බාලගිරි අද නොවේ හෙට

බාලගිරි අද නොවේ හෙට

මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දී ඝාතනය කළ අන්තෝනි ගමගේ සමන්ත ප්‍රිති කුමාරගේ මරණය සම්බන්ධයෙන් තීන්දු ප්‍රකාශ කිරිම අදට (24) නියමිත තිබුන ද මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ තින්දු ප්‍රකාශයට පත් කිරීම ජුනි 02 වෙනිදාට කල් තබන ලදි .

අධිකරණ වෛද්‍ය නිලධාරියා ආවත් නාවත් සමන්ත ප්‍රිති කුමාරගේ මරණය සම්බන්ධයෙන් තීන්දුව මැයි 24 වනදා ප්‍රකාශයටුවබපත් කරන බව මහේස්ත්‍රාත්වරිය මැයි 10 වෙනිදා නඩුව කැදවු අවස්ථාවේ අවධාරණය කර පැවැසුවාය .

මහේස්ත්‍රාත්වරිය එසේ පැවැසුවේ කොළඹ මෘත ශරීරාගාරයේ ප්‍රධාන වෛද්‍ය අජිත් තෙන්නකොන් සාක්කි සදහා කැදවන්නැයි මරණකරුගේ ඥාතීන්ගේ අයිතිවාසිකමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය විල්සන් විසින් කළ ඉල්ලීමකට අනුවය .

ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි තෙන්නකොන් විදේශගත වි සිටි බැවින් අද ඔහු අධිකරණයට පැමිණ සිටියේ නැත.

මරණකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ රාජිත ලක්මාල් පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *