විධායකය පාර්ලිමේන්තුව ආක්‍රමණය කිරීම නීති විරෝධි බව මහාචාර්ය ජි.එල් .පිරිස් ‌පවසයි

ව්‍යවස්ථා සභාවේ ස්වාධීනත්වයට අභියෝග කිරීමට ජනාධිපතිවරයාට කිසිිිදු නීතිමය අයිතියක් නොමැති බවත් ස්වාධින කොමිෂන් සභා නාමමාත්‍රීක කොමිෂන් සභා බවට පත්ව ඇති බව නිදහස් ජනතා සභවේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජි.එල් .පිරිස් අද (04) පැවසීය .

ස්වාධින කොමිෂන් සභා වලට නිලධාරීන් පත් කිරීමේදී ව්‍යවස්ථා සභාවට ප්‍රමුඛ කාර්යබාර්යක් හිමිවන නමුත් දැන් එය විධායකයේ බලයට යටවී ඇති බවත් වර්තමාන විධායකය ස්වාධින ආයතන ආක්‍රමණය කරන බව මහාචාර්ය පිරිස් පෙන්වාදුන්නේය .

මහාචාර්ය පිරිස් එසේ පෙන්වාදුන්නේ නිදහස් ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේ අද (04) ප්‍ පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවේදීය .

ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාව සභාව අතර මත ගැටුමක් පවතින බවත් ජනාධිපතිවරයා බාර්ලිමේන්තුව ආක්‍රමණය කිරීම නීති විරෝධී බව පැවසු මහාචාර්ය පිරිස් වර්තමානයේ කැබිනට් මණ්ඩලය නාමමාත්‍රීක වෙමින් පවතින බව ද කීවේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *