පාලක පක්ෂයේ වෘත්තීය සමිති මැරයන් සසප සමාජිකයන්ට එල්ල කළ ප්‍රචණ්ඩ මැර ප්‍රහාරය හෙළා දකිමු !

අධිරාජ්‍ය ගැති සහ කම්කරු -පීඩිත මහජනයා ව්‍යවසනයට ඇද දමන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ වැඩපිලිවෙලට එරෙහිව අත්පත්‍රීකා බෙදමින් විරෝධතාවයේ නියැලුණු සමාජවාදි සමනතා පක්යේ සහෝදරවරුන්ට මොරටු විශ්ව විද්‍යාලයේ පොදු ජන පෙරමුණේ මැර වෘත්තීය සමිති නායකයින් විසින් ප්‍රචණ්ඩ මැර ප්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම ප්‍රචණ්ඩ මැර ප්‍රහාරයට ලක්ව ඇත්තේ මොරටුව විශ්ව විද්‍යාලයේ අවුරුදු 25 කට වැඩි කාලයක් අන්‍යධන සේවකයෙකු ලෙස සේවය කරන හා සමාජවාදි ප්‍රතිපත්ති වෙනුවෙන් සටන් වදින සහ ‌කම්කරුවන්ලේ සහ සිසුන් අයිතිවාසිකම් වෙනුනේ සටන්කරන්නෙකු ලෙස එම විශ්වවිද්‍යාලය තුළ ප්‍රසිද්ධ දේහින් වසන්ත සහ සසප පුර්ණකාලීන සමාජිකයෙකු වන ලක්ෂ්මන් ප්‍රනාන්දු යන සහෝදරවරුන් වෙති .

වසන්තට සහ ප්‍රනාන්දුට පොලුවලින් පහර දී තුවාල සිදු කර ඇත්තේ මොරටු විශ්ව විද්‍යාලයේ පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති ඉන්දික පෙරේරා සහ ලේකම් සුරංග සිරිවර්ධන යන මැරයන් සහ ඔවුන්ගේ සහචරයන් විසිනි . මෙම මැරයන් විශ්ව විද්‍යාලය තුළ මත්පැන් පානය කරමින් සිට ඇති අතර සසප දේශපාලනයවිරුද්ධ ශිෂ්‍ය පිරිසක් මොහුන්ව කුලප්පු කර එවා ඇතැයි ලංකා ස්කයි නිව්ස් වෙත වාර්තාවේ .

පාලක පක්ෂයේ වෘත්තීය සමිති මැරයන් පහර දී නිසා වසන්ත සහෝදරයාගේ වම් අතේ ඇගිලි දෙකක අස්ථි බිදි ඇති අතර ප්‍රනාන්දු සහෝදරයාගේ මුහුණට සහ කොන්දට පහර දීම නිසා තුවාල වී ඇත.

පහර කෑමට ලක් වු සසප සමාජිකයින් විසින් ඔවුන්ගේ නීතිඥයින් සමග ගොස් මොරටුව පොලිසීයේ පැමිණිල්ලක් දමා ඇති අතර පසු පොලිසී වසන්ත සහ ප්‍රනාන්දුගේ තත්වය බරපතළ බැවින් ඔවුන්ව මොරටුව ලුනාව රෝහලට ඇතුළත් කර ඇත .එම රොහලේ එක්ස් -කිරණ නොමැති නිසා වසන්තව දුකුණු කොළඹ ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත. එහි දී සිදු කරන ලද පරික්ෂණ වල දී වසන්තගේ වම් අතේ අස්ථි දෙකාක් කැඩි ඇති බව වෛද්‍යවරුන් පවසා ඇත.

මෙම පහරදීම සිදු ඇත්තේ පසුගිය (05) දාය . පොලිසීය මැරයන් දෙදනා අත්අඩංගුවට රක්ෂිත බන්ධනාගාරගත කරන අතර සෙනසුරාදා මහේසත්‍රාත් හමුවට ඉදිරිපත් කර ඇප ලබා දීමට මොරටු පොලිසීයේ උනන්දු විම පිටුපස දේශපාලන මැදිහත්විමක් පවති බවයි. එම මැරයන් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍ත්‍රිමිණි ලොකුගේ හෙංචයියන් වන අතර ඔහු මැදිහත් වි මැරයන්ට ඇප ලබා දීමට කටයුු කර ඇති බව ස්කයි නිවිස් වෙත වාර්තාවේ .

ලක්ෂ 05 බැගින් වු ශරීර ඇප දෙකාක් මත ඔවුන් මුදා හරින ලෙස නියෝග කර ඇති මහේස්ත්‍රාත්වරයා සෑම ඉරිදාකම මොරටු පොලිසීයේ අත්සන් කරන ලෙසත් සසප දේශපාලන කටයුතු වලට අවහිර නොකරන ලෙසටත් නියෝග කර ඇත.

සසප ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කම්කරු පංතියේ දේශපාලන පක්ෂයක් වන අතර හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකාවේ ශාඛාව වේ.

සසප සමාජිකයින්ට පොහොට්ටු මැරයන් පහර දි ඇත්තේ තොපි එ.ටි.ටි.ඊ. සංවිධානයට හිතවත් පාර්ශවයක් යැයි කියමිනි. කම්කරු -පීඩිත මහජනයා බලයෙන් පහ කරන ලද රාජපක්ෂ රේජීමය සිංහල බෞද්ධ ස්වොත්තමවාදය අවුස්සා බලය ඩැහැ ගැනීමේ උත්සහයක නිරත වන බව මෙම ප්‍රහාරයත් සමග එළිමහනට කාන්දු වි ඇත.

මිට පෙර අවස්ථා කිපයකදීම ජනතා විමුක්ති පෙරමු‌ණ ද සසප අත්පත්ත්‍රීකා උදුරා ගනිමින් සහ එම අත්පත්‍රීකා පුච්චා දමමින් ඔවුන්ට අදහස් ප්‍රකාශ කරන්නට ඇති අයිතියට තරජනය කළේය .

සසප එල්ල කළ මැර ප්‍රහාරය හුදෙක් සසප පමණක් එල්ල වු ප්‍රහාරයක් නොව මේ රටේ කම්කරු -පීඩිත මහජනයාගේ භාෂනයේ සහ ප්‍රකාශනයේ අයිතීයට ආණ්ඩුව සැළසුම් සහගතව එල්ල කළ ප්‍රහාරයකි . ස්කයි නිවිස් පාඨකයින්ගෙන් මෙන්ම මේරටේ සමස්ත කම්කරු -පීඩිත මහජනයාගෙන් ඉල්ලා සිටින්නේ සසප ට එල්ල ප්‍රහාරය හෙළා දැක සමාජ මාධ්‍ය තමන්ගේ විරෝධය ඵල කරන ලෙස ඉල්ලමු .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *