ලියෝන් ට්‍රොට්ස්කි ඝාතනය කර වසර 83 යි ට්‍රොට්ස්කිගේ දේශපාලන පෙර දැකීම් තවමත් වලංගුයි

මහින්ද දේවගේ විසිනි

මාක්ස්වාදී නිර්මාතෘවරුවන් අතර ලියෝන් ට්‍රොටිස්කිට හිමි වන්නේ අතිවිශේෂස්ථානයකි. 1940 අගෝස්තු 20 වන දින මෙක්සිකෝවේ කොයො ආකාන්හි පිහිටි ට්‍රොට්ස්කිගේනිවසේදී රේමන් මර්කේඩර් නම් ජිපියු සෝවියට් රහස් පොලීසියේ ඒජන්තයෙකු විසින් ඔහුව ඝාතනය කරන ලදි. ලියෝන් ට්‍රොටිස්කි නැමති ශ්‍රේෂ්ඨ විප්ලවවාදියාව ඝාතනය කර මේ වන විට වසර 83ක් සපිරේ .

ට්‍රොටිස්කි විසින් ඉතිහාසයට එකතු කරනු ලැබූ විග්‍රහයන් මේ වන ව්ට ජාත්‍යන්තර පරිමාන විප්ලවකාරී බලවේග අතර කථිකාවට බදුන් වෙමින් තිබේ. විප්ලවය පාවාදිම පිළිබඳව The Revolution Betrayed සහ නොනවතින විප්ලවය පිළිබඳ සංකල්ප මේ අතර ප්‍රධාන මාතෘකා බවට පත්වී තිබේ. විශේෂයෙන්ම 1990 දශකයේ සෝවියට් දේශය බිඳ වැටිමට හේතු වූ කරුණු පෙර දකින්නට ට්‍රොටිස්කිට හැකි වීම නිසා ඔවුහු මෙලෙස ඉතිහාසයට එකතු විණ .

1917 ඇති වූ ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර් ව්ප්ලවය පිළිබඳ කියවීම් වලදී ලෙනින් හා ට්‍රොටිස්කි විසින් ඉටු කරනු ලැබූ නායකත්වයේ වගකීම හා මග පෙන්වීම ප්‍රධාන විය . 1905 විප්ලවයේ ඔහු පෙට්‍රොග්‍රෑඩ් සෝව්යට් සභාවේ සභාපතිවරයා විය . රුසියානු විප්ලවයට එරෙහිව මතුවූ ප්‍රතිව්ප්ලවය පරාජය කිරීම සඳහා රතු හමුදාව ගොඩ නැගිමට නායකත්වය ලබා දුන්නේ ට්‍රොටිස්කි විසිනි . රුසියානු විප්ලවය ආරම්භ වීමට පෙර සිට එහි අනාගත ගමන් මග පිළීබඳ කරන ලද පුරෝකථනයන් භාවිතයට නැගුවානම් වත්මන් ලෝක දේශපාලනයේ ඇති විය හැකි පරිවර්තනය වෙනස් ගමන් මගක් ගැනිමට බොහෝ ඉඩකඩ තිබුණි

යටත් විජිත හා අර්ධ යටත් විජිත රටවල විප්ලවය සාර්ථක කර ගැනිමට තිබෙන ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ ගැට`ඵ ඔහු විග්‍රහ කරණු ලැබුවේ නොනවතින විප්ලවය යන සංදර්භය මත කරනු ලැබු න්‍යායික විග්‍රහය පදනම් කර ගනිමිනි . නොනවතින විප්ලවයේ පදනම මත පිහිටා පළමුව කරුණු ඉදිරිපත් කළේ කාල්මාකස් විසිනි. මාක්ස්ගේ ( Uninterrupted Revolution ) කෘතිවල අඛණ්ඩ විප්ලවයයන නාමයෙන් කරුණු දක්වන ලදී . එකී විග්‍රහයන් වලින් පැහැදිලි කරන්නේ ධනපති ක්‍රමය සංවර්ධනය නොවූ පසුගාමී හා අඩු දියුණු රටවල ධනේශ්වර සංවර්ධනය පරිපූර්ණ වශයෙන් ඉටුකර කිරිමට නොහැකි බවත්ය. මෙයට හේතු වශයෙන් මාක්ස්වාදීන් කරුණු දක්වා සිටියේ අතීතයේදී වැඩවසම්වාදය පරාජය කර දමා ධනවාදය ගොඩනැගිම සඳහා සිදුවූ ධනේශ්වර ව්ප්ලවය මෙන් නොව මෙම රටවල ධනපති පන්තිය වැඩවසම් ක්‍රමය සමඟ එකමුතුව නිර්ධන පන්තියට එරෙහිව පෙනී සිටීමය. ඉහත ධනපති බලවේගවල ප්‍රධාන හතුරා වන්නේ නිර්ධන පතන්තිය වේ . 1848 දී යුරෝපයේ ඇති වූ පන්ති අරගල වල ස්වභාවය පැහැදිලි කරමින් කාල් මාක්ස් මෙය විග්‍රහ කරන ලදී .

පසු කාලයේදී රුසියානු මාක්ස්වාදයෙකු වූ පාවුස් නොනවතින විප්ලවය පිළිබඳ කරුණු දක්වා සිටියත් එය වඩා පෝෂණය කරමින් ඉදිරි දර්ශනයක් ඉදිරිපත් කිරිමට සමත්වූයේ ලියෝන්ට්‍රොටිස්කි විසිනි . 1917 ලෙනින් විසින් අප්‍රේල් ප්‍රවාදය ලෙස එළි දැක්වූ කෘතිය විසින්ද නොනවතින විප්ලවයේ න්‍යායික පදනම ආරක්ෂා කිරීමට කටයුතු කළේය . මේ වන විට ජාත්‍යන්තර පරිමාන ඇති වී තිබෙන ගෝලීය ධනවාදයේ ව්‍යුහාත්මක වෙනස්කම් හේතුකොටගෙන සමහර රටවල ධනපති පාලකයින් ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යන් ඉටු කිරිම දක්නට හැකි විණ . ජපානය , කොරියාව වැනි රටවල අධිරාජ්‍යවාදින්ගේ මැදිහත්වීම් වලින් බරපතල ඉඩම් ප්‍රතිසංස්කරණය සිදුකරන ලදී . ඒත් ලංකාව වැනි රටවල ධනපති පන්තියට එවැන්නක් සාර්ථක කර ගැනිමට තවමත් නොහැකි වී තිබේ . තවමත් පසුගාමි ධනේශ්වර රටක් ලෙස ලංකාව දක්නට ලැබේ .

මේ දේශපාලනය හරිහැටි තේරුම් කර ගැනිමට නොනවතින විප්ලවය පිළිබඳ න්‍යායික විග්‍රහය නැවත කියවා ගැනිමට අවශ්‍ය වේ. නොනවතින විප්ලවය නිවැරදි ලෙස අධ්‍යනය කිරීමේදී ජාතික සිමාවන් මත පිහිටා බලය ලබා ගැනීමට නොහැකි බව වඩාත් සනාථවේ .

ජාත්‍යන්තර පරිමානව මතුවන දේශපාලන දිග හැරීම් මත පමනක් විප්ලවකාරී පරිවර්ථනයක් ඇතිකර ගතහැකි බවට කරන ඉගැන්වීම් නැවත නැවතත් නිවැරදි බව ඔප්පු වී තිබේ . එවන් තත්වයක් තුළ වූවත් තනි රටක සමාජවාදී විප්ලවය සාර්ථක කර ගැනීමට හැකිද යන ප්‍රශ්නයට ට්‍රොටිස්කි එය කළ හැකියැයි පිළිතුරු දුනි . ලෙනින් ප්‍රකාශ කළේ , අධිරාජ්‍ය වාදී දම්වැලේ දුර්වලම පුරුක බිද වැටුණු බවයි . එයපරාජය කිරිමට කටයුතු කරන අධිරාජ්‍යවාදි බලවේගවලට එරෙහිව එම රටවල කම්කරු පන්තිය ඇතුඵ සෙසු පිඩිත බලවේග පෙරට පැමිණි යුතුයැයි අවධාරණය කය . මෙහිදී ලෙනින් පෙන්වා දුන්නේ රුසියානු විප්ලවයේ ජයග්‍රහණය තහවුරු කර ගැනිමට හැකි වන්නේ ජර්මනිය වැනි දියුණු ධනවාදී රටක නිර්ධන පන්තිය බලය අත්පත් කර ගැනිමෙන් පමණක් බව වැඩි දුරටත් පෙන්වා දුන්නේය . රුසියානු නිර්ධන පන්තියට ඒ මගින් බලගතු ආරක්ෂාවක් ලැබෙන බව කියා සිටියේය . සෝවියට් දේශයේ ඉතිහාසය පිළිබඳ නැවත කියවන්නේ නම් ට්‍රොටිස්කි ලියා ඇති කෘතීන් ගැඔුරින් අධ්‍යනය කිරිම අවශ්‍ය වේ. මෙයින් ගම්‍යවන්නේ 20 වන සියවසේ ශ්‍රේෂ්ඨතම දේශපාලන ලේඛකයන් අතරට ට්‍රොටිස්කි එක් වී සිටින බවයි .

නමුත් ලෙනින්ගේ මරණයෙන් පසු රුසියාව තුළ බලයට පත්වූ ජෝසප් ස්ටැලින්ගේ නිලධාරිවාදි ආඥාදායකත්වය යටතේ නොනවතින විප්ලවය වෙනුවට තනි රටේ සමාජවාදය යන නිර්මාක්ස්වාදි න්‍යාය ක්‍රියාවට නැගුවේය . මෙම මගින් අධිරාජ්‍යවාදී බලවේග සමඟ සම්මුති ගොඩනගාගැනීමට කටයුතු කළේය. ඒ සමගම ජාත්‍යන්තර පරිමානව විප්ලවවාදී බලවේග පාවාදිමට එරෙහිව කටයුතුකරන ලදී . බොහෝ රටවල කොමියුනිට් පක්ෂ සෝවියට් දේශයේ අනුගාමිකයන් බවට පත්විය . මෙකී තත්වයටඑරෙහිව පෙනිසිටි සිය දහස් ගණන් සයිබිරියාවේ සිර කඳවුරවල ගාල් කරමින් විශාල පිරිසක් ඝාතනය කරමින් රටින් පිටුවහල් කිරිමට ස්ටැලින්වාදි නිලධරය කටයුතු කළේය . මෙහි අවසානය වූයේ මෙක්සිකෝ වේදීට්‍රොට්ස්කි ඝාතනය කර දැමීමය .

ට්‍රොට්ස්කි ඝාතනය කිරිමට පෙර ඔහු උපකල්පනය කලේ , සෝවියට් දේශයේ ගොඩනැගෙන නිලධාරි යාන්ත්‍රණය කම්කරු පන්තිය විසින් දේශපාලන විප්ලවකාරි නැගිටීම් මතින් පරාජය කිරිමට කටයුතු කරනු ඇතැයි කියා ය . ට්‍රොට්ස්කිගේ මෙම දේශපාලන උපකල්පනය එසේ ඉටු වූයේ නොමැත . එම සමාජ පසුබිම තුළ ඇති වු සමාජ අර්බුදය නිසා දෙවන ලෝක යුද්ධයට මෙම රටවල්වලට මුහුණදීමට සිදුවිම නිසා යුරෝපයේ බොහෝ රටවල සොවියට් හිතවාදී රාජ්‍ය පද්ධතියක් ඇතිවන ලදි . මෙමගින් සෝවියට් නිලධාරී පාලනය යම් ප්‍රමාණයකට ශක්තිමත් විය. මේ තුළ ඇති වූ අධිරාජ්‍යවාදී බලපෑම්වල පීඩනය නිසා නිලධාරි යාන්ත්‍රණයේ බෙදීම් හා අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාවයන් ඇතිවෙමින් 1990 දශකයේ බරපතල ලෙස සෝවියට් දේශය කඩාවැටීමට ලක්විය . එකී තත්ත්වය තුළ නිරෝගී කම්කරු රාජ්‍යයක් ඇතිවීම වෙනුවට සිදුවුයේ ධනේශ්වර ක්‍රමය ස්ථාපිත වෙමින් ප්‍රති විප්ලවකාරී තත්ත්වයක් නිර්මාණය වීමය . එම ඇති වු සිදුවීම් වලින් ට්‍රොස්කිගේ දේශපාලන පෙරදැකීම් ප්‍රතික්ෂේප වුයේ නැත .

ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා මේ වන විට ගෝලීය ධනපති ක්‍රමය මුහුණදෙන අර්බුදය තීව්‍ර වී තිබේ . සමස්ත මානව සංහතිය මේ නිසා බරපතල මරණීය අනතුරකට ඇඳ දමා ඇත . මේ තත්ත්වය තුළ ජාත්‍යාන්තර පරිමානව මානව සංහතියේ පැවැත්ව ආරක්ෂා කරගත හැක්කේ ගැඹුරු සමාජ පරිවර්තනයකට මගපාදා ගැනීමෙන් පමණි . ඒ සඳහා නිර්ධන පන්ති බලයක් ස්ථාපිත කර ගනිමින් ධනේශ්වර ව්‍යුහය විනශ කරමින් නිර්ධන පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරුකර ගත යුතුය .-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *