රාජකුමාරි මරා දමා ඇත්තේ මොට ආයුදයකින් පහර දී – සැකකරුවන් අත්අඩංගුවට ගන්න -මහේස්ත්‍රාත්

මොට ආයුදයකින් පහරදීම නිසා ශරීර අභ්‍යන්තරයේ පටකඉරි ලේ ගැලීම නිසා ආර් .රාජ්කුමාරි මිය ගොස් ඇති බවත් රාජ්කුමාරිව අත්අඩංගුවටගෙන රාජගිරිය වැලිකඩ පොලිසීයේ රදවාගෙන පහර දුන් සියලුම සැකතරුවන් අත්අඩංගුවටගෙන අධිකරණය හමුවට පමුනුවන්නැයි කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත්වරයා අද (25) නියෝග ක‌ළේය.

මෙම නඩුව කොළඹ අලුත් කඩේ අංක (04) මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනිණ .

වැලිකඩ පොලිසීය මගින් රාජ්කුමාරිව මැයි 11 වෙනිදා අත්අඩංගුවටගෙන ඇත්තේ මුද්දක් සොරකම් කළා යැයි කියන පැමිණිල්ලක් සම්බන්ධයෙනි . රාජකුමාරිට එරෙහිව මෙම පැමිණිල්ල වැලිකඩ පොලිසීයේ දමා ඇත්තේ ධනවත් කාන්තාවක් මෙන්ම චිත්‍ර පට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂිකාවක් වන සුධර්මා නේත්තිකුමාර විසිනි . ඇය නෙත්තිකුමාරගේ රාජගිරිය නිවසේ අවුරුද්දකට ආසන්න කාලයක් සේවය කොට ඇත .

පසුව ඇය නෙත්තිකුමාර විදේශගත වු අවස්ථාවක ඇයටත් නොදන්නවා කොටා පාරේ නිවසකට ගෘහ සේවය සදහා ගොස් ඇත. වැලිකඩ පොලිසී මගින් රාජ්කුමාරිව අත්අඩංගුවට ගන්නේ කොටා පාරේ නිවසේ සේවය කරමින් සිටියදීය .

හතලිස්වැනි වියේ පසු රාජ්කුමාරි ‌තිදරු මවකි . ඇය බදුල්ල දෙමෝදර නාවවත්තේ පදිංචිකාරිණියකි.

රාජ්කුමාරිව කොටා පාරේ නිවසට රැගෙන ගොස් ඇත්තේ මහෙන්ද්‍රන් සුරේෂ් නැමැත්තෙක්ය . වැලිකඩ පොලිසිය සුරේෂ්ට කොළඹට එන්නැයි දුරකතනයෙන් දැනුම් දී ඇති අතර පසුව සුරේෂ පැමිණ ඇත. ඒහි දී වැලිකඩ පොලිසිය මගින් ඔහුව අත්අඩංගුවටගෙන රාජ්කුමාරි සේවය කළ කොටා පරේ නිවසට රැගෙන ගොස් ඇත. පොලිසීය එම නිවසේ සිටියදී රාජ්කුමාරිව අත්අඩංගුවටගෙන, රාජ්කුමාරිට සහ තමාට එකම මාංචු කුට්ටම දමා වැලිකඩ පොලිසීයට රැ‌ගෙන ගිය බව සුරේෂ් අධිකරණය හමුවේ සාක්කි දෙමින් පැවැසීය . වැලිකඩ පොලිසීයට රැගෙන ගොස් තමාට සහ රාජ්කුමාරිට පහර දුන් බවත් පහර දේදී තමාට සිහිසුන් නැති වු බවත් සිහිය එද්දී රාජ්කුමාරි නොසිටි බවත් පසුව තමා දවස් 17 වැඩි කාලයක් විවිධ තැන් රදවාගෙන සිට මේ පිළිබද හෙළි කළහොත් වැඩ වරදින බවට තර්ජනය කළ මුදා හැරි බවත් ඔහු අධිකරණය හමුවේ වැඩිදුරටත් සාක්කි දෙමින් පැවැසීය .

සුරේෂව අත්අඩංගුවට ගනිද්දී පොලිසීය සමග නෙත්තිකුමාර සිටි බවත් පොලිසීය ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පැමිණ සිටි වාහනය නෙත්තිකුමාරට අයත් වාහනයක් බවත් එය පැදගෙන ආවේ වයසක පුද්ගලයෙක් බවත් සුරේෂ් අප සමග පැවැසීය .

මෙම නඩුවේදී පොලිස් නිලධාරීන් රාජ්කුමාරිට පහර දුන් බවට සුරේෂගේ (ඇසින් දුටු ) සාක්කිය වගේම කොටා පාරේ තමාගේ නිවසේ සිටියදී පොලිසීයෙන් රාජ්කුමාරිව රැගෙන ගිය බවට එම නිවසේ හිමිකරු අධිකරණය හමුවේ ලබාදුන් සාක්කිය ද ඉතා ප්‍රබල සාක්කි දෙකකි .

පොලිසීය මෙම සිද්ධිය යට ගැසීම සදහා මරණකාරීයගේ ස්වාමී පුරුෂයාට වන සෙල්වදොරේ ජේ .සුරාජ්ට මරණ කටයුත් කර ගැනීම සදහා යැයි මුදල් ලබා දී ඇත.

මරණකාරිය වෙනුවෙන් නීතිඥ සේනක පෙරේරා , නීතිඥ තම්බයියා ජෙයරත්නරාජා ,නීතිඥ දනුෂ්ක සිල්වා ,නීතිඥ නිරෝෂන් කුමාර් සහ නීතිඥ ප්‍රබෝධ රත්නායක යන නීතිඥවරු පෙනි සිටියහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *