ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී රංගන දිවියෙන් සමු ගනී

ප්‍රවීණ රංග ශිල්පී ජැක්සන් ඇන්තනීගේ නිසල දේහය මහජන ගෞවරයසදහා ඊයේ (09) රාත්‍රීයේ කොළඹ බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කළේය .

ඇන්නීගේ දේහය අද (10) පෙරවරු 9යේ සිට රාත්‍රී 10 දක්වා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ මහජන ගෞරවය සදහා තැන්පත් කර ඇති අතර 11වෙනිදා පෙරවරුවේ කඩවත රාගම නිවසට ගෙන යනු ලැබේ . ඹක්තෝම්බර් 12 වෙනිදා රාගම ශුද්ධවු පේදුරු සහ පාවුළු දේවස්ථානයේදි අවසන්දු කටයුතු සිදු කෙරේ.

කලා ක්ෂත්‍රයේ විවිධ හැකියාවන් පෙන්නුම් කළ සම්මානයට පාත්‍ර වු ප්‍රවීණ රංග ශිල්පී ඇන්තනී ඊයේ (09) පෙරවරුවේ දිවියෙන් සමුගත්තේය .

2022 ජුලි 02 වනදා ‌ආචාර්ය සෝමරත්න දිසානානයකගේ සිංහබාහු චිත්‍රපටයේ රූගත කිරීම් වලට සහභාගි වී ආපසු එමින් සිටියදී අනුරාධපුර තලාව ප්‍රදේශයෙදී ඔහු ගමන් කළ කැබ්රථයේ අලියෙකු ගැටිමෙන් සිදු වු අනතුරෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කරන ලදී .

1958 ජුලි 08 වැනිදා රාගමදී උපත ලබා ඇති ඇන්තනී මිය යන විට 65 වන වියේ පසු විය .

මරාසාද් ,මධුර ජවනිකා, ලෝමහංස ධවල භිෂණ, අත් මෝරා තාරවෝ ඉගිලෙති, ඔත්තුකාරයෝ, මෙතැනින් මාරුවෙනු, යන වෙිදිකා නාට්‍ය වලද ඇල්ල ළග වලව්ව පළිඟු මැණිකේ, සුසිමා වෙද හාමිනේ, අකාල සන්ධ්‍යා , දඬුබස්නාමානය, පිටගම්කාරයෝ, අප්පච්ච් සහ කඩුල්ල යන ටෙලි නාට්‍ය තුළින් මෙන්ම විජය ධර්ම ශ්‍රි ගේ ගුරු ගෙදර චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි මෙම රංගන ශිල්පීයා ලොකු දුව , බව දුක, බවකර්ම විසිදැල ගිනි අවි සහ ගිනි කෙළි ,ගරිල්ලා මාකටින් රන්දිය දහඩිය, සූරිය අරණ ප්‍රවේගය, මහරජු ගැමුණු , ඇඩ්රස් නෑ, ධර්ම යුද්ධය ,අයෝමා, අග්නි දාහය, අස්වැසුම,මිල්ලේ සොයා, කුරුළු පිහාටු ,උදුම්බරා, ඝරසරප, ආදි චිත්‍රපට රැසක රංගනය තුළින් සිය රංගන ප්‍රතිභාව පෙන්නුම් කළේය .

හපුගොඩ කනිෂ්ඨ ,බණ්ඩාරවෙල ශාන්ත මරියා ගලහිටියාගොඩ මහා විද්‍යාලය යන පාසල වල ආදී ශිෂ්‍යයෙකු වන ඇන්තනී පසුව කොළඹ සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වලින් ශාස්ත්‍ර වෙිදි සහ ශාස්ත්‍රපති උපාධි ලැබු අයෙකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *