රණ්ඩුවකට අත්අඩංගුවට ගත් තරුණයෙකුට මාලිගාවත්ත පොලිසිය මත්ද්‍රව්‍ය දමා, බන්ධනාගාරගත කරලා

මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් පාරේ වයි .එම්. එම් . එක අසල දෙපාර්ශ්වයක් අතර ඇති වු ගැටුම සම්බන්ධයෙන් අප්‍රේල් (27) මාලිගාවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත් විිිසි දෙවහැවරිදි අබ්දුල් බාසික්ට එම පොලිියේ අපරාධ අංශයේ ප්‍රධානියා වන නාමල් පෙරේරා නැමැත්තා තම ස්වාමී පුරුෂයාට මත් ද්‍රව්‍ය අතින් දමා මහාධිකරණයේ නඩුවක් පැවරු බව බාසික්ගේ බිරිද වන පතිමා රිච්ලා පැවසුවාය .

බාසික් , සොහොයුරා වන අබිදුල් කාලිස් (16) මෙහොමඩ් අබ්දුල් අස්වාන් (14) සහ තවත් අයෙකු මාලිගාවත්ත පොලිසියේ අපරාධ අංශයේ ප්‍රධානී නාමල් පෙරේරා සහ හේරත් යන නිලධාරීන් විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ ,කොලොන්නාව මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසේ රැදි සිටියදීය . කොලොන්නාව ප්‍රදේශය වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් වන අතර මාලිගාවත්ත පොලිසියේ නාමල් පෙරේරා මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය පොලිසියට දැනුම් නොදි බව බාසික් බිරිද ලංකා ස්කයි නිවිස් සමග කීවාය .

බාසික් ඇතුළු පිරිස මාලබාර් ෆයිසර් ගේ දෙදනෙක් කපා කොටා දමා ඇති බවත් ඔවුන් ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව මාලිගාවත්ත අපරාධ අංශයේ නාමල් පෙරේරාගෙන් විමසු අවස්ථාවේ පැවසිය .

මාලිගාවත්ත පොලිසිය බාසික්ව අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය අතින් දමා මහාධිකරණ නබුවක් පැවරීමට එරෙහිව බාසිිිිිික්ගේ බිරිද සහ ඥතීන් කොටුව නියෝජ්‍ය පොලිස්පති සෙනෙවිරත්න හමුවේ පැමිණිල්ලක් දමා ඇත. මිට අමතරව මානව හිමිකම් කොසම් සභාවට ද මර්ගස්ථ ක්‍රමයට පැමිණිල්ලක් ද කර තිබේ .

මෙම ගැටුමට හේතු වී ඇත්තේ මරදානේ පැවති සංගීත සංදර්ශනයකදී ඇති වු කතා බහක් දුරදිග යෑමක් බව බාසික්ගේ ඥාතිහු පවසති .

“මගේ මහත්තයා බාසික් , මහත්යගේ මල්ලී කාලිස් ,පුංචිගේ පුතා සහ බාසික්ගේ යාළුවෙකු තමා මේ රණ්ඩුවට සම්බන්ධ වෙලා තියෙන්නේ . අසීම් කාලිස්ට දුරකතනයෙන් බැනලා තියෙනවා ගහන්න වරෙල්ලා කියලා .අසීම්ගේ තාත්තාත් මහත්තයාට කුණුහරුපයෙන් බැනලා තියෙනවා . පස්සේ මහත්තයලා ජුම්මා මස්ජිඩ් පාරේ වයි .එම් .එම් . එක ලගට ගිහිල්ලා තියෙනවා.

මහත්තයලා වයි .එම් .එම් . එක ලගට යන කොට අසිම්ලාගේ කට්ටිය 20 ක් විතර ඉදලා තියෙනවා . කාලිස්ට එතැන හිටපු කෙනෙක් හක්ගෙඩියකින් ගහලා තියෙනවා . පස්සේ බාසික් විදුරු කැල්ලක් අරගෙන අසීම්ලාගේ කට්ටිය කපලා . අසීම්ගේ කට්ටිය මහත්තයාට ලංජක්කුවකින් පහර දිලා තියෙනවා . අසීම්ගේ කට්ටිය මහත්යලාට වටකරගෙන පහර දෙන කොට ,මහත්තයලා දුවගෙන මරදානේ ගෙදරට ආවා . පස්සේ අපි වැල්ලම්පිටිය ගෙදරකට ගියා . මහත්තයාගේ අත කැපිලා තිබුණා . පස්සේ පෞද්ගලික රෝහලකට ගහිල්ලා මැහුම් 06 ක් දැම්මා . අප්‍රේල් 28 ඉරිදා සවස 5ත30 විතර ඇති කොලොන්නාවේ අපි නැවතිලා හිටපු නිවසට මාලිගාවත් පොලිසියේ අපරාධ අංශයේ ප්‍රධානී නාමල් පෙරේරා සහ හේරත් යන අය ඇවිල්ලි මහත්තයලාව අරගෙන ගියා . අපිත් ඒ සමග ‌පොලිසියට ගියා . මහත්තයාව අත්අඩංගුවට ගත්තේ රණ්ඩුවක් සම්බන්ධයෙන් , පස්සේ මානව හිමකම්, පොලිස් අධිකාරී කාර්යාලයට ගියා කියලා මහත්තයාට හොරෝයි න් ලග තිබුණා කියලා දැම්මා . මහත්තයා මත්ද්‍රවය බ්ව්ව බව ඇත්ත . මහත්තයා ලග හෙරෝයින් තිබුනේ නැහැ . මහත්තයා රැකියාවකට කරන්නේ බිස්නස් . අපට එක දරුවෙක් ඉන්නවා. රණුඩුවට ඇප දුන්නා මත්ද්‍රව්‍ය වලට ඇප ගන්න වෙන්නේ මහාධිකරණයෙන් . අසීම්ගේ තාත්තා පොලිසියට සල්ලි දිලා තමයි මහත්තයාට හයිකෝට් නඩුවක් දැම්මේ . මහත්තයාගේ මල්ලී කාලිස්ට , අස්වාන්ට සහ යාළුවාට ඇප දුන්නා . රණ්ඩු ළූනා කියලා ගත්ත බාසික්ට නාමල් මහත්තයා සල්ලි අරගෛන හයිකෝට් එකා දැම්මා . ෆයිසර්ගේ කට්ටිය කිව්වා පොලිස්යට ලක්ෂ අටක් දුන්නා . තවත් සල්ලි වියදම් කරලා මහත්තයාව හිර කරනවා කියලා .

නාමල් පෙරේරා මට හුත්ති කියලා කුණුහරුපයෙන් බැන්නා . අලුත් කඩෙි උසාවියට බාසික් අරගෙන එනවා කියලා අරගෙන එනවා කියලා මාලිගාකන්ද උසාවියට අරගෙන ගිහිල්ලා තිබුණා .මාලිගාකන්ද උසිවියට මම ගිය වේලේ මාව කුනුහරුප කියලා පන්න ගත්තා . මහත්තයාව අලුක් කඩේ උසාවියට අරගෙන එනවා කිව්වාට පස්සේ මම අලුත් කඩේ උසාවිය ලගට ගියා . පස්සේ දැන ගන්න ලැබුණා මහත්තයාව මාලිගාකන්දට අරගෙන යනවා කියලා . මම නැවතත් මාලිගාවත්ත පොලසියට ආවා .මම එතැන හිටපු රාළහාමි කෙනෙක් ඇහව්වා මහත්තයාව අර‌ෛගෙන ගියේ කොහේටද? කියලා ඒ රාළහාමි කිවිවා මාලිගාකන්දට කියලා . පස්සේ නාමල් පෙරේරා ඒ රළහාමීට මාලිගාකන්ද අරගෙන යනවා කිවිවා කියලා ඒ රාළහාමිට ගහන්න ගියා .පස්සේ මව බැනලා එළව ගත්තා . නාමල් පෙරේරා කියන්නේ සතෙක් වගේ මනුෂයෙක් ,කිසිම අනුතම්පාවක් නැහැ .මාව එළවාගන්න කොට දරුවා හිටියේ මගේ අතේ යැයි ” බාසික් බිරිද පැවසුවාය .

මාලිගාවත්ත පොලිසියේ අපරාධ අංශයේ ප්‍රධානී නමාල් පෙරේරාගෙන් එම සිද්ධිය පිළිබද අප විමසු අවස්ථාවේ මෙසේ පැවසීය .

“බාසිිික් අත්අඩංගුවට ගත්තේ රණ්ඩුවක් සම්බන්ධයෙන් තමා . ඔහු මත්ද්‍රව්‍ය ඇබ්බැහි වු අයෙක් . වෛද්‍ය වාර්තා වලින් ඹප්පු වෙලා තියෙනවා බාසික් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙනවා කියලා . අපි බාසික්ව අත්අඩංගුවට ගන්නේ මරදානේ බෝධිරාජ මවතේ නිවසක සැලවිලා ඉන්න කොට . පොලිසිය මත්ද්‍රව්‍ය අතින් දැම්මා නැහැ අත්අඩංගුවට ගන්න කොට ඔහු ලග මත්ද්‍රව්‍ය තිබුණා . අපට පිස්සු නැහැ අතින් මත්ද්‍රව්‍ය දාන්න . අතින් මත්ද්‍රව්‍ය දාන්න අපි මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ නැහැ . නියෝජ්‍ය පොලිස් අධිකාරී හමුවේ පැමිණිල්ලක් දාලා තියෙනවා මට විරුද්ධව . පොලිස් අධිකාරී සෙනෙවිරත්න මට එන්න කියලා විස්තරය අහලා අනෙක් පාර්ශ්වයේ අයවත් අත්අඩංගුවට ගන්න කිවිවා ‘ මම ඒ අනුව අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කළා . මාලිගාවත්තේ තස්ලිම් කියලා කෙනෙක් ඉන්නවා .එයා පොලිසියේ අපිට රාජකාරී කරන්න දෙන්නේ නැහැ . එයා තමයි මේ අයව මානව හිමිකම් සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වලට එක්කර ගෙන ගිහිල්ලා පැමිණිලි දම්මන්නේ . එයාට ස්ථානාධිපතිතුමා සමග මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා . එකට පලිගැනිමක් විධියට තමා මෙහෙම කරන්නේ .”

මාලිගාවත්ත පොලිසියේ අපරාධ අංශයේ ප්‍රධානී නාමල් පෙරේරා අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට සිදු කරන අමානුෂික පහරදීම් සම්බන්ධයෙන් අප මිට පෙර ද වාර්තා කර ඇත. ඔහුට මාලිගාවත්ත ප්‍රදේශයේ පාතාල නායකු යැයි කියන කංජිපානි ඉම්රාම් සමග සමීප සම්බන්ධතා තිබෙන බවට ද ‌චෝදනා එල්ල වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *