මාලිගාවත් පොලිසියේ අපරාධ අංශයේ ප්‍රධානීයා තරුණයෙකුට අමානුෂික ලෙස පහරදී දතකුත් කඩලා

මාලිගාවත්ත පොලිසියේ අපරාධ අංශයේ ප්‍රධානී නාමල් පුෂ්පකුමාර ඇතුළු නිලධාරීන් පස් දෙනෙක් මොහොමඩ් පාසාද්ව ඔහු‌ගේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන අච්චු ගහපු සල්ලි දිපන් යැයි එම නිවස තුළදීම දතක් කැඩෙන්නට අමානුෂිකව පහර දී ,පොලිසියට රැගෙන ගොස් දෙදිනක් රදවාගෙන පහරදී පසු අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පාසාද් ඇප මත නිදහස් වී පොලිසිය බාරයේ තිබෙන ඔහුගේ නිවසේ යතුර සහ ටෝච් එක ගන්නට ඊයේ (12) සවස මාලිගාවත්ත පොලිසියට ගිය අවස්ථාවේ පැමිණිලි අංශයේ නිලධාරියෙකුට පාසාද්ට පයින් පහර දි එළවාගෙන ඇත. පාසාද්ට පොලිස් නිලධාරියා පහර දී ඇත්තේ ඔහුගේ මව ඉදිරිිපිටදිය . පාසාද් මේ පිළිබද පැමිණිල්ලක් පොලිස් මුලස්ථානයට කර ඇත.

පාසාද්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනවාරි 05 වනදාය .ඔහු අවුරුදු 24 ක් වයසැති ශ්‍රී දුම්රිිය නිවාස ශ්‍රී සද්ධාර්මාරාම මලිගාවත්ත යන ලිපිනයේ පදිංචිකරුවෙකි . පාසාද් පදිංචි වී සිටින්නේ දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් කොටසේය. නමුත් ඔහුව අත්අඩංගුවට ගන්නේ මාලිගාවත්ත පොලිසිය මගින්ය .

පාසාද් ‘අරුණ පුවතපත් ‘ ආයතනයට අයත් මුද්‍රණාලයේ කම්කරුවෙකු වශයෙන් සේවය කරන අතර ඊට අමතරව ඔහු වැඩිමහල් සොහොයුරා සමග මාළු වෙළදාමක් ද කරයි .

පාසාද්ව අත්අඩංගුවට ගත් මාලිගාවත්ත පොලිස් නිලධාරීන් ඔහුගේ නිවසේ තිබියදී මුද්‍රණ යන්ත්‍රයක් ( ප්‍රින්ටරයක් ) පමණක් අත්අඩංගුවට ගෙන තිබිණ . පාසාද් එම මුද්‍රණ යන්ත්‍රය රුපියල් 8.500 කට මිල දි ගෙන ඇත්තේ අත්අඩංගුවට පත්වීමට සති දෙකකට පෙරය .පොලිස් නිලධාරීන් ඔහුට පහර දී කොම්පියුටරය සහ එම කොම්පියුටරයට ප්‍රින්ටරය සම්බන්ධ කරන වයර් එක ඉල්ලා ද පාසාද්ට පහර දී ඇත. පාසාද් සන්තකයේ තිබි ඇත්තේ ප්‍රින්ටරය පමණි .

පොලිස් නිලධාරීන් ඔහුව මාලිගාවත්ත පොලිසියට රැගෙන සල්ලි කොළ අච්චු ගසන්නැයි පහර දී ඇත. සල්ලි අච්චු ගසන්න තමන් දන්නේ නැතැයි පාසාද් පැවසු පසු ඔහු අත්අඩංගුවට ගත් නිලධාරියෙකු සල්ලි අච්චු ගසා එවා අලවන්නැයි කියද්දි පාසාද් ප්‍ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

ඔහුව අත්අඩංගුවට ගන්නේ ජනවාරි 05 වන දා වන අතර 06 හා 07 පොලිියේ රදවාගෙන සිට ජනවාරි 08 වෙනිදා කොළඹ අලුත් කඩේ ම‌හේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

පාසාද්ව අධිකරණයට ඉදිරිපත් කළ පසු ඔහු වෙනුවෙන් ඉනෝකා අමරසිංහ නීතිඥවරිය පෙනි සිට ඇති අතර තම සේවාදායකයාට මාලිගාවත්ත ‌පොලිසියෙන් අත්අඩංගුවට ගෙන දතකුත් කැඩෙන්න අමානුෂික පහර දී ඇතැයි නීතිඥවරිය දතේ කැල්ලත් මහේස්ත්‍රාත්වරයාට පෙන්වමින් පවසා ඇත.

සැකකරුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා බන්ධනාලාර නිලධාරීන්ට නියෝග ‌කර ඇත.

බන්ධනාගාර නිළධාරීන් පාසාද්ව ජාතික රෝහලට ඇතුළත් ‌ නොකර සී ආර් පී බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබිණ .

ඔහුව බන්ධනාගාර ගතකර දිනකට පසු බන්ධනාගාර රෝහලට පාසාද්ව ඇතුළත් කර ඇති අතර පසු ඔහු එහි රෝහලේ ‌වෛද්‍යවරියක් පරික්ෂා කර පාසාද්ව ජාතික රෝහලට ඇතුළත් කරන්නැයි බන්ධනාගාර නිලධාරීන්ට දැණුම් දී ඇත.

ජනවාර් 10 වෙනිදා අධිකරණය ඔහුව ඇප මත මුදාහරිි තෙක් ‌ඔහුව රජයේ රෝහලකට ඉදිිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්මේන්තුව කටයුතු කර නැති අතර මහේස්ත්‍රාත් වරයාගේ නියෝග නොතකා කටයුතු ක ඇත. ඒ පමණක් නොව බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරියගේ උපදෙස් ‌නොතකා හැර තිබිණ .

පොලිස් නිලධාරින් පහර දෙද්දී , පාසාද් ආගම කියා ඇති අතර මාලිගාවත්ත පොලිසියේ අපරාධ අංශ්‍යයේ ප්‍රධානීයා මෙහොමඩ්ගේ අම්මාට කියා පරුෂ වචනයෙන් බැණවැදී තමාන්ට පහර දුන් බව ලංකා ස්කයි නිව්ස් සමග පැවසීය .

පාසාද්ගේ හඩ අවධිකරමින්

ජනවාරි 05 සිකුරා සවස 4.30 ට පමණ පස් දෙනෙක් මගේ ගෙට ඇතුල් වෙලා මට පහර දුන්නා . පහර දීලා ඇහුවා සල්ලි කෝ කියලා . මම ඇහුවා මොන සල්ලි කියලා . උම අච්චු ගහපු සල්ලි කියලා කිවිවා . මම කිව්වා සල්ලි ුඅච්චු ගහන්නේ නැහැ කියලා . ප්‍රින්ටරය පෙන්නලා ඇහුව්වා කොම්පියුටරය කෝ කියලා . කොම්පියුටරයක් නැහැ කිවිවාහම මගේ කොණ්ඩයෙන් අල්ලා ඹළුව බිත්තියේ ගැහුව්වා . මට ගහද්දි මගේ දතකුත් කැඩුණා . මාගේ ගෙදරට ආවේ මාලිගාවත්ත පොලිසීයේ අපරාධ අංශයේ ප්‍රධානීයා නාමල් පුෂ්පකුමාර සහ තවත් නිලධාරීන් හතර දෙනෙක් අවා. මම ප්‍රින්ටරය ගත්තේ රුපියල් 8.500 දිලා .මා ගාව කොම්පියුටරයක් තිබුණේ නැහැ . මගේ ගෙදර අච්චු ගහපු සල්ලි තිබුණේ නැහැ . මාව පොලිසියට අරගෙන ගිහිල්ත් පහර දුන්නා සල්ලි මුද්‍රණය කරන්න කියලා . මම සල්ලි මුද්‍රණය කරන්න දන්නේ නැහැ කිව්වාහම මාව අත්අඩංගුවට ගන්න ආපු නිලධාරයෙක් සල්ලි මුද්‍රණය කළා . පස්සේ මට කිවිවා ඒ සල්ලි අලවන්න කියලා . මම බැහැ කිව්වාහම මට නැවතත් කොණ්ඩයෙන් අල්ලා පහර දුන්නා. මට ගහ් මම ආගම කිව්වා . මොහොමඩ්ගේ අම්මාට කියලා පුෂ්පකුමාර අල්ලාටලාටණුහරුපයෙන් බැන්නා .

මම වැඩ කරන්නේ අරුණ පුවත්පත් ආයතනයේ මුද්‍රණාලයේ කම්කරුවෙක් වශයෙන් , ඊට අමරව මමයි අයියා මාළු ද්‍රානවා . අපි මාලිගාවත්ත ලොගිසියටත් මාළු දානවා . අයියා ඇවිල්ලා කිවිවා . ඒවා ගණන් ගත්තේ නැහැ . මාව දවස් දෙකක් පොලිසියේ රදවාගෙන ප්‍රශ්න කළා . ජනවාරි 08 මාව අලුත් කඩේ උසාවියට ඉදිරිපත් කළා . මම මගේ නීතිඥවරිය මාර්ගයෙන් මහේස්ත්‍රාත්තුමාට මට පොලිසියෙන් පහර දී දතක් කැඩුවා කියලා කිවිවා . මහේස්ත්‍රාත්තුමා කිව්වා මාව ජාතික රෝහලට ඇතුල් කරන්න කියලා . බන්ධනාගාරයෙන් මාව බන්ධනාතාර රෝහලට දැම්මා . දොස්තර නෝනා ‌කෙනෙක් ඇවිල්ලා බලලා කිවිවා මාව ජාතික රොහලට ඇතුල් කරන්න කියලා . මම ඇප මත නිදහස් වෙලා එනකම් මාව රජයේ රෝහලකට ඉදිරලත් කළේ නැහැ . මලේ නිවසේ යතුර සහ ටෝච් එක පුෂ්පකුමාර ම්යා ගත්තා . මම නිදහස් වෙලා ඇවිල්ලා එක ගන්න ගිහාම මට රිසව් එකේ හිටපු රාළහාමි පයින් ගහලා එළව ගත්තා . මම ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් පොලිස් මුලස්ථානයට දැම්මා .

පාසිද්ගේ මාව එම්.ටි .එම් .ෆාරිසා (60)

මගේ දරුවෝ අහිසංකයි . මේ ඔගොලන්නට විරුද්ධධ කිසිම පොලිසියක පැමිණිල්ලක් නැහැ . ඇයි අපට මෙහෙම කරන්නේ. දරුවාව ගේ ඇත්ලේ දාගෙන පහර දීලා දතකුත් කඩලා . අපි වැරැදි කරන්නේ නැතිව අයි අපිට මේ විධියට සලකන්නේ . මෙහෙම කළාම අපි කොහොම ද දරුවෝ හදා ගන්නේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *