මර්දනයට එරේහිව පක්ෂ නායකයින් සහ ජනතාව පාරට බසිති

ත්‍රස්ත පනත වහා අහෝසි කරන්නැයි ආණ්ඩුවට බල කර සහ අයිතීන් වෙනුවෙන් සටන් වදිමු යැයි අද (02) සවස 03 ට එල්ෆින්ස්ටන් රගහල ඉදිරිපිටින් ආරම්භ කළ පෙළපාලිය මරදාන කාර්මික විද්‍යාලය අසල දී පොලිස් මැදිහත් වි නතර කර දැමිණ .

මරදාන එල්ෆින්ස්ටන් රගහල ඉදිරිපිටින් ආරම්භ කළ පෙළපාලිය කොටුව දුම්රිය ස්ථානය දක්වා ගොස් රැලියක් පැවැත්විමට සැලසුම් කර තිබුණි .

මෙම පෙලපාලියේ සමගි ජන බලවේගයේ නායක සජිත් පේමදාස , ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ,හතලිස් තුනේ සේනාකයේ නායක පාඨලි චම්පිි රණවක , මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රහුෆ් හකීම් . ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර සහ පෙරටුගාමි සමාජවාදී පකෂයේ ‌අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ,ප්‍රචාරක ලේකම දුමින්ද නාගමුව නායකයින් ගමන් කළහ .

මෙම පෙළපාලියට දේශපාලන පක්ෂ විස්සක් සහ වෘත්තිය හා බහුජන සංවිධාන එකසිය පනහක සමාජිකයින් සහ හිතවතුන් තුන්දාසක පමන පිරිසක් සහභාගි වුහ .පෙළපාලිකරුවන් සටන් පාඨ සහික පුවරු ඔසවාගෙන සටන් පාඨ කියමින් පෙළපාලියේ ගමන් ගමන් කළහ .

පෙ‍ළපාලිකරුවනස් පාර හරස් කරගෙන සිටි ‌පොලිස් නිළධාරි පෙරළාගෙන ඉදිරියට යැමට උත්සහ කළ ද එය අසාර්ථක විය . පසුව එම ස්ථානයේ රැලියක් පවත්වා පෙළපාලිකරුවෝ විසිර ගියහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *