මිනිමැරීමට තැත්කිරීමේ වරදට ලොහාන් රත්වත්තේට එරෙහිව නඩු පැවරිය හැකියි -සරෝජනී වීරවර්ධන වාර්තාව කියයි

හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහන් රත්වත්තේ අනුරාධපුර බන්ධනාගාරයට ඇතුල් වී එහි රදවා සිටි දෙමළ සිරකරුවන්ට ගිනි අවි එල්ල කර තර්ජනය කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 300 වගන්තිය යටතේ මිනී මැරීමට තැත් කිරීමේ වරදට දඩුවම් කළ හැකි වරදක් කර ඇති බවට චෝදනා නැගීය හැකි බව නිරික්ෂණය කර ඇත.

කොළඹ හා අනුරාධපුර බන්ධනාගාරවලට ඇතුල් වී කළහාකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යඇමති ලොවහාන් රත්වත්තේ එරෙහිව විශ්‍රාමලත් මහාධීකරණ විනිසුරු සරෝජනී කුසලා විරවර්ධනගේ ප්‍රධානත්වයෙන් පත්කළ ඒක පුද්ගල විමර්ශන කම්ටු වාර්තාවේඑම නිරීක්ෂණ ඇතුලත්ය . එකි වාර්තාවේ 2021 .11. 26 . දින සහිතව හිටපු අධිකරණ ඇමති අලී සබ්රිට ලබාදී ඇති අතර සමාජ හා සමයික කේන්ද්‍රය මගින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ එම වාර්තාව ලබාගෙන ඇත.

රුදවියන් දෙදනෙකු බිම දණගස්වනා ගිනි අවියක් හිසට එල්ල කරමින් වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම මත තුවක්කු ආඥා පනත යටතේ කියැවෙන දණ්ඩ නීති සංග්‍රහයේ 118 හා 120 වගන්ති යටතේ දඩුවම් කළහැකි වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා නැගිය හැකි බව , එකී රැදවියන් බිම ස්වේචාවෙන් තුවාල සිදු කිරීම මත දණ්ඩ නීති සංග්‍රහයේ 314 හා315 වගන්ති යටතේ වරදක් කර ඇති බවට චෝදනා නැගිය හැකි බව , රැදවියන්ට තුවක්කු එල්ල කර බිය ගැන්වීම මගින් තුවක්කු ආඥා පනත සමග කියවෙන දණ්ඩ නීති සංග්‍රහයේ 486 වගන්තිය යටතේ සාපරාධී බිය ගැන්විමේ වරදට දඪුවම් කළ හැකි වරදක් සිදුකර ඇති බවට චෝදනා නැගිය හැකි බව එම වාර්තාවේ නිරීක්ෂණ වශයෙන් වැඩිදුරටත් සදහන් කර තිබේ .

ලොහන් රත්වත්තේ අපරාධ වෝදනාවක් එල්ල කිරීමට ප්‍රමාණවත් වු තොරතුරු නිරීක්ෂණය වන හෙයින් , පොලිසීය විසින් ඒ සම්බන්ධයෙන් සිදුකර ඇති පරික්ෂණ පදනම් කරගෙන අධිකරණයට බී වාර්තාවක් මගින් නොපමාව කරුණු ඉදිරිපත් කිරීම ,ඒ සම්බන්ධයෙන් වු පොලිසීයේ විමර්ශන කටයුතු කඩිනම්න් අවසන් කිරීම ,ලොහන් රත්වත්තේ කර ඇති වරදවල් සම්බන්ධයෙන් ඉතාමත් කෙටි කාලයකින් නිසි බලය ඇති අධිකරණය චෝදනා හෝ අධි චෝදනා ඉදිරිපත් කිරීමට පියගැනීම , එම සිදුවීම වන අවස්ථාවේ අනුරාධපුර බන්ධනාගාරයේ රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් පැමිණිල්ලෙන් ඇසින් දුටු වැදගත් සාක්ෂිකරුවන් වන හෙයින් ඔවුන් නිරීක්ෂණ කළ වැදගත් තොරතුරු වසන් නෙකර ලබා ගැනීම සදහා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම ආදිය සිය නිගමන වශයෙන් එම වාර්තාවේ ඉදිරිපත් කර තිබේ ,

ලසන්ත රුහුණගේ – අනිද්දා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *