති , සමාජ ක්‍රියාකාරීන් වන අප ඇමරිකන් එක්සත් ජනපදය ඇතුළු අධිරාජ්‍යවාදීන්ගේ පුර්ණ අනුඝ්‍රහය සහිතව ගාසා තීරයට සිදු කෙරෙන ආක්‍රමණය තරයේ හෙළා දකිමු .මෙම මිලේච්ජ ආක්‍රමණය නිසා දස දහස ඉක්ම වු පලස්තීන සිවිල් වැසියන් ප්‍රමාණයක් මිය ගොස් ඇති අතර මරා දැමුණු කුඩා දරුවන් සංඛ්‍යාව හාරදාස ඉක්මවා ගොස් තිබේ . ඊශ්‍රායල හමුදා විසින් සිදු කරන ආක්‍රමණය පලස්තීන ජනතාවට එරෙහිව වාර්ගික සංහාරයක් බව තහවුරු වෙමින් තිබේ .මෙම ජන ඝාතක යුද්ධයේ ආරම්භය පිළිබදව පලස්තීනයට එරෙහිව චෝදනා කරමින් ගෙනයන මාධ්‍ය මෙහෙයෙුම විසින් අමතක කරවීමට ප්‍රයත්න දරනුයේ ගාසා තීරයේ ලොව විශාලතම එළිමහන් සිරකදවුර ලෙස පවත්වගෙන යමින් මෙබදු ප්‍රචණ්ඩ ක්‍රියා සියොන්වාදීීී විසින් නිරන්තරව සිදු කෙරෙමින් පවතින බවයි . මෙම ජන ඝාතක ආක්‍රමණය තරයේ හෙළා දකින අපි වහාම සටන් විරාමයකට එළඹෙන ලෙස ඊශ්‍රායල ආණ්ඩුවට බලකර කියා සිටිමු .

ඊශ්‍රායලයට සහන පිණිස ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමයට අයත් රටවල් එක්සත් රාජධානීය ආදී වශයෙන් වු කදවුරක් එක්සත් විමක් , පලස්තීනය වෙනුවෙන් ඉරානය ,සිරියාව ,ලෙබනනය ආදී රටවල් ගණනාවක් පෙළ ගැසීමත් සමග මෙම යුද්ධය මැදපෙරදිගට සීමා වු නොවී ලෝක බරිමාණ විනාශකාරී යුද්ධයක් දක්වා වර්ධනය විමේ ලකුණු දැනටමත් පෙනෙන්නට තිබේ . ඊශ්‍රායල පාපාලකයන් කියන නව මැදපෙරදිග සංකල්පය සම්බන්ධ වන්නේ මෙකී උපයාමාර්ගයටය .ගාසා තීරයේ යුද්ධය ලෝක සාමයට සහ මානව වර්ගයාගේ යහපැවැත්මට හානිකර ලෙස දකින අපි යුද්ධය වහා නතර කරන ලෙසට යළිත් අවධාරණය කරමු . එමෙන්ම මෙම යුද්ධය හුදු සියොන්වාදි ආකුමණයක් පමනක් පටු නොවන බවත් මෙය ලොව පුරාසම්පත් බහුල බිම් ,වැදගත් වෙළදපොල සහිත ප්‍රදේශ සහ භු දේශපාලන වශයෙන් වැදගත් ප්‍රදේශ අත්ලත් කර ගැනීමේ අධිරාජ්‍යවාදී උපායමාර්ගය සමග සම්බන්ධ බවත් වටහා ගන්නා අපි අධිරාජ්‍යවිරෝධී ජනතාවට එම සැළසුම පරාජය කිරීම සදහා එක්වන ලෙස අයාචනා කර සිටිමු .

මෙතෙක් පලස්තීන ජනතාවට ජිවත්වු බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන්ගේ බල උවමනාව මත පැහැර ගැනීමේ ඉතිහාසයක් , මැදපෙරදිග කළාපයේ සිය රූනඩ රාජ්‍්‍ පවත්වාගෙන යාමේ එක්සත් ජනපද උවමනාවන්ගේ වර්තමානයයත් අවබෝධ කරගෙන සිටින අප කවර හෝ විසදුමක් පදනම විය යුත්තේ නිදහස් පලස්තීන රාජ්‍යයක් පිළිගැනීම බව අවධාරණය කරමු . එනිසා පහත අත්සන් තබන අප සියලු දෙනා ගාසා තීරයට එල්ල වී ඇති මිලිටරි ආක්‍රමණය වහා නතර කරන ලෙසත් , ජන සංහාරක යුද්ධය වහා නවතන ලෙසත් , නිදහස් පලස්තීන රාජ්‍යය පිළිලන්නා ලෙසත්් ලොව පුරා ගෙන යන ආධිපත්‍ය ව්‍යාප්ත කිරීමේ එක කොටසක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් ගාසා තීරයේ කරන මැදිහත්විම් නතර කරන ලෙසත් බලකොට කියා සිටිමු .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *