යුක්තිය මෙහෙයුම නතර කරන්නැයි යුක්තියෙන් බට කෑ ජනයා පාරට බහි

“යුක්තිය මෙහෙයුම” මගින් පොලිසිය සිදු කරන නීතිය අවභාවිතා කිරීම් නතර කිරීම සදහා වහා මැදිහත් වන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්සම් සභාවෙන් ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ ව්‍යාපාරය අද (08) ‌උදේ බම්බලපිටිය එම සභාව ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

යුක්තියේ මෙහෙයුම නතර කරන්නැයි සහ යුත්තිය ද? අයුුුුුුක්තිය ද? යන සටන් පාඨ සහිත පුවරු ඔසවාගත් විරෝධතාකරුවන් පැයක පමණ කාලයක් මානව හිමිකම් කොමිසම් සභාව ඉදිරිපිට නිහඩ විරෝධතාවයක නිරතවුහ . විරෝධතාවෙන් අනතුරුව යුක්තිය මෙහෙයුම මගින් නීතිය අවභාවිතා කිරීම නතර කිරීමට වහා මැදිහත් වන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට ලියුමක් භාර දෙන ලදී .

මෙම අවස්ථාව සදහා සිරකරුගේ අයිතිවාසිකම් සුරැකීමේ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානී නීතිඥ සේනක පෙරේරා , එම ව්‍යාපාරයේ අධ්‍යක්ෂක මණ්ඩල සභාපති සුදේශ් නන්දිමාල් සහ මානව හිමිකම් ක්‍රියාකාරීකයෙකු වන රුකි ප්‍රනාන්දු යන අයවලුන් සහභාගි වී සිටියහ .

පොලිසිය යුක්තිය මෙහෙයුම නමින් අත්තනෝමතිකව පුදු්ගලයන් අත්අඩංගුවට ‌ගෙන වධහිංසා පමුනුවා මත්ද්‍රව්‍ය පොලසිය මගින් දමා රටේ පවතින නීතියට පිටින් විශාල පිරිසක් මේ වන විට.ත් බන්ධනාගාරගත කර ඇත . මත්ද්‍රව්‍ය ‌චෝදනා වලට බන්ධනාගාරගතව සිට නිදහස් වු පුද්ගයන් පමණක් නොව තරුණයන් පවා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය දමා බන්ධනාගාරගත කර ඇතැයි පොලිසියට චෝදනා එල්ල වි ඇත.

දැනට ශ්‍රී ලංකා පොලිසිය මගින් යුක්තිය මෙහෙයුම නමින් ක්‍රියාත්මක කරන විමර්ශන වලදී පවතින නීතිය අනුව කටයුතු නොකරන අවස්ථාවන ළණනාවක් අප නිරක්ෂණය කර ඇතැයි එම ලිපියේ මෙසේ සදහන් කර ඇත.

1) පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමෙන් පසු මත්ද්‍රව්‍ය හදුන්වා දීම

2)බොහෝවිට පුනුරුත්ථාපනය යොමු කිරීමේදී 2007 අංක 54 දරණ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් පුනුරුත්ථාපනය කිරීමේ ලනතේ විධිවිධාන වලට අනුව කටයුතු නොකිරීම .

3)ඔ්නෑම පුද්ගලයෙකු ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට ප්‍රකාරව නිර්දෝෂීභාවය පුර්ව නිගමනය ආදාළ වුවත් බොහෝ අවස්ථාවලදී අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් ඹාධ්‍ය මගින් වැරැදිකරුවන් ලෙස හුවාදැක්වීම.

4)අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන්ගේ දේපල සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමර්ගයකට නො‌ගොස් එම දේපල රාජසන්තක කර ඇති බවට හෝ තහනම් කර ඇති බව හැගෙන ප්‍රකාශ නිකුත් කිරීම .

5)අධිකරණ නියෝග ලබාගැනීමෙන් තොරව ගොඩනැගිලි කඩා ඉවත් කිරීම .

6)පෙර නඩු තිබීම හා ඇප පිට නිදහස් සිටීම අත්අඩංගුවට ගැනීමට නිර්නායකයක් ලෙස සැලකීම . වැනි පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා අපරාධ නීතිය මුලික මුලධර්ම අවභාවිතා කරමින් , ක්‍රියාකිරීම ඉතා අවසනාවන්ත තත්වයක් මෙන්ම රටේ නීතියේ අධිපත්‍ය බරපතළ ලෙස හෑල්ලුවට ලක් කිරීමති . එබැවින් ඔබට පැවරී ඇති බලතල ප්‍රකාරව උක්ත මෙහෙයුම නාමයෙන් ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාකරන ආකාරය සමිපව අධික්ෂණය කර වඪාත් ප්‍රජාතන්ත්‍රවාදී , යුක්තිසහගත පවතින නීතිය යටතේ හා පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරැකෙන ආකාරයෙන් මෙහෙයුම් දියක් කරන ලෙස ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය නිර්දේශ ,මාර්ගගෝපදේශ නිකුත් කරන්නැයිැ අපි ඔබ කොමිසම් සභාවෙන් ඉල්ලන්නේමු යැයි එම ලිපියේ වැඩිදුරටත් සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *