රතුපස් වල නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් ! රතුපස් වල මහජනයාට ‌වෙඩි තැබුවේ කවුද?

පිරිසුදු පානීය ජලය ඉල්ලා සටන් වැදුණු ගම්පහ රතුපස් වල මහජනයාට වැලිවේරියේදී සිදු කළ වෙඩි තැබිමෙන් පුද්ගලයන් දෙදනෙකු ඝාතනය කර, පුද්ගලයන් පනස් දෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ බිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන සිව්දෙනෙකුට එරෙහිව නගා ඇති චෝදනා නීතිපතිවරයා විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට අසමත් වී ඇතැයි තීන්දු කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම විත්තිකරුවන් නිදහස් කොට නිදහස් කිරීමට අද (17) නියෝග කළහ .

වෙඩි තැබිම සිදු කර ඇත්තේ 2013 අගොස්තු පළමුදාය . එනම් අවුරුදු 11 කට පෙරය . මෙම ඝාතන නඩුවේ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ලෙස කටයුතු කළේ , නිමල් රණවීර ,නිශාන්ත හපුආරච්චි සහ සහන් මාපා බණ්ඩා යන මහාධිකරණ විනිසුරුවන් වෙති .

ගම්පහ නැදුන්ගමුවේ පිහිටි වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවෙන් පිටවන අපද්‍රව්‍ය හේතුවෙන් භුගත ජලයට අපවිත්‍රවීම නිසා එම කම්හල ඉවත් කරන ලෙසත් පිරිසිදු පාන‍ීය ජලය ලබා දෙන ලෙසත් ඉල්ලා 2013 ජුලි 27 ‌වෙනිදා සිට දින පහක් පැවති විරෝධතා උද්ඝෝෂණයට 2013 අගෝස්තු පළමුදා යුද හමුදාව විසින් පහර දී පසුව වෙඩි තබන ලදී . එම වෙඩි තැබිමෙන් සිසුන් දෙදනෙක් ඇතුළු තිදෙනෙකු ඝාතනය කෙරිිිණි. සිසුන් දහදෙනෙක් ඇතුළු තවත් පුද්ගලයන් 50 පමණ පිරිසක් තුවාල ලැබුහ .

රාජපක්ෂ ආණ්ඩුව සමයේ එම ඝාතන සිද්ධියේ පරික්ෂණ යට ගසා තිබුණු අතර පසු තරුණ ජනමාධ්‍යවේද‍ින් සහ ප්‍රදේශවාස‍ින් එවකට පොලිස්පති එන් .කේ .ඉලංගකොට පැමිණිලි කර ඇති අතර පසු රතුපස් වල සිද්ධියේ විමර්ශන කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්ම්න්තුවට පවරා ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ‌ජ්‍යෙෂ්ඨ ‌නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න සහ නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ලගේ අධික්ෂණය යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ හිටපු පොලිස් අධිකාරී ශානී අබේසේකර සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.එස් තිසේරාගේ මෙහෙයවිම යටතේ විශේෂ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති රංජිත් මුණසිංහ සහ පොලිස් පරික්ෂක උපාලි බණ්ඩාර යන නිලධාරීන් ඇතුළු පිරිසක් සිදු කළ විමර්ශන වලින් අනතුරුව බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු යුද හමුදා නිලධාරීන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත්හ .

යුද හමුදා අධිකරණය මගින් මේජර් ජනරාල් ගුණවර්ධන ඇතුළු යුද හමුදා සමාජිකයන් හතර දෙනා වැරැදිකරුවන් කර තිබු අතර එම තීන්දුව ද අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් මහාධිකරණයට ඉදිරිපත් කර තිබුණි .

මෙම නඩුවේ බ්‍රිගේඩියර් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා අනුගණනක් ඉදිරිපත් කර තිබු අතර සාක්කිකරුවන් හැත්තැවකට ආසන්න සංඛ්‍යාවක් සාක්කි දිමට නියමිතව තිබි ඇත. නමුත් නීතිපතිවරයා එම සාක්කිකරුවන් අතරෙන් කැදවා ඇත්තේ කිපදෙනෙකු පමණක් යන්න මාධ්‍ය වාර්තා කර තිබිණ .

එම තින්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන්නැයි නීතිපතිගෙන් ඉල්ලන බව රතුපස් වල වින්දිතයෝ පැවසුහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *