රුපියල් 20.000කින් වැටුප් වැඩි කරන්නැයි රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවකයෝ ආණ්ඩුවෙන් ඉල්ලති

2024 අයවැයෙන් රාජයේ සේවකයින්ගේ මුලික වැටුප රුපියල් 20.000 කින් වැඩි කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුුුවට බල කර අද (30) දහවල් (කෑම පැයේ ) කොළඹ දිස්ත්‍රීක්කයේ රාජ්‍ය අයතන කීපයක් ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණ පැවැතිවිණ .

රාජ්‍ය හා පළාත් රාජ්‍ය අයතන සේවකයින් මුලික වැටුප රුපියල් 20.000කින් වැඩි කරන්නැයි සහ විශ්‍රාම වැටුපට අත නොතබන්නැයි ආණ්ඩුවට බල කර අද (30) දහවල් ලිප්ටන් වටරමුමේ විරෝධතා උද්ඝෝෂණයක් පැවැත් වුහ .

මෙම විරෝධතා උද්ඝෝෂණය රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුත්ව මගින් සංවිධානය කර තිබුණි .

ජීවන බර දරන්න බෑ රුපියල් 20.000 ක දීමනාවක් ලබා දෙනු ! 2016 අහිමි කළ පුර්ණ විශ්‍රාම වැටුප ක්‍රමය යළි ක්‍රියාත්මක කරනු! සහ පාලකයින්ට සැප ජනතාවට ශිගමන ආදි සටන් පාඨ සහිත පුවරු ඹසවාගත් වි‌රෝධතාකරුවෝ

දියව් දියව් -අපට දියව්

20.000 ක් අපට දියව්

දියව් දියව් -අපට දියව්

අපේ අයිතීන් -අපට දියව්

ජිවන බර – අහස උසට

පඩිය මදි – දිවි රැකෙන්න

විසිදාහක -දිමනාව

සැමට දියවි – දීමනාව

විදුලි බිලත් -වැඩි කරනවා

තෙල් ගෑසුත්-වැඩි කරනවා

කන්න බොන්න – නැති කෙරුවා

රනිල් පර්සි -රට කෑවා

උපයනවිට -බද්ද ගහලා

උපයන එක – මුං ගන්නවා

රටේ සල්ලි -හොරා කාලා

අපෙ වැටුපම -මුං ගන්නවා යන ආදී සටන් පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් විරෝධතාකරුවෝ උද්ඝෝෂණයේ නරත වුහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *