වෙද උපාධි කඩ ගෙන ඒමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදන්න වෛද්‍ය ශිෂ්‍යයෝ මහජනයාට ආරාධනා කරති

නිදහස් අධ්‍යාපනය , නිදහස් සෞඛ්‍ය සේවය වනසන වෙද උපාධී කඩ ගෙන ඒමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදවන සටන ඒන්නැයි කම්කරු -පීඩිත මහජනයාට ආරාධනා කරමින් ,කොළඹ වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය සංගමය අද (09) සවස කොළඹ ලිප්ටන් වටරමුමේ විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ

ලයිසීඒම් ,එන්එස්බීඑම් ,සීල්ට් ,ගේට්වේ සහ කොතලාවල වෙද උපාධී කඩ ගෙන ඒමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය හෙළි කළ වෛද්‍ය සිසුන් ඊට ඒරෙහිිව සිය විරෝධය ඵල කළහ .

වෛද්‍ය සිසුන් පිරිසක් වෝඩ් ප්‍රදේශයේ සිට මිනී පෙට්ටියක් රැගෙන ලිප්ටන් වටරවුම දෙසට ගමන් කරද්දී , පොලිසීය සිසුන් ගමන්ගත් මග හරස් කොට ,ඔවුන් අත තිබු මිනී පෙට්ටිය උදුරාගෙන එය විනාශ කර දැමීය .

වෝඩ් ප්‍රදේශයේ සිට පැමිණි වෛද්‍ය සිසුන් එකසීය පනහක පමණ පිරිසක ලිප්ටන් වටරවුම ‌රැස් වී සටන් පාඨ කියමින් සහ රජයේ වෛද්‍ය පීඨ වල ගැටලු වහා විසදනු !රෝගී ජිවිත වෙන්දේසීය නවතනු !නිදහස් අධ්‍යාපනය වනසන රනිල් -විජේදාස වාර්තාව වහා ඉරා දමනු ! සහ නිදහස් සෞඛ්‍ය සේවය සුරකිනු ! යන සටන් පාඨ සහිත ප්‍රවරු ප්‍රදර්ශනය කරමින් සහ පන්දම් දල්වාගෙන පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වුහ.

වෛද්‍ය ශිෂ්‍ය විරෝධතාවය මැඩ පැවැත්වීම සදහා 500 ක පමණ සන්නාසන්ද්ධ පොලිස් සහ යුද හමුදා බලකායක් ආණ්ඩුව විසින් කැදවා තිබුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *