ලෝක යුද්ධයකට අතවනන අධිරාජ්‍යවාදී යුද වියරුව පරදවමු !

කට වහන ඔන්ලයින් පනත වහා ඉරා දමනු ! බල ශක්තී ස්වාධීපත්‍ය පවා දෙන රනිල්- මෝදි හොර ගිවිසුම ඉරා දමනු ! ත්‍රස්ත විරෝධී පනත ඇතුළු මර්දන නීති වහා හකුළා ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙි ආණ්ඩුවට බල කර අද (16) දහවල් පිටකොටුව බෝගහ ඉදිිිිිිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

මෙම විරෝධතා උද්ඝෝෂණය පෙපෙගාමී සමාජවාදී පක්ෂයේ අනු සංවිධානයක් වන “තරුණයට වෙනසක් සදහා” (Youth For Chenge ) වු ව්‍යාපාරය මගින් සංවිධානය කර තිබුණි

උද්ඝෝෂකයන් නිදහස් පලස්තීනය පිළිගනු ! අයි .එම් .එෆ් . මර උගුල පරදවමු ! ලෝක යුද්ධයකට අත වන එරෙහි වෙමු ! යන සටන් පාඨ සහිත පුවරු ඔසවාගත් විරෝධතාකරුවෝ පැයකට ආසන්න කාලයක් සටන් පාඨ කියමින් විරෝධතාවේ නිරත වුහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *