මරදාන ස්ථානාධිපති වොප්පේ සමරයි !

එල්ෆිස්ටන් රගහල ඉදිරිපිට ඊයේ (03) පැවැති සත්‍යග්‍රහනයෙදි කලහාකාරී ලෙස හැසුරුණා යැයි කියා පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අරගලකරුවන් සිවිදෙනා (04) අද ((04) සවස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම රණසිංහ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ පුද්ගලික ඇපයක් මත මුදා හරින්නැයි නියෝග කළාය .

ප්‍රියත් නිකේෂල ,අර්ජුන් පෙරේරා ,කෞෂන් පෙරේරා සහ නුර් යන අය මෙසේ අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි .

මරදාන එල්ෆිස්ටන් රගහල ඉදිරිපිට සාමකාමීව සත්‍යග්‍රහනයේ යෙදුනු සත්‍යග්‍රහකරුවන්ට එරෙහිව පොලිසිය මැරයන් ලවා කලහාකාරී තත්වයක් ඇති කර ජල සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල අඅරගලකරුවන් පලවා හැරීමට එය අවස්ථාවක් කර ගත්තේය .

සත්‍යග්‍රහනයට ප්‍රහාර එල්ල කළා යැයි පොලිසිය සැකපිට සැකකරුවන් 03 දෙනෙක් අද (04) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහි දි අරගලකරුවන් වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරු එම සැකකරුවන්ට ඇප ලබා දීමට එරෙහි විම නිසා ඇප ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය පෙබවාරි 18 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්නැයි නියෝග කළාය .

සත්‍යග්‍රහනය කඩාකප්පල් කිරීම සදහා පොලිසිය යෙදා ගත් මැරයෝ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නාගරික මන්ත්‍රීවරුන් වන කිත්සිරි රාජපක්ෂ සහ මොහොමඩ් රස්වාන්ගේ ‌‌ගෝලයන් බව විශ්වාසවන්ත ආරංචි මාර්ග සදහන් කරයි . නාගරික මන්ත්‍රී රජපක්ෂ කොළඹ හිටපු අයි. ආර් .සි. කාරයෙකු වන චොප්පේගේ පුත්‍රයෙකි . කොළඹ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නා බවත් වාරතාවේ .

රිස්වාන් නො‌ෙඑහාත් බුල්ටෝ සරත් නොහොත් ෆයිසර් නැමති තරුණයෙකු මාරා දමා ජිවිතාන්තය දක්වා රිමාන්ඩ් බන්ධනාගාරව සිට නිදහස් වුවෙකි . එජාපයේ හිටපු කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු රියදුරෙකු ලෙස ද කටයුතු කර ඇති මොහු හෙරෝයින් සහ කේ ජි අලෙවි කරන බව හෙළිදරව් විම නිසා එම මන්ත්‍රීවරයා රිස්වාවා රියදුරු තනතුරෙන් ඉවත් ඇත කර . මරදාන පොලිස් වසම තුළ හෙරෝයින් සහ ගංජා බෙදා හරින්නෙකු ලෙස ඔහු ප්‍රසිද්ධියක් උසුලයි . බුල්ටෝ එපයෙන්‌යෙනි මෙවර කොළඹ මහ නගර සභාවට තරග කරන අපේක්ෂකයෙකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *