රාජ්‍ය ආයතන විකිණීම නතර කර දෙන්නැයි වෘත්තීය සමිති නායකයෝ කතරගම දේවියන් සහ කාලි මැණියන්ගෙන් ඉල්ලති
![](https://www.lankaskynews.com/wp-content/uploads/2024/02/DSC_0122-2-scaled.jpg)
IMF වලට මුවා වී රාජ්‍ය සම්පත් විකිණීම වහා නතර කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට බල අද (21) දහවල් කොටුව ලේක් හවුස් ආයතනය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .
මෙම විරෝධතා උද්ඝෝෂණයට ටෙලිකොම් , විදුලිය , තැපැල් ,සහ බැංකු ඇතුළු වෘත්තීය සමිති ගණනාවක් කම්කරුවන් සහභාගි වි සිටියහ .
රාජ්‍ය දේපොල අනාගත පරපුර වෙනුවෙන් සුරකිමු යන්න ඔවුන්ගේ තේමා පාඨය වී තිබුණි .
රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව සිදු කරන රාජ්‍ය සම්පත් විකිණීම නතර කර දෙන්නැයි වෘත්තීය සමිති නායකයින් කාලි අම්මාගෙන් සහ මූහුණු සයක් ඇති කතරගම දෙවියන්ට කන්නලව් කරමින් ඉල්ලා සිටිහ . පොදුවේ සියලුම වෘත්තීය සමිති නායකයාන්ගේ අනුමැතිය ඊට ලැබිණ .
ආර්ථිකය ගෝලිය කරණය විමත් සමග වෘත්තීය සමිති වලට පැවති ප්‍රගකිශීලී ෙඑතිහාසික කාර්ය භාර්ය අවසන් වි ඇත. වර්තමානයේ වෘත්තීය සමිති ධනපති සංස්ථාපිතයේ මෙවලමක් බවට පත් වී තිබේ . ධනපති පංතිය පෙරළා දැමීය හැකි සක්‍යතා සහිත එකම පංතිය කම්කරු පංතිය පමණි . කම්කරු පංතියට තමන් නියැලි සිටින ආර්ථීක තත්වයන් විසින් අත්පත් කර දී ඇති එම සක්‍යතාව දැනුවත්ව වසන් කිරීම සදහා ලංකාවේ ඇතුළතත් ලෝක පරිමානවත් කාලි මැණියන් , කතරගම දේවියන් සහ දේවියන් වහන්සේ පිටුපස බඩගෑමෙන් පමක් කම්කරු -පීඩිත මහජනයාට විමුක්තිය අත්පත් කර ගතහැකි යන මිත්‍යාව වෘත්තීය සමිති නායකයින් විසින් වපුරමින් සිටිති . අද (21) ලේක් හවුස් ආයතනය ඉදිරිපිට නැටු බලිතෝවිල් හරහා සිදු වන්නේ කම්කරු පංතියේ විඥ්ඥානය මෙන්ම සටන්කාමීත්වය මොට කිරීමකි . එහි වාසිය හිමි වන්නේ ධනපති පංතියටය .
![](https://www.lankaskynews.com/wp-content/uploads/2024/02/DSC_0078-1024x683.jpg)
![](https://www.lankaskynews.com/wp-content/uploads/2024/02/DSC_0070-1024x683.jpg)
![](https://www.lankaskynews.com/wp-content/uploads/2024/02/DSC_0094-1024x683.jpg)
![](https://www.lankaskynews.com/wp-content/uploads/2024/02/DSC_0096-1-1024x683.jpg)
![](https://www.lankaskynews.com/wp-content/uploads/2024/02/DSC_0064-1-1024x683.jpg)