වැඩ වර්ජනය සාර්ථකයි : බැංකු 18ක් විදේශ බැංකු දෙකකුත් වැසේ

බදු වෙනුවට දඩ ගසන බදු පනත වහා හකුළා ගන්නැයි ආණ්ඩුවට බල කර රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු සේවකයෝ ,විශ්ව විද්‍යාල ආචාර්යවරු සහ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරු අද (01) වැඩ වර්ජනයක් ආරම්භ කළහ.

මෙම වැඩ වර්ජනයත් සමග රාජයේ හා පෞද්ගලික අංශයේ බැංකු 18 ක් ඇතුළු ඉන්දියන් සමාගමකට අයත් විදේශ බැංකු දෙකාක් වැසි ඇත .

වැඩ වර්ජනය හේතුවෙන් පාර්ලිමේන්තුවේ පිහිටුවා ඇති ලංකා බැංකුවට අයත් ශාඛාව ද වසා ඇත.

ආණ්ඩුව බදු පනත අහෝසි නොකළහොත් රටට එන විදේශ විනියමය පවා වැළැක්විමේ හැකියාවක් ඇතැයි කී බැංකු සේවකයෙකු ඉදිරි සටන් වල දී ගුවන් පාලකවරුන් සටනට එකතු වන බවත් ඔහු කීය .

රජයේ වෛද්‍යවරු ‌රජයේ රෝහල් වලින් සම්පුර්ණයෙන් ඉවත් නොවුන ද පෞද්ගලික අංශයේ රෝහල්වව ‌සේවය කිරීම සම්පුර්නයෙන් නතර කර දමා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *