මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ව නීති විරෝධීව සේවයේ පිහිටුවයි

මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සේවය කළ නිලධාරීන් පිරිසක් 2020 වර්ෂයේ මත්ද්‍රව්‍ය චෝදනා මත අ්ඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වී පැමිණ නැවත පොලිස් සේවයේ නිිිිරතව සිටිති .

වසර 03 කට ආසන්න කාලයක් එම පිරිස රක්ෂිත බන්ධනාගාරව සිට ඇති අතර පසුව මහාධිකරණය මගින් ඔවුන්ව ඇප මත මුදා හැර තිබෙි .

මෙම පිරිස ඇප මත නිදහස් වි පැමිණි පසු ඔවුන් මත්ද්‍රව්‍ය කාර්යංශයේ සහ වෙනත් සුවිශේෂී ස්ථාන වල රාජකාරීයේ සේවයේ යොදා ඇති බවත් එම පිරිස සේවයේ යෙදවීම නිත්‍යානුකුල නොවන බව සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ අධ්‍යක්ෂක මණ්ඩල සභාපති සුදේශ් නන්දිමාල් පවසයි .

උප පොලිස් පරික්ෂක තරංග ප්‍රේමරත්න ,පොලිස් සැරයන් 61756 චමිල ප්‍රසාද් , පොලිස් කොස්තාපල් 69351 ප්‍රියංකර ජයරත්න සහ පොලිස් කොස්තාපල් 61100 දිනේෂ් නිර්මල යන අපරාධයක වින්දිතයන් සහ සාක්කිකරුවන් සහාය සහ ආරක්ෂක කොට්ඨාශයේ සේවයේ පහිටුවා ඇති අතර පොලිස් පරික්ෂක ලයනල් ප්‍රේමසිරි ථඋප පොලිස් පරික්ෂක උදාර චතුරංග ප්‍රේමසිරි සහ පොලිස් කොස්තාපල් 73684 රුවන් පුෂ්ප කුමාර යන ැඅයවලුන්ප අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාශයේ සේවයේ පිහිටු ඇත.

මෙම පිරිස අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය නැවත විකිණීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උදව් කළා යැයි චෝදනා එග්ග වී ඇති අතර එම ජාවාරම් වලින් උපයාගන්න දේපල ද අත්අඩංගුවට ගන්නා ලදී .

විශේෂයෙන් රාජය සේවය කරණ සේවකයෙක් යම් අපරාධ චෝදනාවකට අත්අඩංගුවට ගත හොත් ඔහු හො ් ඇය නීතියෙන් නිදහස වනතුරු සේවයේ පිහිටු වන්නේ නැත . එසේ පිහිටු වන්නේ නම් එය නීතියට පටහැනිය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *