මාධ්‍ය නියාමන මුවාවෙන් ආණ්ඩුව කරන්නේ අදහස් යටපත් කිරීමක් නම් , ඒක බරපතළ ප්‍රශ්නයක් -මානව හිමිකම් කොමසාරිස්

iසමාජ මාධ්‍ය නියාමන කරනවා කියලා ආණ්ඩුව කරන්නේ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය යටපත් කිරීමක් නම් , එක බරපතළ ප්‍රශ්ණයක් බවත් ඒ සම්බන්ධයෙන් කොමිසම් සභාව ආණ්ඩුවට නිරික්ෂණ ඉදිරිපත් කර තිබෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් ෂභාවේ කොමසාරිස් අධි නීතිඥ නිමල් පුංචිහේවා පවසයි .

ආණ්ඩුව ප්‍රති ත්‍රස්ත පනත ගෙන ආ අවස්ථාවේ කොමිසම තමන්ගේ නිරික්ෂණ ආණ්ඩුවට ඉදිිපත් කළ බවත් සමාජ මාධ්‍ය වල පල වන සමහර කාරණා සම්බන්ධයෙන් නියාමනයක් අවශ්‍ය බව අධි නීතිඥ පුංචිහේවා පෙන්වා දුන්නේය .

අධී නීතිඥවරයා එසේ පෙන්වා දුන්නේ හැටන් නගරයේ මානව හිමිකම් සභාවට අනුබද්ධව උප කාර්යාලයක් විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය අදහස් දක්වමින්ය .

මැතිවරණ නියමිත වේලාවට පැවැත්වීම මානව අයිතිවාසිකමක් ලෙස සලකන බවත් මහජන නියෝජිතයන් පතකර ගැනීමට ඇති අවස්ථාව සුරැකිය යුතු බව අධී නීතිඥවරයා පැවැසීය .

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවැසීය

දැනට කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය පැවැත්තුවා නමි මහජන නියෝජිතයෝ පත් වෙලා . පළාත් සබා මැතිවරණය කල් දැමීම මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් කියලා කොමිසම දකිනවා .

සමාජ මාධ්‍ය නියාමන පනත සම්බන්යෙධන් පුද්ගලයෙකු හෝ සංවිධානයක් මේ වනතෙක් කොමිසමට පැමිණිල්ලක් කරලා නැහැ. පැමිණිල්ලක් නොලැබුනත් කොමිසමට බලයක් තියෙනවා ඒ ගැන ක්‍රියා කරන්න .

කොමිසම පත් කරලා තියෙන්නේ ව්‍යවස්ථාදායක සභාව .කොමිසම් සභා පනතේ තියෙනවා ,රජයට උපදෙස් ලබාදීම කොමිසමේ කාර්යක් කියලා .ඒ උපදෙස් මත කටයුතු කිරීම අජයේ වගකිමක් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *