වඩුක්කොඩෙයි පොලිසිය පහර දී තරුණයෙකු මරා දමයි

වඩුක්කොඩෙයි පොලිසීය මගින් අත්අඩංගුවට ගෙන පසුව බන්ධනාගාරගත කරන ලද තරුණයෙකු එම බන්ධනාගාරය තුළ මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පොලිසීයේ උප පොලිස් පරික්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි යාපනයේ පොලිස් ස්ථානයට මාරුවක් ලබා දි ඇතෑයි පොලිසීය පවසයි.

වඩුක්කොඩෙයි පොලිසීය මගින් එම තරුණයා සැකපිට අත්අඩංගුවට ‌ගෙන ඇත්තේ සොරකම් සිද්ධියක් සම්බන්ධයෙන් බව එම පොලිසීය පවසයි .

මෙසේ මිය ගොස් ඇත්තේ , යාපනයේ කාරණාවෙඩ්ඩි සින්නකනරි පදිංචි නාගරාසා ඇලෙක් (26) නැමැති තරුණයෙකි.

මිය ගිය තරුණයාගේ පශ්චාත් මරණ පරික්ෂණය යාපනයේ ශික්ෂණ රෝහලේ පවත්වන ලද අතර එහි දී තරුණයා මිය ‌ගොස් ඇත්තේ පහරදීම හේතුවෙන් ශරීර අභ්‍යන්තරයේ ඇති වු බහුවිධ තුවාල නිසා වකුගඩු අකර්මණ්‍ය විම හේතුවෙන් මරණය සිදු වී ඇති බව අධිකරණ වෛද්‍යවරයා නිකුත් කරන ලද වෛද්‍ය වාර්තාවේ සදහන් වන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *