මැලේසියා අගමැති ඊශ්‍රායල ධජය සහිත නැව් සහ ඊශ්‍රායලයේ සිට සිය රටට පැමිණෙන නැව් තහනම් කරයි

ඊශ්‍රායලය පලස්තීනුවන්ට එරෙහිව ගෙන යන වර්ග සංහාරක යුද්ධය එරෙහිව මැලේසියනු අගමැති අන්වර් ඊබ්‍රාහිම් ඊශ්‍රායලය ධජය සහිත නැව් සිය රටේ වාරයන් වලට ගැනීම සහ ඊශ්‍රායලයට යන ඔ්නෑම නෞකාව මැලේසියාවට පැමිණ භාණ්ඩ පැටවිම ද තහනම් කර ඇත .

ඊහ්‍රායලයේ ක්‍රීයාවන් පලස්තීනුවන්ට එරෙහ්ව සිදු වෙමින් පවතින සමුලඝාතන හා මිලේච්ජත්වය හරහා ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීමක් බව අගමැති ඊබ්‍රාහිම් පවසයි.

මැලේසියන් අගමැති ඊබ්‍රාහිම් ඊශ්‍රායලය ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කරන බවට ඊශ්‍රායලයට ‌චෝදනා කරමින් ,පලස්තීනුවන්ට එරෙහිව ලෙන යන වර්ග සංහාරක යුද්ධයට විරෝධය පා ඊශ්‍රායල ධජය සහිත නැව් මැලේසියා වාරයවල් වලට ලැනීම සහ ඊශ්‍රායලයට ‌සිට මැලේසියාවට පැමිණෙන නෞකාවන්ට භාන්ඩ පැටවිම ද තහනම් කර කෙරිණ .

මැලේසියානු අගමැතිවරයා ඊශ්‍රායලයට අනුබද්ධ යාත්‍රා සදහා සමුද්‍ර තහනම් පැනවීමේ තීරණය ප්‍රකාශයට පත් කළේ ඊශ්‍රායලයේ විශාලතම නැව් සමාගම වන සීම් ( ZIM) භාණ්ඩ නැව් වලට රතු මුහුදේ එල්ල වු ප්‍රහාර වල ප්‍රතිඵලයක් ලෙස ගෝලීය නැව් ගමනාගමනයට වන බාධා පිළිබද වැඩෙන අනතුරු ඇගවිම් මාධ්‍යයේය .

ඊශ්‍රායපය පලස්තීනුවන්ට එරෙහිව ගෙනයන යුද්ධය නතර කරන ‌තුරු යේමනයේ හුති සටන්කරුවන් රතු මුහුදේ ඊශ්‍රායල නැව් වල එරෙහිව සිදු කරන ප්‍රහාර සහ පැහැර ගැනීම් නතර වන්නේ නැත.

ඊශ්‍රායලයට යන නැව් වලට ගිනි කොනදිග ආසියාතික රාජයේ කිසිදු වාරයකට භාණ්ඩ පැටවිම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන බව මලේසියානු අගමැති ඊබ්‍රාහිම් කිය ා ඇත.

ජනගහනයෙන් 60% ක් පමණ මුස්ලිම වන මැලේසියාව ඊහ්‍රායලය සමග රාජ්‍ය තාන්ත්‍රීක සබදතා නොපවත්වන අතර ඊශ්‍රායල් පලස්තීන ගැටුමට ද්විත්ව රාජ්‍ය විසදුම වෙනුවෙන් පෙනී සිටියි .

අල් ජාසීරා ඇසුරෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *