රටම අදුරු කළ කළු ජනවරිය

මෙරට පැවති ධනපති ආණ්ඩු විසින් ඝාතනය කරන ලද , පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලද සහ පහර දෙන ලද මාධ්‍යවේදීන් හට යුක්තිය ඉටු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට බලකරමින් සහ එම මාධ්‍යවේදීන් අනුස්මරණය කිරීම සදහා සෑම වසරකම පැවත්වන ” කළු ජනවරිය ” ඊයේ (26) යාපනය නගරයේ මාධ්‍යවේදීන්ගේ සහ දෙමළ මහජනයාගේ සහභාගිත්වයෙන් පැවැත්විණ .

මෙවර කළු ජනවරිය” අදහස් මර්දනයට එරෙහි වෙමු ! “යන නමින් නම් කර තිබුණි . වික්‍රමසිංහගේ ධනපති ආණ්ඩුව කම්කරු පීඩිත මහජනයාගේ භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතියට වැට බදිමින් සම්මත කර ගත් මර්ගස්ථ පනතට විරෝධය පෑම සදහා අදහස් මර්දනයට එරෙහි වෙමු යනුවෙන් මෙවර කළු ජනවරිය නම් කර තිබේ .

ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමය , යාපනයේ මාධ්‍ය සමාජය සහ මුලතිව් මාධ්‍ය සමාජය එක්ව මෙවර කළු ජනවරිය සංවිධානය ‌කර තිබේ .

අදහස් මර්දනයට එරෙහි වෙමු බැනරය මත අගිලි සළකුණ තබමින් දෙමළ මහජනයා වික්‍රමසිංහ ආණ්ඩුවට සිය විරෝධය පල කළහ .

විශේෂයෙන් 1977 පසු මාධ්‍යවේදීීන් මර දැමිමට , පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට සහ පහරදීම් විශාල වශයෙන් සිදු වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේය .

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග , මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ .නාමල් පෙරේරා ,පොද්දල ජයන්ත ,කිත් නොයා සහ අයියාතුරේ නඩේසන් ඇතුළු මාධ්‍යවේදීන් ඝාතනයට ,පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට සහ පහරකෑම් වලට ලක් වුයේ රාජපක්ෂ රේජීමාය පාලන බලය හොබවපු කාලයේය. එම ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්ය

දෙමළ ජනයාට එරෙහිව ගෙන ගිය ‌දෙමළ සංහාරක යුද්ධය සමයේ මාධ්‍යවේදීන් විශාල පිරිසකට ජවිත වලින් වන්දි ගෙවන්ට සිදු වුහ . සමහරුන්ට රට පවා අතහැර විදේශ ගත වීමට පවා සිදු වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *