වෘත්තීය පුහුණු අධිකාරීයේ අධ්‍යක්ෂකවරයෙකුගේ කුපාඩි වැඩ නිසා අසාධාරණයට ලක් වු උපදේශිකාවක්

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරීයේ වැඩ ආවරණ පරිපාලන අධ්‍යක්ෂක තරංග සම්පත් ආටිගල එම ආයතනයට අනුයුක්තව සේවය කරන පුහුණු උපදේශිකාවකට ලිංගික බලපෑම් කළා යැයි එම උපදේශිකාව චෝදනා කරයි .

වැඩ ආවරණ අධ්‍යක්ෂකවරයා එරෙහිව පැමිණි කළා යැයි මහරගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පරිගණක චිත්‍රක ශීල්පි උපදේශිකාවක් ලෙස කටයුතු කළ ඇයව ගම්පහ පහල යාගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට මාරු කර යවා ඇත. ඇය පදිංචි වී සිටින්නේ මහරගම රුක්මල්ගම ප්‍රදේශයේ  වන අතර එක්   දරු මවකි .

වැඩ ආවරණ අධ්‍යක්ෂකවරයා උපදේශිකාව පන්නිපිටිය ප්‍රදේශයේ ඔහුගේ පුද්ගලික ආයතනයක ග්‍රැෆික් සහ මුල්‍ය උත්පාදන ක්‍රමෝපායන් යටතේ NVQ level 04  පාඨමාලාවක් ආරම්භ කිරීමට එම උපදේශිකාව යොමු කරගැනීමට උත්සහ කර ඇති අතර ඇය අර්ධකාලීන පංති කරන මධ්‍යස්ථානයට පැමිණ  තමාට ලිංගික බලපෑම් කළ බව ද උපදේශිකාව ලංකා ස්කයි නිවිස් සමග පැවසුවාය .

අධ්‍යක්ෂකවරයා උදේශිකාවට හොද මුහුණ පෙන්වමින් ඔහුගේ  අරමුණු ඉෂ්ට කරගැනීම සදහා උපදේශිකාව එරෙහිව බලය භාවිතා කර බොරු චෝදනා  එල්ල කරමින් , ඇය මහරගම වෘත්තීය  පුහුණු මධ්‍යස්ථානය දමා යන තැනට කටයුතු කර ඇත.  උපදේශිකාව රැකියා දමා නොයන තත්වයක්  ඇතුලේ ඇයව ගම්පහ යටගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට මාරු කර යවා ඇත.

වසර නමයකට වැඩි කාලයක් කොන්ත්‍රාත් පදනම යටතේ ඇය උපදේශිකාවක් වශයෙන් සේවය කර ඇති අතර වසර හතක කාලයක් (2014 ජුනි 16 සිට) ගම්පහ දිස්ත්‍රීක්කයේ දුෂ්කර මධ්‍යස්ථානයක සේවය කර වාර්ෂික ස්ථාන මාරුවක් ලැබ මිට වසර දෙකකට පෙර  පුහුණු කටයුතු බාර උපදේශිකාවක් ලෙස මහරගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට පැමිණ ඇත.

ඇයට සිදු වු අසාධාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සභාපති එයාර් වයිෂ් මාෂල් ප්‍රසන්න රණසිංහ , ජනාධිපති රනිල් වික්‍රමසිංහ , අගමැති දිනේෂ් ගුණවර්ධන සහ අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත යන අයවලුන්ව ලිඛිතව දැනුවත් කර ,සාධාරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලා ඇත. ජනාධිපත් සහ අගමැති කාර්යාල මගින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වෙත ලිපි යොමු කරමින් , පවතින නීතියට අනුකුලව අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගෙන , ඒහි වාර්තාවක් ඔවුන් වෙත එවන්නැයි ඉල්ලා ඇත. උපදේශිකාව  ජනාධිපති , අගමැති සහ අධ්‍යාපන ඇමති වෙත එම ලිපි යොමු කර ඇත්තේ 2023අගෝස්තු 08 වනදා වන අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (මහජන සම්බන්ධතා) යු.එච්, සමන් කුමාර ගේ අත්සනින් 2023 සැතැම්බර් 29 වෙනිදාට පෙර  ආදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර පිටපතක් තමන් වෙත එවන්නැයි  එම ලිපියේ සදහන් කර ඇත.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා අගතියට පත් උපදේශිකාවගේ ඉල්ලීම පමණක් නොව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක්  සිදු කර වාර්තාවක් එවන්නැයි ජනාධිපති සහ අගමැති කාර්යාල වලින් කළ ඉල්ලීම ද නොතකා කටයුතු කර තිබිණ . ජනාධිපති සහ අගමැති කාර්යාල වලින්  විමර්ශනයක් කළා ද යන්න පසුවිපරමක්  කර නැත . සිදු වී ඇත්තේ හුදු ලියුම් හුවමාරුවක් පමණි . අධ්‍යාපන ලේකම්වරයා වෘත්තීය පුහුණු අධිකාරියේ වැඩ ආවරණ අධ්‍යක්ෂකවරයාට ඒරෙහිව ක්‍රියාමාර්ගයක් නොගන්නේ මන්ද යන්න බරපතළ ගැටලුවක් පවති . ආටිගලව වැඩ  ආවරණ අධ්‍යක්ෂක ධුරයට පත් කරන්නේ හිටපු සභාපති කැප්පෙටිපොල විසිනි .

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරීයේ පරිපාලන අධ්‍යක්ෂකවරයා විශ්‍රාම යැමෙන් පසු එහි වැඩ බලන අධ්‍යක්ෂක ධුරයට නිරෝෂන් පෙරේරා පත් කරන ලදී . පෙරේරා අවුරුදු 20 පමණ කාලයක් පරිපාලන සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකු ලෙස සේවයට කොට අත්දැකිම් සහිග නිලධාරියෙකු විය . ඔහු වැඩ බලන අධ්‍යක්ෂකවරයා ලෙස පත් කරන්නේ  හිටපු  සභාපති වන එරංග බස්නායක විසිනි . පෙරේරාට වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කිරීමට හැකි වුයේ මාස හත අටක් පමණි . බස්නායක් ඉවත් විමෙන් පසු පැමිණි සභාපති  උපාලි කැප්පෙටිපොල එවකට හිටපු වැඩ බලන අධ්‍යක්ෂක පෙරේරා වහාම විභාග අංශයට මාරු කර ,  දිස්ත්‍රීක් නියෝජ්‍ය සහකාර අධ්‍යක්ෂකවරයෙකු වන සම්පත් ආටිගලව වැඩ ආවරණ අධ්‍යක්ෂක ධුරයට පත් කරන ලදි . කැප්පෙටිපොලගෙන් පසු සභාපති ධුරයට පත්වන්නේ එයර් වයිෂ් මාෂල් ප්‍රසන්න රණසිංහය . රණසිංහ ද හිටපු සභාපති කැප්පෙට්පොල විසින් පත්කරන ලද නීති විරෝධී පත්විම නිවැරැදි කරන්නේ නැත. පරිපාලනය පිළිබදව හෝ මානව සම්පත් කළමනාකරණය පිළිබදව හෝ අවබෝධයක් හෝ අත්දැකිම් නොමැති  නිසා  ඔහු සේවකයන්ගෙන්  පලිගන්නා බව වෘත්තීය පුහුණු අධිකාරීයේ සේවකයෝ පවසති

කොළඹ දිස්ත්‍රීක් සහකාර අධ්‍යක්ධිකවරිය වන එස් .එම් .එච් .කේ .සියමුදලි ගේ උපදේශිකාව විසින් මර්ගගතව පවත්වන ලද පුද්ගලික පංතියක් සම්බන්ධයෙන් චෝදනාවක් ඉදිරිපත් කර කරුණු විමසීමකින් සහ විමර්ශනයකින් තොරව තරයේ අවවාද කර ඇත. පසු අධ්‍යක්ෂවරිය 2023 ජුනි 07 වන දිනට පෙර කරන ලද දැනුම් දීමක් මත මුලික විමර්ශනයක් සිදු කර තිබිණ . නමුත් අධ්‍යක්ෂවරිය විසින් උපදේශිකාව කළා යැයි කියන නිශ්චිත විෂමාචාර චෝදනාව  එම විමර්ශනයෙදී  කියා නොදි  තරයේ අවවාද පමණක් කර  ඇත.

සභාපතිවරයා විසින් යොමු කරන ලද ලිපියකට අනුව 2023 ජුලි 17 වන දින උපදේශිකාව කැදවා සියමුදලිගේ දිස්ත්‍රික් අධ්‍යක්ෂකවරිය විසින් සිදු කර ලද විමර්ශනයට අනුව  ඇය චුදිතයෙකු කර  අවවාද කිරීමක් සිදු කර ඇත. වෘත්තීය පුහුණු අධිකාරියේ සේවකයෙකු වශයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට ද උදේශිකාවට සභාපතිවරයා අවස්ථාවක් ලබා දි නැත .  වැඩ ආවරණ අධ්‍යක්ෂක සම්පත් ආටිගල උපදේශිකාවට සිදු කරන ලද ලිංගික බලපෑම් සම්බන්ධව දුරකතන සංවාද පටිගත කර ඇති  බවත් සියමුදලිගේ විසින් සිදු කරන ලද විමර්ශන වාර්තාවේ පිටපතක් ද උපදේශිකාවට එරෙහිව සිදු කරන ලද පැමිණිල්ලෙ පිටපතක් ඇය විසින් තොරතුරු පනත ප්‍රකාරව ඉල්ලා ඇත.   සභාපතිවරයා විසින් මේ වන තෙක් විමර්ශන වාර්තාවේ හෝ පැමිණිල්ලලෙ පීටපතක් ලබා දීමට කටයුතු කර නොමැත.

උපදේශිකාව 2023.07.11 දින ලිපියක් යොමු කරමින් ඇය මානසික අපයෝජනයට ලක්විම ගැන සභාපතිවරයාව  දැනුවත් කළ ද ඔහු ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර නොමැත .

වැඩ ආවරණ අධ්‍යක්ෂකවරයාගේ පුද්ගලික අරමුණු උපදේශිකාව ඉටු නොකිරිමේ හේතුවෙන් 2023 ජුලි 25 වන දින සභාපතිවරයාගේ අත්සනින් යුතුව HRD /15/02/01/CB /3692 අංකය දරණ ලිපය මගින් ඇයට ගම්පහ යාගොඩ වෘත්තීය පුහුනු මධ්‍යස්ථානයට මාරු කර යවන  ලදි .

මහරගම වෘත්තීය පුහුනු මධ්‍යස්ථානයේ NVQ level 04 පාඨමාලා අතරින් චිත්‍රක ශිල්පී  අර්ධ කාලීන පාඨමාලව අවම මාස 04 ක පුහුණු කාලයකින් සාර්ථකව අවසන් කළ හැකි වන ආකාරයට න්‍යායික සහ ප්‍රයෝගික සැලසුම් සකස් කර ඇත්තේ ඇය විසිනි . එම පාඨමාලාවට කෘතික අධ්‍යාපන කොමිසන් සභාව යටතේ ප්‍රනීතන කටයුතු සිදු කර (2023.03.23 සිට 2023.03.23 දක්වා ) සාර්ථකව චිත්‍රක ශිල්පී පාඨමාලාව පවත්වගෙන ගොස් තිබේ . මෙම පාඨමාලාව මගින් වර්ෂයකට ලක්ෂ 07 කට වැඩි මුදලක් මහරගම වෘත්තීය පුහුණු අධිකාරීයට උපදේශිකාව විසින් උපයා දී ඇත.

මේ වැනි දක්ෂ පුහුනු උපදේශිකාවන් ඉහල නිලධාරීන් කුපාඩි සහ පටු අරමුණ නිසා  අනාගත පරපුරට අහිමි කර  ඇතුවා පමණක් නොව ළමුන් නැති දුෂ්කර ප්‍රදේශ වලට මාරු යවා රැකියාව එපා කරවිමට වත්මන් සභාපති ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය හිතාමතා කටයුතු කර ඇත.

වත්මන් වැඩ ආවරණ අධ්‍යක්ෂක සම්පත් ආටිගල වෘත්තීය පුහුණු අධිකාරීයේ දිස්ත්‍රීක් සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්විම ලබා පැමිණෙන්නේ 200 වර්ෂයේය . එවකට වෘත්තීය පුහුණු ඇමතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ කබීර් හසිම්ය . ආටිගල  කෑගල්ල දිස්ත්‍රීක්කයේ පදිංචිකරුවෙකි . ඔහු  එම තනතුරුට පත්කර ඇත්තේ කාබීර් හාසීම්  ඇමතිවරයා සිටි කාලයේය . ආටිගල  කාබීර් හසීම්ගේ හෙංචයියෙකු බව වෘත්තීය පුහුණු අධිකාරීයේ සේවකයෝ පවසති . ඔහු දිර්ඝ කාලයක් වැඩ තහනමට ලක්ව සිට පසුව වන්දියක් සමග දිස්ත්‍රීක් නියෝජ්‍ය අධ්‍යක්ෂක තනතුරට  පත් කරන්නැයි අධිකරණය නියෝග කර ඇත. ආටිගලව වැඩ අවරණ තනතුරට හෝ පත් කිරීම සදහා ආටිගලට අධ්‍යාපන සුදුසුකම් හෝ අත්දැකිම් නොමැති බව වෘත්තීය පහුණු අධිකාරීයේ සේවකයෝ වැඩිදුරටත් පවසති .

අගතියට පත් උපදේශිකාව විසින් සිදු කරන ලද ග්‍රැෆික් නිර්මාන කිපයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *