රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සේවකයන් 1417 විශ්‍රාම ගන්වති

ශ්‍රී ලංකා රාජ්‍ය ඉජිනේරු සංස්ථාවේ සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සේවකයන් 1417 විශ්‍රාම ගැන්වීමට මහා භාන්ඩාගාරයෙන් රුපියල් කෝටි 376 (මිලියන 3.764 ) ක මුදලක් ලබා දී ඇති බව ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති නීතිඥ රත්නසිරි කළුපහන පැවසීය

විශ්‍රාම යන සේවකයන් 1,417 ට වයස 55 ට වැඩි සේවකයන් 252 ක් සහ වයස 55 ට අඩු සේවකයන් 1,165 ක් ඇතුළත් බවත් එම ආයතන දෙකේ විශ්‍රාම ලැබූ, මියගිය සහ ඉල්ලා අස්වූ සේවකයන් 910 කට ද භාන්ඩාගරයෙන් ලැබුණු මුදල් වලින් ව්‍යවස්ථාපිත ගෙවිම් සිදු කිරීමට ඇති බව සභාපතිවරයා කීය.

කොවිඩ් වසංගතයත් සමග රටේ ආර්ථිකය කඩා වැටීමත් නිසා රාජ්‍ය ඉජිනේරු සංස්ථාවේ සේවකයන් 1,800 කට වැටුප් වශයෙන් මසකට රුපියල් කෝටි 14 ක් (මිලියන 140) පමණ මුදල සොයා ගැනීමට නොහැකිව වු නිසා සංස්ථාව අර්බුදයට ගිය බව කී නීතිඥා රත්නසිරි කළුපහන සේවකයන් 1417 විශ්‍රාම ගිය පසුව සංස්ථාවේ වැටුප් ගෙවීම සදහා අවශ්‍ය වන්නේ කෝටි 4 කට (මිලියන 40) පමණ මුදලක් බව ද සඳහන් පැවසීය .

වන්දි ගෙවීමට මුදල් සොයා ගැනීම සදහා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව සතු පෑලියගොඩ ප්‍රදේශයේ අක්කර 17 ක ඉඩමක් විකිණීමට සැළසුම් කළ අවස්ථාවේ ජනාධිපතිවරයාගේ මැදිහත්වී එම ඉඩම විකිණිම නැවැත්තු වු බව සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *