පාර්ලිමේන්තුවේ රාජපක්ෂලා ගේ අවසාන පුරුකත් ගලවනවා

විසිදෙවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පනත සම්මත කිරිම හරහා රාජපක්ෂ පුරුකක් වන පාරර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ ගලවා දැමිමට හැකි වු බවත් පාර්ලිමේන්තුවේ සිටින අවසාන පුරුක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද ගලවා දමන බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ආසන සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවැසීය .

විසිදෙවැනි ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම පනත සම්මත කිරිම හරහා ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට තේරි පත්විම තිබු අවස්ථාව අහෝසී කිරිමත් ජනාධිපති ගේ බලතල කොමිසම් සභා වලට පැවරීම මගින් ජනපති ගේ බලතල යම් ප්‍රමානයකට කප්පාදු කිරීමට හැකි වු බවත් රහුමාන් පෙන්වා දුන්නනේය

1994 සිට 2005 දක්වා චන්ද්‍රිකා කුමාරතුංග කාලයෙත් 2005 සිට 2015 දක්වා මහින්ද රාජපක්ෂ කාලයෙත් 2015 සිට 2019 දක්වා අපේ යහපාලන ආණ්ඩු කාලයෙත් මැද කොළඹ ජනතාවට ලැබුණේ කුඩම්මාගේ සැළකිලි බව කි රහුමාන් 2015යේ රනිල් වික්‍රසිංහව මැද කොළඹ ජනතාව වැඩි ඡන්දයෙන් දිනව්ව ද ඔහු වැඩ කළේ සාගල රත්නායකලාට සහ අකිල විරාජ්ලාට බව පැවසීය .

රහුමාන් එසේ පැවැසුවේ අද (22) සවස මාලිගාවත්ත පෙදෙසයේ පැවති මැද කොළඹ ආසන බලමණ්ඩලයට අමතමිනි.

විසිදෙවැනි ව්‍යවස්ථා සංශෝධනය සමගි ජන බලවේගය ජයග්‍රහනය කෙරේව්වේ කොමිසම් සභා වල සභාපතිවරු මාරු කර වික්‍රමසිංහට මැතිවරණ කල් දැමීමට නොවන බව කි රහුමාන් ඔහු එසේ කළ හොත් ජනතාවට පාරට බස්සන බවට අභියෝග කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *