රාජ්‍ය ආයතන හා ජාතික සම්පත් විකිණීම වහා නතර කරන්නැයි වෘත්තීය සමිති සහ පක්ෂ වල නියෝජිතයෝ ආණ්ඩුවට බල කර සිටිති

රාජ්‍ය ආයතන හා ජාතික සම්පත් විකිණීම වහා නතර කරන්නැයි ආණ්ඩුවට බල කර රාජ්‍ය සම්පත් සුරැකිමේ ව්‍යාපාරය අද (03) සවස කොළඹ ඉබ්බන් වල හංදියේ පිලිප් ගුණවර්ධන (හයිටි පිටිය ) ක්‍රීඩාංගනයේ විරෝධතා රැලියක් පවත්වන ලදී .

මෙම රැලිය සංවිධානය කර තිබුණේ දේශපාලන පක්ෂ , වෘත්තීය සමිති , බහුජන සංවිධාන සිවිල් සංවිධාන සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය යන සංවිධාන මගින්ය. එම රැලියේ රාජ්‍ය ආයතන හා ජාතික සම්පත් විකිණීම වහා නවතනු යන ප්‍රධාන සටන් පාඨ දෙකට අමතරව වෙළද රැකියා ඇතුළු සමස්ත ආක්‍රමණය කරන ඒට්කා ගිවිසුම හකුළා ගනු ! වෘත්තීය සමිති ,සිවිල් ක්‍රියාකාරීන් නිහඩ කරන සියලු මර්දන අණ පනත් හකුළා ගනු ! අසාධාරණ බදු ඉවත් කරනු ! නිදහස් සෞඛ්‍ය මුදලාලිකරණය වළකමු! නිදහස් අධ්‍යාපනය වනසන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රෝඩාව හකුළා ගනු ! යන සටන් පාඨ ද ප්‍රධාන බැනරයේ සදහන්ව තිබුණි .

සැලකිය යුතු පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටියහ . වෘත්තීය සමිති නායකයින් මෙන්ම පක්ෂ වල නියෝජිතයින් ද පැමිණ සිටි පිරිස් අමතා කතා කළහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *