පලස්තීනුවන්ට එරෙහි අධිරාජ්‍යවාදීන්‌ගේ පිටු බලය ඇතිව සියොන්වාදීන් ගෙන යන  යුද්ධය ධනවාදයේ නරුම බව හෙළි කරයි

ශාන්ත විජේසුරිය විසිනි

ඔක්තෝම්බර් 07 හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන්  අනතුරු ඊශ්‍රායල් ආණ්ඩුව අධිරාජ්‍යවාදීන්ගේ ද පිටු බලය ඇතිව පලස්තීන කම්කරු -පීඩිතයන්ට එරෙහිව සමුලඝාතනයක් ගෙන ගියේය .

 ඊශ්‍රායලය පලස්තීනුවන්ට එරෙහිව දියත් කළ වර්ග සංහාරක යුද්ධයට අනුමත කරමින් සහ ඊට සහාය ඵල කරමින් , ඇමරිකා එක්සත් ජනපදය මධ්‍යධරණි මුහුදේ යුද නැවක් නවතා තැබිණ . මෙය ඊශ්‍රායලය විසින් ගෙන යන සහාය ඵල කිරීමක් වගේම ඉරානය ප්‍රකෝප කර යුද්ධයට  පටලවා ගැනීම ඇමරිකාවේ උත්සහය විය.

මෙම නැගිටිම “හුදෙක් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයක් පමණක් නොව ඇමරිකාවට එරෙහි ප්‍රහාරයක් බවත් බෙජමින් නෙතනයානු  ඒය අවසන් කර දමන ලෙස සෘජුවම ඉල්ලා සිටි බව “ ජනාධිපතිවරණයට රිපබිලිකන් පක්ෂයේ මුලික නාමයෝජනා සදහා අපේක්ෂත්වය ලද එක්සත් ජනපද තානාපති නිකි හේලි මාධ්‍යයට පවසා ඇත.

මිනී මරණ සටන්විරාම

පසුව ලෝක පරිමානව ලක්ෂ සංඛ්‍යාත කම්කරු -පීඩිත ජනයා සමුලඝාතනයට එරෙහිව නැගී සිටිම හමුවේ කටාර් රාජය මැදිහත් වී දෙපාර්ශ්වයම දින හතරක සටන්  විරාමයකට එකග කරවා ගත්තේය . මේ වන විට සටන් විරාම ගිවිසුම දිග්ගැස්සී දෙපාර්ශ්වය අතර ප්‍රාණ ඇපකරුවන් සහ දේශපාලන සිරකරුවන් හුවමාරු කර ගනිමින් සිටි. සටන් විරාමය අතර තුර ඊශ්‍රායල හමුදා ගොඩබිම් මෙහෙයුම් වලදී පලස්තීනුවන් 1000 කට වැඩි පිරිසක් මරා දමා ඇතැයි පලස්තීනු බලධාරීහු පවසති .

හමාස් සටකාමීන් ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල සහ විදේශ ජාතිකයින් පලස්තීනයේ ගොඩනැගිලි මත රදවන බවට  තර්ජනය කරද්දීත් ඊශ්‍රායල ගුවන් හමුදා බෝම්බ හෙළණු ලැබිණ .ධනවාදය ඇතුලේ මිනිස් ජිවිත වලට තවදුරටත් වටිනාකමක් නැතැයි අගමැති බෙජමින් නෙතනයානු ඇතුළු අධිරාජ්‍යවාදීන් ඔිනෑවටත් ඔප්පු කර ඇත.  හමාස් සංවිධානය ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල මධ්‍යම පාන්තික හා කම්කරු – පීඩිත මහජනයා ගැන නෙතන්යානු ඇතුළු පාලක කල්ලීයට වගේ වගක් නැත .

ඊශ්‍රායල හමුදා ඊශ්‍රායලනුන් ඝාතනය කරයි

ඔක්තෝම්බර් 07 වෙනිදා දකුණු ඊශ්‍රාලයේ පැවැත් වු සුපර්නෝවා හෙවත් කාන්තාර සංගීත උළෙලට ප්‍රහාර එල්ල කර ඊට සහභාගි වුවන් මරා ඇත්තේ හමාස් සටකාමීන් නොව ඊශ්‍රායල හමුදා විසින් බවට ඊශ්‍රායල පොලිසීය මගින් සිදු කළ පරික්ෂණ වල දී සොයා ගෙන ඇතැයි එම රටේ ඵල වන Hauretz  පුවත්පත වාර්තා කර තිබුණි.

2001 වර්ෂයේ ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානය ඇතුළු ස්ථාන කීපයකට අල් කයිඩා සංවිධානය මගින් ප්‍රහාරයක් එල්ල කරන බව රුසියානු බුද්ධි අංශ සි.අයි ඒ. සංවිධානය දැනුවත් කර තිබියදීත් ඇමරිකන් කම්කරු -පිඩිත මහජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්නවා වෙනුවට එය  ඇෆ්ගනිස්ථානය සහ ඉරාකයට පහර දීම සදහා අවස්ථාවක් කර ගත්තේය .

 ලංකාවේ පාස්කු බෝම්බ ප්‍රහාරය මීට සමානය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන්  ක්‍රිස්තු භක්තිකයන් 400 කට පමණ පිරිසකට ජිවිතයෙන් වන්දි ගෙවන්නට සිදු  අතර තවත් පිරිසක් සදාකාලික අබ්බඝාතකයන් බවට පත් කළහ .

පුපුරණ ද්‍රව්‍ය ටොන් 7000 පලස්තීනුවන් මත පතිත කරලා

පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලය දින 50 කට ආසන්න කාලයක් අඛන්ඩ යුද්ධයක් ගෙන ගොස් ඇත. එම කාලය ඇතුළත ගුවන් ප්‍රහාර මගින් පමණක් පුපුරණ ද්‍රව්‍ය ටොන් 7000 ක් පමණ පලස්තීනුවන් මත  පතිත කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි . මෙය ඇමරිකාව දෙවන ලෝක යුද්ධයෙදී ජපානයේ හිරෝෂීමා නාගසාකි වලට අත්හරින ලද පරමානු බෝම්බය සදහා පාවිච්චි කරන ලද පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය මෙන් තුන් ගුණයක් බව ද මාධ්‍ය සදහන් කරයි .ගුවන් ප්‍රහාර වලින් සහ වෙඩි තැබිම් මගින් ඊශ්‍රායල හමුදා පලස්තීනුවන් 22,000 ක පමණ පිරිසක් මරා දමා 50 ,000 කට ආසන්න පිරිසකට තුවාල සිදු කර ඇත. ඊශ්‍රායලයට ඹක්තෝම්බර් 07 සිට එල්ල කර ගුවන් ප්‍රහාර වලින් නිවාස 15000 කුත් ගොඩනැගිලි 5000කුත් පාසැල් 218 කුත් විනාශ කර  තිබේ .

බුරෙයිජ්,නුසෙයිරාට් සහ ජබාලියා සරණාගත කදවුරු වලට එල්ල වු ගුවන් ප්‍රහාර වලින් විශාල සංඛ්‍යාවක් මිය ගොස් ඇත. මෙම කාලය ඇතුළත මාධ්‍යවේදීන් 77 ක් පමණ ඝාතනය කර ඇත. නෙමේරූ දරුවන් ඇතුළු ළමුන් 10000 පමණ මරා දමා ඇත.

නෙතනයානු එජසට අවමන් කරයි 

ඊශ්‍රායලය පලස්තීනුවන්ට එරෙහිව යුද්ධය ආරම්භ කර දින කිපයක් ඇතුළත ජලය . විදුලිය කපාහැර ඖෂධ සහ ආහාර සැපයිම් නතර කරන ලදී . පලස්තීනුවන් මත උඩින් ගුවන් ප්‍රහාර එල්ල කරන අතරවාරේ ජලය සහ ආහාර සහ ඹෟෂධ වළක්වා ඔවුන් මරා දැමීමට ඊශ්‍රායල කටයුතු කළේය . එපමණක් නොව  මහ ජනයා විශාල වශයෙන් රැදී සිටි ,රෝහල් , පාසැල් ,විශ්ව විද්‍යාල සහ ආගමික ස්ථාන වලට බෝම්බ හෙළන ලද්දේ ජාත්‍යන්තර යුද නීති  නොතකා හරිමින්ය . නෙතන්යානුගේ එම මිලේච්ඡ ක්‍රියාවන් එක්සත් ජනපද ජනාධිපති ජෝ. බයිඩන් ඇතුළු අධිරාජ්‍යවාදීහු ආරක්ෂා කළහ .

ඊජිප්තු රෝහලට එල්ල කළ බෝම්ම ප්‍රහාරයේ බිහිසුණු කම විසිතර කරමින් බෝම්බ හෙළිම යුද අපරාධයක් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය හිතාමතා කර ලද අපහාසයක් බව පලස්තීන සරණාගතයන් සදහා එක්සත් ජාතීන්ගේ  එජන්සීයේ ප්‍රධානී Pilippe Azzarinl  එහි බිහිසුණු රූප විස්තර කරමින් මාධ්‍යයට පවසා ඇත.

ජෝ බයිඩන් යුද අපරාධකරුවෙක්

අල් අස් බාර්  ආරාබි රෝහලට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් 500 ක පමණ පිරිසක්  මිය ගියහ . එම ප්‍රහාරය ඊශ්‍රායල හමුදා මගින් එල්ල කළ ප්‍රහාරයක් නොව  හමාස් සටන්කාමීන් විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරයක් බව බයිඩන්  විදේශ මාධ්‍යයට පවසා තිබුණි.

ඔක්තෝම්බර් (07) හමාස් විමුක්තිකාමීන් විසින් ඊශ්‍රායලයට ඇතුල් වී ගසා තීරය වට කොටගෙන සිටින ඊශ්‍රායල හමුදාව ඉලක්ක කර රොකට් ප්‍රහාර මාලාවක් මුදා හැරියහ. මෙහි දී රොකට් 5000 ක් පමණ මුදා හැර ඇති අතර එහි දී ඊශ්‍රායල වැසියන් 1200 ය දෙනෙක් මිය ගොස් 300 ක පමණ පිරිසක් තුවාල ලබා ඇත. මරා දැමුවන් අතර හමුදා සෙබළුන් 400  ක්  සිටින බව විදේශ මාධ්‍යය වාර්තා කර තිබුණි.

හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයේ දකුණ ප්‍රදේශයට ඇතුල් වී ප්‍රහාර එල්ල කර පිටව යද්දී , විදේශීකයන් ද ඇතුළු ඊශ්‍රායල් ජාතිකයින්  240 ක පමණ පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන ඇත. එම ප්‍රාණ ඇපකරුවන් අතරින් ඇමරිකන් ජාතික මව සහ දුව මානුෂික හේතුන් මත හමාස් සංවිධානය මගින් පසුව නිදහස් කෙරිණ . ඉන් පසු ඊශ්‍රායල් ජාතික මවක් සහ දුවක් ද  නිදහස් කළේය .

හමාස් සටන්කාමීන් ඊශ්‍රායල ආරක්ෂණ අංශ වල කනේ රිංගයි

අති නවීන යුද තාක්ෂණයෙන් හා යුද මෙවලම් වලින් සන්නද්ධ , ලෝකයේ අංක එකේ බුද්ධී සේවාවක් වන මොසාඩි වැනි සංවිධානයක් ඊශ්‍රායලය සතුව තිබියදීත් ලෝක බලවතුන්ගේ ආරක්ෂකය , ලෝක රණශුරයා මෙන්ම කළ නොහැක්කක් නැතැයි  සහ ඊශ්‍රාලයට යටින් හෝ උඩින් අවසරයකින් තොරව  ඇතුල් විය නෙහැකි යැයි  සිතා සිටි ඊශ්‍රායලය ලෝකය ඉදිරියේ ලැජ්ජාවට පත් කිරීම නිසා හමාස් සටන්කාමීන් සමග නෙතන්යානුන්ට සහ සියොන්වාදීන්ට ඇත්තේ බද්ධ වෛරයකි . මෙම ප්‍රහාරය මේ තරම් තිව්‍ර වීමට එය ද  බලපා ඇත.

හමාස් සටන් වදින්නේ මිලේච්ජයන්ට එරෙහිව

ඔක්තෝම්බර් (07) ප්‍රහාරය සියවසකට ආසන්න කාලයක්  ඊශ්‍රායලයේ ප්‍රචණ්ඩත්වය , මිලේච්ජත්ය , ඇදාගැනීමි වලට සහ යටත් කර තබා ගැනීමට  එරෙහිව පලස්තීන ජනතාවගේ දැනුවත් භාවය මත සිදු වු නැගිටිමකි.

පලස්තීන මහජනයා ජිවත් වන” ගාසා තීරය  එළිමහන් සිරකදවුරක්” බව හියුමන් රයිට් වොච් සංවිධානය පවසයි .

ධනපති සංස්ථාපිතයේම සංවිධානයක් වන හියුමන් රයිටි වොච් සංවිධානය ගාසා තීරය එළිමහන් සිරකදවුරක් යැයි කියද්දී ,එම සිරකදවුරෙන් නිදහස් විම සදහා පලස්තීන ජනයා ඊශ්‍රායලයට එරෙහිව සිදු කරන නැගිටීම ත්‍රස්තවදී මෙන්ම  අන්තවාදී ක්‍රියාවක් වශයෙන් මධ්‍යම පාන්තිකයන් මෙන්ම ව්‍යාජ වම්මු වාමාරති .

අධිරාජ්‍යවාදය පරාජය කළ නොහැකි යැයි සහ ඔවුන්ගේ යුද තක්ෂණය සමග සටන් කළ නොහැකි යැයි කියන මධ්‍යම පාන්තික නිවටයන්ට සහ බියගුල්ලන්ට හමාස් සංවිධානය  කනේ පහරක් එල්ල කර ඇත. හමාස් සංවිධානය යනු කුඩා බිම් කඩකට සීමා වු ජාතිකවාදී ව්‍යාපාරයකි .හමාස් වැනි සංවිධානයක් අධිරාජ්‍යවාදී පිටුබලය සහිත ඊශ්‍රායලයට අභියෝග කළ හැකි වුයේ නම් , කම්කරු පන්ති ඉදිරිදර්ශයනයක් මත බලමුළු ගැන්වුණු ලෝක පරිමාන කම්කරු පන්තියට එය අවසාන වසයෙන් ජය ගත හැකිය යන්න ඔප්පු කර පෙන්විය.

ලෝක පරිමාන කම්කරු -පීඩිත මහජනයා හමුවේ ඇති ප්‍රශ්නය අධිරාජ්‍යවාදීන්ගේ නවීන යුද ශක්තිය හෝ ධනපති හමුදාවේ විශාලත්වය  පිළිබද අර්බුදයක් නොව ලෝක පරිමාන නිර්ධන පන්ති නායකත්වය පිළිබද  අර්බුදයකි .

අධිරාජ්‍යවාදීන් සතුව ඇති  නවීන යුද තාක්ෂණයසහ  විශාල සන්නා සන්නද්ධ හමුදාව නිසා ධනපති ක්‍රමය පෙරළො දැමීය නොහැකි යැයි කියන ව්‍යාජ වාම සංවිධාන ධනපති ක්‍රමය විස්ථාපනය කළ හැකි එකම මාවත පාර්ලිමේන්තු  ක්‍රමය යැයි කම්කරු – පීඩිත මහජනයා නොමග යවයි . 

ජවිපෙ සහ පාර්ලිමේන්තුව

ලංකාව ඇතුළේ සුළු ධනේශ්වර රැඩිකල් සංවිධානයක් ලෙස පැනගැගී ධනපති පක්ෂයක් ලෙස ලොකු මහත් වු ජනතා විමුක්ති පෙරමුණ තොරෝම්බල් කරන්නේ කම්කරු -පීඩිත මහජනයාට ඔවුන්ගේ ප්‍රශ්න විසදා ගැනීමට ඇති එකම මාවත ධනපති පාර්ලිමේන්තු ක්‍රමයයි .

හමාස් විමුක්තිකාමීන් ඊශ්‍රායලයට නොසිතු විරු මොහොතක එල්ල කළ ප්‍රහාරය හමුවේ ව්‍යාකුල ව්‍යාජ වම්මු මෙම කදවුරු දෙකෙන් සිට ගන්නේ මොන කදවුරේ ද යන උගතෝකොටිකයට මුහුණ පෑහ. මෙය ලෝක  පරිමාන ව්‍යාජ වාම ව්‍යාපාරය සම්බන්ධ පැවති ලිට්මස් පරික්ෂණයක් බදු විය .පෙරටුගාමී සමාජවාදී පක්ෂය දෙපාර්ශ්වයේම ඝාතන හෙළා දකිමින් හමාස් අන්තවාදය පරාජය කරමු යැයි සටන් පාඨයක් ඉදිරිපත් කළේය . පසු කම්කරු -පීඩිතයින්ගේ බලපෑම් හමුවේ හමාස් අන්තවාදය නැමති සටන් පාඨය පෙරටුගාමීන් ඉවත් කර ගත්තේය .

පීඩිතයා  නැගී සිටිම සදහා  භාවිතා කරන ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තය ස්වාභාවිකය.  පීඩිකයාගේ ප්‍රචණ්ඩත්වය හෝ ත්‍රස්තය පීඩිතයාගේ ප්‍රචණ්ඩත්වය හෝ ත්‍රස්තය සමග  මොනම විදියකටත් සමාන කළ නොහැකිය .

හමාස් සංවිධානය ඔක්තෝම්බර් 07 වෙනිදා ඊශ්‍රායලයට එරෙහිව පිට කරන ලද උණ්ඩය දෙස  පමණක් බලා එහි හරි වැරැද්ද තින්දු කිරීමට යෑමෙන් බංකොළොත් මධ්‍යම පාන්තිකයන්ගේ මෙන්ම ව්‍යාජ වම්මුන්ගේ පන්ති ආස්ථානය එළියට කාන්දු විය .

“සහසිකමෙන් සහ ප්‍රචණ්ඩත්වයෙන් වහලෙකුට විලංගු දමන වහල් හිමිකරුවෙක්  සහසිකමෙන් සහ ප්‍රචණ්ඩත්වයෙන් දම්වැල් කඩන වහලෙක් පිළිකුල් සහගත නපුංසකයන් සදාචාර අධිකරණයක් ඉදිරියේ තමන් සමාන යැයි අපට නොකියනු ඇතැයි” ලියොන් ට්‍රොට්ස්කි සදහන් කර ඇත. (උන්ගේ සදාචාරය සහ අපේ සදාචාරය -ලියොන් ට්‍රොට්ස්කි)

රුසියාව යුක්‍ක්‍රෙනය ආක්‍රමණය කළ අවස්ථාවේ ඇමරිකාව ප්‍රමුඛ නේටෝ අධිරාජ්‍යවාදී බල හවුල යුක්‍ක්‍රෙනය වෙනුවෙන් පෙනි සිටියේය . නමුත් ඊශ්‍රායලය පලස්තීනයට එරෙහිව බෝම්බ ටොන් ගණනන් පතිත කර දහස් ගණනන් මරා දමදිදී , ඇමරිකාව ප්‍රමුඛ නේටොව සම්පුර්ණ පිටුබලය සපයන්නේ ඊශ්‍රායලයටය . යක්‍ක්‍රෙනයේ ස්වයං තිරණ අයිතිය වෙනුවෙන් පෙනී සිටින ඇමරිකාව ප්‍රමුඛ නේටොව පලස්තීනයෙදී ඊශ්‍රායලයව පලස්තීන කම්කරු -පීඩිතයින් සමුල ඝාතනය සදහා  රුකුල් දෙයි . මෙහි දී ඇමරිකාව ඇතුළු නේටො අධිරාජ්‍යවාදීන්ගේ දෙබිඩි පිළිවෙත එළියට කාන්දු වුවා පමණක් නොව ඊශ්‍රායලය පිහිටු වන්නේම මැද පෙරදිග කලාපයේ අධිරාජ්‍යවාදීන්ගේ  භු දේශපාලන සහ ආර්ථික අවශ්‍යතා සදහා යන්න ජෝ බයිඩන් හෙළි කළේය . ඊශ්‍රායලයක් නොතිබුණා නම්  අපි ඊශ්‍රායලයක්  හදනවාය යන්න එක්සත් ජනපද ජනාධිපති බයිඩන් මාධ්‍යයට ප්‍රකාශ කළේය .

 ඊශ්‍රායලයේ සහසික සහ ප්‍රඡන්ඩත්වයේ ඉතිහාසය

1917 බැල්ෆෝ (Balfour ) ප්‍රකාශනයෙන් බ්‍ර්තාන්‍යය ආණ්ඩුව පලස්තීනයේ යුදෙව් ජනතාව  සදහා රටක් පිහිටුවිම එකපාර්ශ්වීය ඉල්ලා සිටියේය . බ්‍ර්තාන්‍යය එම යෝජනාව කරන අවස්ථාවේ පලස්තීනයේ යුදෙව් ජාතිකයන් සිට ඇත්තේ 15% වඩා අඩු ප්‍රමාණයකි.

දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ඔටෝමාන් අධිරාජ්‍ය බිදවැටිණ . පසුව  සයිකස් – ගිවිසුමට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලතල වලට අනුව පලස්තීනය බ්‍ර්තාන්‍යයේ යටත් විජිතයක් බවට පත් කෙරිණ . 1947 එක්සත් ජාතීන්ගේ ජනවරමෙන් පලස්තීනයේ ඉතිරි භුමීය තුළ ද්වි රාජ්‍ය සදහා බෙදීමේ සැළැස්මක් සම්මත කරන ලදී. එම සැළැස්මට අනුව පලස්තීන භුමීයෙන් ඊශ්‍රායලයට 44% කුත් පලසතීනුවන්ය 56%  කුත් වශයෙන් බෙදා වෙන්කර දෙන ලදී . යුදෙව් නායකත්වය විසින් එම සැළැස්ම පිළිගනු ලැබුව ද ආරාබි නායකත්වය විසින් ප්‍රතික්ෂේප කළහ . බ්‍ර්තාන්‍යය  පලස්තීනයෙන් ඉවත්ව යන ආසන්නයේ ඩේවිඩි බෙන් ගුරියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ඊශ්‍රායලයේ යුදෙව් ඒජන්සීය යෝජිත එක්සත් ජාතීන්ගේ සැළැස්ම අනුව ඊශ්‍රායල රාජ්‍ය පිහිටුවිම ප්‍රකාශ කළේය .

මෙම බෙදිමත් සමග පලස්තීනුවන් ලක්ෂ 07 ක් පමණ පිරිසක් පලා ගිය අතර පලස්තීනුවන් ඔවුන්ගේ නිවෙස් වලින් බලහත්කාරයෙන් ඉවත් කිරීමට සියෝන්වාදීන් බලය යෙදවුහ . මෙය  “අල් නක්බා හෙවත් මහ විපත” ලෙස හැදින්වේ. පලස්තීනුවන් නැවත එම වැළැක්වීම සදහා සියෝන්වාදීන් ඔවුන්ගේ ළිං වලට වස මුසු කර ඇත.

පලස්තීනුවන්ට ඒරෙහිව මෙම ඝාතනයන් හා පලවා හැරීම් දිගටම 1956 දක්වා ක්‍රියාත්මක වු අතර එම කාලය තුළ  පලස්තීනුවන් 5000 කට වැඩි ප්‍රමාණයක් ඝාතනය වු බව වාර්තා වන අතර 1949 -50 දක්වා පලස්තීනුවන් 50.000 ප්‍රමාණයක් පළවා හරින ලදී .

ඊශ්‍රායලය සහ පලස්තීනුවන්  අතර 1967  ඇති වු සය දින යුද්ධයෙදී ඊශ්‍රායල හමුදා විසින් ඊජිපිතුවේ සීනායි අර්ධ ද්විපයත් නැගෙනහිර ජෙරුසලමත්  බටහිර ඉවුරත් සිරියානු ගෝලාන් කදුකරයත් අත්පත් ගැණුනු අතර පලස්තීන ගම්මාන ඩොසර් කර  දැමීමේ ප්‍රතිඵලයක් ලෙස 300000ක පමණ පිරිසක් සරණාගතයන්  බවට පත් වුහ .

මෙසේ පලවා හරින ලද පලස්තීනුවන් ජෝර්දාන  සිරියාව , ලෙබනනය  සහ ගසා තීරයේ සරණාගත කදවුර 68 ක  මිලියන 5.6 ක ජනතාවක්  ඉතා කටුක කොන්දේසී යටතේ ජිවත් වුහ .

ලෙබනන යුද්ධය සහ නව ඊශ්‍රායල ජනවාස ඉදිකිරීමත් බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා විසින් මර්දනය තිව්‍ර කිරීමත් පලස්තීන මහජනයාගේ කලකිරීම් වර්ධනය විමත් පලස්තීනුවන් ඊශ්‍රායල පීඩනය ඒරෙහිව 1987 පලමු  “ඉන්ටීෆාඩා “ නැගිටීම සිදු විණ .  1987 සිට 1990 දක්වා ඉන්ටීෆාඩා කැරැල්ල පැවති අතර එම කාලය තුළ පලස්තීනුවන්  21.000 ක් මරා දමන ලදි .එක්සත් ජාතීන්ගේ සහ අනෙකුත් ජාතීන්ගේ සාහය ඇතුව ඊශ්‍රායලය සහ පලස්තීන නායකයින් ගැටුම සාමකාමී ලෙස අවසන් කිරීම සදහා සාකච්ජා ආරම්භ කළහ .

1991 එක්සත් ජනපදය ,සෝවියට් සංගමය , ඊශ්‍රායලය ,ඊජිප්පතුව ,සිරියාව , ලෙබනනය සහ ජෝර්දානය යන රටවල නියෝජිතයින් මෙන්ම පි.එල්.ඔ නොවන නියෝජිතයින්ගෙන් මැඩ්රිඩ්හිදි සාම සාකච්ජා ආරම්භ කළහ .

1993 ඔස්ලෝ ගිවිසුම අත්සන් කරන ලදී .එම ගිවිසුම මගින්  පලස්තීනුවන්ට ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ ස්වයං පාලනයක් ලබා දුන් අතර එහි රාජය බලය පලස්තීන අධිකාරීයට පැවරිණි .එම ගිවිසුමට අනුව ඊශ්‍රායලය පලස්තීනයෙන් හමුදා ඉවත් කර ගැනීමට එකග වු අතර ඊට ප්‍රතිචාර වශයෙන් පි.එල් .ඔ. සංවිධානය ඊශ්‍රායල රාජය සහ එහි ජනතාවට සාමයෙන් ජිවත් විමට ඇති අයිතිය පිළිගත්තේය .

2000  වර්ෂයේ දෙවන ඉන්ටීෆාඩා ආරම්භ වු අතර එය 2003 දක්වා  දිග්ගැස්ණි . 1900 ගණන් වල සිට ඊශ්‍රායල සහ පලස්තීනය අතර පැවති සාම සාකච්ජා වල අවසානය  සනිටුහන් කරමින් දෙවන ඉන්ටීෆාඩා නැගිටිම ඇති විය. දෙවන ඉන්ටීෆාඩාව ඇති වන්නේ දක්ෂීණාංශීක ඊශ්‍රායලය ලිකුඩ් පක්ෂයේ ඒරියල් ෂැරෝන් මුස්ලිම්වරුන්ගේ ගේ ශුද්ධ භුමීයක් වන ජෙරූසලමේ අල් අක්ෂා පල්ලියට මෙන්ම පන්සල් කන්දට යුදෙව්වන් යැවිමත් සමගය . 2003 සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ අතර දෙවන ඉන්ටීෆාඩාවෙන් පලස්තීනුවන් 4300 ක පමණ පිරිසක් ඊශ්‍රායල හමුදා මරා දැමු අතර බිලියන ගණනක දේපල වලට හානි සිදු විය .

හමාස් සංවිධානය 2006 මැතිවරණයෙන් 44% ක බහුතරයක් දිනා ගත්තේය .

ෆාටා – හමාස් භේදය(2007)

හමාස් සහ ෆාටා සංවිධානය අතර බලය පදනම් කරගෙන සිවිල් යුද්ධයක් හට ගැනිණි. එම යුද්ධයෙන් හමාස් සංවිධානය ජයග්‍රහණය කරන අතර ගාසා තීරයෙන් සම්පුර්ණ බලය හමාස් සංවිධානය නතු කර ගත්තේය .

හමාස් සංවිධානය ගාසාවේ බලය හිමි කර ගැනීමත් සමග ඊශ්‍රායලය ගාසා තීරයට නාවික අවහිරයන් පැන වු අතර ඊජිපිතුව ද ඊට සහයෝගය දැක්විය .

2011 දී පලස්තීන අධිකාරීය පුර්ණ(පි.එල්.ඔ.) ස්වෛරීත් රාජ්‍යයක් ලෙස එක්සත් ජාතීන්ගේ සමාජිකත්වය ලබා ගැනීමට ගත් උත්සහය අසාර්ථක විය .

2012 නොවැම්බර් එක්සත් ජාතීන්ගෙ සංවිධාකයේ හි පලස්තීනය නියෝජනය සමාජික නොවන නිරික්ෂක රාජ්‍යයක් ලෙස උසස් කරන ලද අතර එහි මෙවර මාතෘකාව පලස්තීනය(පි.එල් .ඔ් නියෝජනය කරන ලද)) සිට පලස්තීන රාජ්‍යය දක්වා වෙනස් කර ඇත.

2014 ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද්ධයක් ආරම්භ වු අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායල ජාතිකයන් 70 ක් මිය ගොස් පලස්තිනුවන් 2000 කට අධික සංඛයාව මිය ගියහ .

2022 නොවැම්බරයේ බෙන්ජමින් නෙතනයානුගේ නායකත්වයෙන් යුත් සභා රාජ්‍යයක් පිහිටුවා ගැනිණ.එම සභාගයට අන්තදක්ෂීණාංශීකයින් ඇතුළත් වුහ .

2023 ජනවාරි ජෙනිස් ආක්‍රමණයත් සමග හමාස් සහ ඊශ්‍රායලය අතර ප්‍රචණ්ඩත්වය  වර්ධනය විය .2023 නෙව් යාකොව්ට වෙඩි තැබිමත් එම වර්ෂයේම අල් අක්ෂා පල්ලියට යන මුස්ලිම්වරු අවහිර කිරිමත් මැයි මාසයේ ඇති වු ගැටුමුත් ඔක්තෝම්බර් 07 හමාස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයේ ‌පීඩනයට ආධ්‍රළ ‌ඉතිහාසය වෙයි . මෙම ඉතිහාසය ලෝක පරිමාන කම්කරු පීඩිත මහජනයාගෙන් වසන් කර තැබීමට ධනපති මාධ්‍ය දැනුවත් ක්‍රියා කරයි .

හමාස් සංවිධානය මිලේච්ජ ත්‍රස්තවාදී සංවිධානයක් යැයි ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු අධිරාජ්‍යවාදීන්, සියොන්වාදීන් මෙන්ම මධ්‍යම පාන්තිකයින් වාචාලයන් නන් දොඩවති. .හමාස් සංවිධානය එම තත්වයට ඇද දැමීමේ සම්පුර්ණ වගකිම ගත යුත්තේ අධිරාජ්‍යවාදීන් ප්‍රමුඛ සියොන්වාදීන්ය .

අධිරාජ්‍යවාදීන් ලෝක පරිමානව මුස්ලිම්වරු පෘථීවියෙන් අතුගා දැමිමේ සංහාරක යුද්ධය තිව්‍ර කිරීමක් ලෙස පලස්තීනයට එරෙහිව යුද්ධය ඉස්මත්තට පැමිණ ඇත. ඇඩෝල්ෆ් හිට්ලර් යුදෙව් ජාතිකයන්ට එරෙහිව 1930 ගණන් වල ගෙන ගිය වර්ග සංහාරක යුද්ධයක් ගෙන ගියේය . මුස්ලිම් ජනතාවට එරෙහිව වර්තමානයේ අධිරාජ්‍යවාදීන් ගෙන යන වර්ග සංහාරක යුද්ධයේ හිටිලර්ගේ භුමීකාව රග දක්වන්නේ නෙතන්යානුය . අධිරාජ්‍යවාදී  උසිගැන්විම් මත සියොන්වාදීන් පලස්තීනයට එරෙහිව ගෙන යන යුද්ධය, ධනවාදි මිලේච්ජත්වය මෙතෙක් නොවු විරු අයුරින් පිටාර ගලා  යෑමකි .

ජර්මනියේ , බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ කම්කරු- පීඩිත මහජනයා පලස්තීන එරෙහිව ගෙන යන යුද්ධටය විරෝධය පා පැවැත් වු විරෝධතා වල පලස්තීන කොඩිය ප්‍රදර්ශනය කළා යැයි එම ආණ්ඩු වලින් ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලදී .  ධනපති ප්‍රජාතන්ත්‍රවාදය යනු  තවදුරටත් මිරිගුවක් බව තහවුරු වී ඇත.

ඊශ්‍රායල සහ පලස්තීන කම්කරු -පීඩිතයන්ට ඇති එකම මාවත

1947 දී එක්සත් ජාතීන්ගේ සංවිධානගේ සහය ඇතිව බ්‍ර්තාන්‍යය පලස්තීනුවන්ගේ විරෝධතා මැද පලස්තීනය තුළ ඊශ්‍රායලයක් පිහිටු විණ. මෙය ද්විත්ව රාජය ලෙස හැදින් විය . මෙම ද්විත්ව රාජය නැවත ස්ථාපිත කරන්නැයි ව්‍යාජ වම්මු මෙන්ම මාධ්‍යම පාන්තික නඩ අධීරාජ්‍යවාදීන්ගෙන් ඉල්ලති . මෙම ද්විත්ව රාජය පිහිටුවා වසර 70 කට වැඩි කාලයක් ගෙවි ඇත. නමුත් මේවන තෙක් යුද්ධය වැඩි දියුණු කළා මිස යුද්‍ධය නතර කිරීමට එම ද්විත්ව රාජය  සමත් වී නැත.  ව්‍යාජ වම්මු ද්විත්ව රාජය නැවත ස්ථාපිත කරන්නැයි ඉල්ලන්නේ කම්කරු -පීඩිත ජනයා  ධනපති ක්‍රමය පෙරළා දැමීමේ මාවතකට අවතිරණ වෙතැයි බියෙනි.

හමාස් සංවිධානය ඇතුළු පලස්තීන සුළු ධනේශ්වර බුද්ධිමතුන් සහ ඊට සහාය ඵල කරන ලෝක පරිමාන මධ්‍යම පාන්තික නඩ යෝජනා කරන්නේ පලස්තීනයට වෙනම ධනපති රාජයක් අටවාගත යුතු බවයි.

පලස්තීන කම්කරු -පීඩිත මහජනයාගේ ප්‍රශ්නයමත් ධනපති ක්‍රමයේ අසාර්ථක බව කියාපාන අතර නැවතත් ධනපති ක්‍රමය තුළ විසදුම් සෙවිම  එළුවගේ දෙපරන්ද අස්සෙන් මොකක් ද වැටෙනකන් යන්නාක් වැනිය .

මෙම යුද්ධය ඊශ්‍රායලය ජයග්‍රහනය කළහොත් පලස්තීනුවන්ට ද්විත්ව රාජය නොව වහලුන් වීමට නියමිතය .සියොන්වාදි තන්ත්‍රය තවදුරට ද්විත්ව රාජ්‍යයක් අවශ්‍ය නැත යන ස්ථාවරයේ සිට අදහස් දැක්වීමට පටන් ගෙන ඇත.

අපි යෝජනා කරන්නේ ඊශ්‍රායලයේ නෙතයානුලාගේ දඩුඅඩුව හසු වී සිටින කම්කරු -පීඩිතයින් සහ පලස්තීන කම්කරු -පිඩිතයින් ධනවාදයට එරෙහිව සමාජවාදී පලස්තීයක් වෙනුවෙන් සටන් වැදිමේ මාවත හැරෙන්න වෙනත් මාවතක් ඇත්තේ නැත. ඒ වගේම ඊශ්‍රායල කම්කරු පන්තිය අධිරාජ්‍යවාදීන්ගේ සහයෝගය ඇතිව පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායල පාලක පන්තිය ගෙන යුද්ධය නතර කිරිම සදහා සටන් වැදිමෙන් මෙපිට තමන්ගේ  විමුක්තිය අත්පත් කරගත නොහැකි බවයි .

පලස්තීන දරුවන් 10.000 පමණ ඊශ්‍රායල හමුදා විසින් මරා දමා තිබියදීත් දේවියන් වහන්සේ දරුවෝ දෙපැත්තෙන්ම මිනී මරණවයා යැයි කියා සියොන්විදීන් ඇතුළු අධිරාජ්‍යවාදීන්ගේ සැහැසිකම් වලට උඩලෙඩි දෙති . ආගම්වාදීන්ගේ , මධ්‍යයම පාන්තික කුහක සදාචාරවාදීන්ගේ සහ ඊනියා මානවහිතවාදීන්ගේ ඊශ්‍රායලය ආැඩිමත් සමග ඔවුන්ගේ ව්‍යාජ බව හෙළි විය.

සියොන්වාදීන් ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන්ගේ  සහාය ඇතිව පලස්තීනුවන්ට එරෙහිව ගෙනයන යුද්ධයෙදි අපි කොන්දේසී  විරහිතව පලස්තීනුවන් සමග සිටගන්නෙමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *