රනිල් , කාංචන හවුල විදුලි ගාස්තු 100% කින් වැඩි කරයි

විදුලි නිෂ්පාදනය කිරීමේ පිරිවැය අනුව ස්ව්‍යංක්‍රීයව වසරකට දෙවරක් විදුලි ගාස්තු සංශෝධනය කිරීම සදහා කැබිනට් ඹණ්ඩලයේ අනුමත කර ඇති යෝජනා අනුව 2023 ජනවාරි මස 01 වැනිදා සිට දැනට අය කරන විදුලි ගාස්තු 75 න් 100ත් අතර ප්‍රමානයකින් වැඩිවිමේ අනතුරක් මතු වී ඇත.

එම අනතුර මතු වී ඇත්තේ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ලෙස මුදල්, ආර්ථික ස්ථායිකරණය සහ ජාතික ප්‍රතිපත්ති ඇමතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා විදුලි බල හා බල ශක්ති ඇමති ලෙස කංචන විජේසේකර 2022.11 .1. දීන ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව නිසා වන අතර එය ජනාධිපති වික්‍රමසිංහ යටතේ ඇති මුදල් ,ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශ ලිපි ශීර්ෂයක් මගින් ඉදිරිපත් කර ඇත.

එම කැබිනට් පත්‍රිකාවේ සදහන් ආකාරයට මෙම වසරේ අගෝස්තු මාසයේ දී විදුලි ගාස්තුව වැඩි කළ ද සැප්තැම්බර් මාසය අවසන් වනවිට ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 309 ක පාඩුවක් ලබා තිබේ .එම පාඩුවට අමතරව භාණ්ඩාගාරයද 2022 ක වර්ෂයේ දී ලංකා විදුලි මණ්ඩලයට රුපියල් බිලියන 80 ක මුදලක් ලබාදී තිබේ .එම කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර අනුමත කර ඇති පිරිවැය අනුව ගාස්තුව ස්වයංක්‍රීයව ජනවාරි 01 වැනිදා හා ජුලි 01 වැනිදා සංශෝධනය කිරීමේ ක්‍රමය අනුව බිලියන 309ක් හෝ ඒ වනවිට ඊට වැඩි පාඩුව සමනය වන ආකාරයට විදුලි ගාස්තු වැඩිවිම සිදුවේ .

අවසන් වරට මෙම වසරේ අගෝස්තු මාසයේදී ප්‍රතිශතයක් ලෙස සියයට 75 ක විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදුකළ අතර ඒ අුනුව ලංක විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 520 දක්වා රුපියල් බිලියන 250 කින වැඩි විය .

එම අවස්ථාවේ ලංකා විදුල් බල මණ්ඩලය රුපියල් බිලියන 860 ක් දක්වා ඔවුන්ගේ ආදායම වැඩිකර ගැනීම සදහා විදුලි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලුව ද එයට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිවුයේ නැත .

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී මහජන උපයෝගිතා කොමිසමේ ඉහළ නිලධාරීයෙකු ප්‍රකාශ කළේ සාධාරණ පිරිවැය අයකළ හැකි බව විදුලි බල පනතේ සදහන් වන බවත්ය .එහෙත් නාස්තිකාර හා ආකාර්යක්ෂම වියදම් පියවා ගැනීම සදහා ලංකා විදුල් බල මණ්ඩලයට මෙතෙක් මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී නැති බවය

ලසන්ත රුහුණගේ -අනිද්දා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *