මුලතිව් මහේස්ත්‍රාත් හා දිසාවිනිසුරු කුරුන්දුමලේට එරෙහිව පැන වු නියෝගය හකුළා ගන්නැයි නීතිපති බලපෑම් කරලා

කුරුන්දුමලේ පුරාවිද්‍යා භුමීයේ සිදු කරන සියලුම ඉදිකිරිම් වහා නතර කරන්නැයි මුලතිව් මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ටී .සරවනරාජා ලබා දුන් නියෝගයෙන් පසු සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන්ගෙන්  එල්ල වු ජිවිත තර්ජන සහ  නියෝගය ආපසූ හරවන්නැයි නීතිපති දෙපාර්මේන්තුවෙන් සිදු බලපෑම් හමුවේ විනිසුරුවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් වී රටින් පිටව ගොස් ඇත.

විනිසුරු ටී. සරවනරාජා ,අධිකරණ සේවා කොමිසමේ සභාවේ ලේකම්වරයාට සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලියාපංදිචි තැපැලෙන්ය යවා  ඇත්තේ සැප්තැම්බර් 23දාය .

මුලතිව් දිස්ත්‍රික්කයේ කුරුන්දුමලේ  පුරාවිද්‍යා භුමීයේ  අයිතිය පදනම් කරගෙන බෞද්ධ සහ හින්දු  පාර්ශව අතර ගැටුම්කාරී තත්වයක් උත්සන්න වු අතර පසුව බෞද්ධයින් විසින් සිදු කරන සියලුම ඉදිකිරීම් වහා නතර කරන්නැයි ඉල්ලා දෙමළ ජනයා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් ඇත. එහි දි මහෙස්ත්‍රාත්වරයා ගැටුමකාරී තත්වය දුරදිග යැම වැළැක්වීම සදහා එම භුමීයේ සිදු කරන සියලුම ඉදිකිරීම් නතර කරන්නැයි නියෝගයක් නිකුත් කිරීම එම තර්ජන වලට සහ බලපෑම් වලට හේත් වී තිබේ .

අධිකරණ නියෝග නොතකමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයා  කුරුන්දුමලේ භුමීයේ බෞද්ධ විහාර ඉදිකිරීමට කර ඇත.

කුරුන්දුමලේ  ඉදිකිරීම් වහා නතර කරන්නැයි ලබා දුන් නියෝගය නැවත හරවන්නැයි  රජයෙන් නොකඩවා බලපෑම් එල්ල වු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ සිංහල බෞද්ධ  අන්තවාදීන්ගෙන් ජිවිත තර්ජන එල්ල වු බවත්  තමා වෙත ලබාදුන් පොලිස් ආරක්ෂාව ද මතකදි වෙනස් කළ බවත්  එම නියෝගයෙන් පසු බුද්ධී අංශ වල අවේක්ෂණයට  නිරන්තරයෙන් තමා  ලක් වු බව විනිසුරුවරයා මාධ්‍යයට පවසා තිබුණි

කුරුන්දුමලේ නියෝගය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් දෙකක් ගොනු කර ඇති බැවින් ,නීතිපතිවරයා තමාව 2023 සැප්තැම්බර් 21 වෙනිදා කොළඹ නීතිපති කාර්යාලයට කැදවා කුරුන්දුමලේ නඩු තීන්දුවේ නියෝගය නැවත හරවා ගන්නැයි බලපෑම් කළා යැයි වින්සුරුවරයා මාධ්‍යයට වැඩිදුරටත් තිබිණ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *