රිච් කලර් ‌එක්ස්පෝට් ආයතනය එහි සේවකයන්ගේ වැටුප් සහ අර්ධ සාධක ‌ගෙවීම පැහැර හැරලා

රිච් කලර් ඒක්ස්පෝට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය කම්කරුවන්ගේ මාසික වැටුප ගෙවන්නේ තුන් පාරකට බවත්  කම්කරුවන්ගෙන් කපා ගන්නා ඊපිඑෆ් සහ ඊටිඑෆ් මුදල් අවුරුදු තුනකින් මහ බැංකුවේ තැන්පත් කර නැතැයි එම කම්කරුවෝ රිච් කලර් එක්ස්පෝට් ආයතනයේ පාලනාධිකාරීයට චෝදනා කරති .

රිච් කලර් එක්ස්පෝට් ආයතනය බණ්ඩාරගම හිරණ පානදුර පාරේ පිහිටුවා ඇති අතර එම ආයතනය රේදි මුද්‍රණය ( ස්ක්‍රීන් ප්‍රින්ටින්) කරන කර්මාන්ත ශාලාවකි . බ්‍රැන්ඩේක්ස් ,සැවේජ් එක්ස්  සහ ජිඑස් පී වැනි විදේශ ආයතන වල රේදී මෙම අයතනයෙදී මුද්‍රණය කෙරේ .

එම කර්මන්ත ශාලාවේ සේවකයෝ 226 දෙනෙක් වැඩ කරන අතර 39 දෙනෙක් කාර්යාල සේවකයෝ වෙති .

රිච් කලර් එක්ස්පෝට් ප්‍රයිවට් ආයතනය රන්පත් ගෲප් අයිතිකරු නිරෝෂ් බුද්ධිසිරිට අයත් කර්මාන්ත  ශාලාවකි.

රේදි මුද්‍රණය කරන කම්කරුවෙකු මුලික වැටුප රුපියල් 35 .000 ක් වන අතර සහයකයෙකුගේ වැටුප 20.000බවත්  පැමිණිමේ දිමනා ,අත්තිකාල දීමනා වලින් මුදලක් උපායා ගතත් ද අද වන විට පාලනාධිකාරීය අත්තිකාල දිමනා ද නතර කර දමා ඇතැයි එහි සේවකයෙක් ලංකා ස්කයි නිවිස් සමග පැවසීය .

මෙම ජායා රූපය රිච් කලර් වෙබ් අඩවියෙන් ගත්තකි

කාර්යාල සේවකයන්ගේ මුලික වැටුප (40.000) අඩු වගේම සේවකයන්ගෙන් සේවකයාට මුලික වැටුප වෙනස් බවත් දිමනා සමග 70.000ත් 80.000ත් අතර මුදලක් වැටුප වශයෙන් ලබා ගත හැකි වුවත් එලවුන්ස්  කැපුවාහම ලැබෙන්නේ රුපියල් 40.000 මුදලක් .එලවුන්ස් කපලා කියලා දන්නේ පඩි ගන්න ගියාහම .   රුපියල් 35.000 ත් 40.000ත් වැටුපකින්   කාමර ගාස්තු සහ කෑම වියදම් පවා පියවා ගැනීමට නොහැකි තත්වයක්  උදා වී ඇති බව කාර්යාල සේවකයා දුක්මුසු ස්වරූපයෙන් අප සමග කීය.

කර්මාන්ත ශාලාවේ සේවය කරන කම්කරුවන් 187 න් 50 දෙනෙකු ඉවත් කරන්නට පාලනාධිකාරීය සුදානම්වන බව පැවසු කාර්යාල සේවකයා සේවක අයිතිවාසිකමි ගැන කතා කරන කම්කරුවන්ට සේවය කිරීම එපා කර සේවයෙන් පහ කරන බවත් පැවසීය .

එම සේවකයා වැඩිදුරටත් මෙසේ පැවසීය

අවුරුදු 03 කින් ඊටිඑෆ් සහ ඊපිඑෆ් දාලා නැහැ . සේවකයෝ ඊපිඑෆ් එකෙන් 30% 70% ගන්න ගියාහම තමා දැන ගත්තේ ඊටිඑෆ් සහ ඊපිඑෆ් දාලා නැහැ කියලා . අපි ඇහැව්වාහම දානවා කියනවා . නමුත් මේ වන තෙක් දාලා නැහැ . පැක්ටරියෙන් ඉවත් වු සේවකයන්ගේ පාරිතෝෂිත දීමනාව මේ වන තෙක් දාලා නැහැ . සේවකයෝ පාලකයන්ට එරෙහිව නඩු මගට බැහැලා . වෘත්තීය සමිති හදන්න දෙන්නේ නැහැ . සේවක අයිතිවාසිකම් ගැන කතා කළාම සේවකයන්ගෙන් පලි ගන්නවා . සේවකයාට හෝ සේවිකාවට රස්සාව එපා කරවලා  යන තැන කටයුතු කරනවා .ගන්න සෝචම් වැටුප බෝඩිමට සහ කෑමමට දුන්නාම ඉවරයි .අඩුම තරමේ ජිවත් වෙන්න පුළුවන් වැටුපක් ලැබෙන්නේ නැහැ . ගම්වලින් ආපු සේවකයන්ට ගෙවල් වලට සල්ලි යවන්න විධියක් නැතිව තැවෙනවා . අයිතිකාරයා පැක්ටරියට එන්නේ නැහැ . සේවක ප්‍රශ්න ගැන කතා කරන සේවකයා පහුවදා එළියට දානවා . අද රැස්විමේ කතා කළ සේවකයන්ට හෙට මොනවා වෙයි ද කියලා දන්නේ නැහැ.

හිමන්ත මදුරසිංහ තමයි නිෂ්පාදනය පැත්ත බලන්නේ . මිනිහා හිටිලර් වගේ පොරක් .  පැක්ටරියේ ප්‍රශ්නයක් කතා කළොත් ඒ සේවකයාව ඒ මොහොතේ ගෙදර යවනවා . භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය අපට අහිමි කරලා තියෙන්නේ . මදුරසිංහ පැක්ටරිටය එන්නේ බණ්ඩාරගම පොලිසියේ ආරක්ෂාව ඇතුව. මදුරසිංහ කතා කරපු ගමන්  බණ්ඩාරගම පොලිසීය එනවා .

අවුරුදු එකහමාරක් තිස්සේ සේවකයෝ කන්නේ පොල් සම්බෝලයි බතුයි . මදුරසිංහලා  ප්ලාන්ට් ඒක ඇතුලේ ඌරු මස් බැදලා , ජම්බෝ සොසේජ්ස් බැදලා කනවා සේවකයන්ට පෙන්න . මේ කුපාඩි වැඩ සේවකයෝ කාලයක් තිස්සේ බලාගෙන හිටියා . මොනයම් මොහොතක සේවයයෝ පීඩනයට එරෙහිව නැගී සිටිනවා .  හරියට ගාලුමුවදොර අරගලය වගේ .

 අපේ ආයතනය උපයන ලාභ යන්නේ රන්පත් ගෲප් එකේ ගිණුමට. රන්පත් ගෲප් එක අරගෙන තියෙන ණය මුදල් කැපුනාට පස්සේ ඉතිරි වන මුදලෙන් තමා රිච් කලර් ආයතනයේ සේවකයන්ගේ වැටුප් ගෙවන්නේ . අපේ වැටුප ගෙවන්නේ දෙපාරකට හෝ තුන් පාරකට . මොකද ණය කැපෙන කොට බැංකුවේ මුදල් නැහැ .   එකට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ අපට . අපට සෝචම් වැටුපක් ගෙවලා අපේ ශ්‍රමය සුරාගෙන කනවා මදිවාට අපට වේලාවට වැටුපවත් දෙන්නේ නැහැ . රටම නොවෙය් ලෝකයම අර්බුදයක කියලා අපි පිළිගන්නවා . අපිව බඩගින්නේ තියලා බුද්ධසිරිලා සැප ගන්නවා .

බණ්ඩාරගම කම්කරු කාර්යාලයට පැමිණි කළාට වැඩක් නැහැ . මොකද ? කම්කරු කාර්යාලයේ නියෝජිතයන්ට ටයිගස්ලා මාර්ගයෙන් පාලනාධිකාරිය අරක්කු යවනවා කියලා කම්කරුවෝ දන්නවා .

රිච් කලර් ආයතනයේ සමාන්‍යාධිකාරීවරයෙකු වන හිමි මදුරසිංහගෙන් මේ පීළිබදව අප කළ විමසුමකදී ඔහු ඵල කළ අදහස් පහතින් ඵල වේ .

“අපි කෝවිඩ් වලට කලින් ඇමරිකන් ඩොලර් ලක්ෂ පහක් පමණ ආදායම් ඉපෙපෙ . නමුත්ද උපයන්නේ ඇමරිකන් ඩොලර් 75 .000 යි 50.000 ක් වගේ මුදලක් තමයි අපේ ආදායම. අපි ඉන්වෙස්ට් කරපු පයිනෑස් කොස්ට් එකවත් අපට ලැබෙන්නේ නැහැ . අපේ කර්මාන්තයේ ඉදිරියෙම තියෙන ආයතන කිපයක් තියෙනවා . ඒ කොම්පැනිත් තියෙන්නේ අපේ තත්වයේ . ආයතනයේ ‌ සේවකයන්ට කලින් ලබා දුන් අයිතීන් අද ලබා දෙන්න විධියක් නැහෑ . අපි තරම මේ ක්ෂත්‍රයේ සේවකයන්ට සලකපු කොම්පැණියක් නැහැ . ලංකාවේ කොම්පැණිත් සමග ගත්තොත් වැඩිම මුලික පඩිය ගෙවන්නේ අපි . අපි ප්‍රින්ටර් කෙනෙකුට 45.000 ක් ගෙවනවා . සහායකයෙකුට 25.000ක් ගෙවනවා . කාර්යාල සේවකයන්ගේ වෘත්තීය අනුව මුලික පඩි වෙනස් වෙනවා . කොවිඩි වලින් පස්සේ ආයතන රාශියක් වැහුණා . දැන් ගෙනියන්නේ ඉතාම අමාරුවෙන් . ඉස්සර අපට තිබුණු ඇණවුම් වලින් දැන් ලැබෙන්නේ 10% ත්15% ත් ප්‍රමාණයක් . ඇදගෙන යන්න ළමයිනුත් ඉස්සර හට නැති වුනොත් වහලා දාන්න තමයි වෙන්නේ . අපි සෑම මසකම 10 වෙනිදාට වැටුප් ගෙවනවා . නමුත් වෙනස් වෙච්ච මාස තියෙනවා . ඊටිඑෆ් සහ ඊපිඑෆ් ගෙවපු නැති කාල තිබුණා . පස්සේ අපි එවා ගෙවිවා . සමහර සේවකයෝ අපට නඩුත් දාලා තියෙනවා . අපි ගන්නා අමු ද්‍රව්‍ය 300% කින් වැඩි වෙලා තියෙනවා .”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *