සටන්විරාමය අතර ඊශ්‍රායල හමුදා පලස්තීනුවන් 800 ක් මරා දමති

සටන් විරාමයට මුවා වී ඊශ්‍රායල හමුදා සිදු කරන ‌ගොඩබිම් ප්‍රහාර වලින් සෙනසුරාදා මේ දක්වා 800 කට වැඩි පිරිසක් මරා දමා ඇතැයි පලස්තීන බලධාරීන් පවසති .

ඊශ්‍රායල හමුදා අල්ලා ගත් බටහිර ඉවුර හරහා රාත්‍රීයේ සහ අලුයම කාලයේ සිදු කරන වැටලීම් වලන් තවත් පලස්තීනුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

ඔක්තෝම්බර් 07 සිට මේ දක්වා පලස්තීනුවන් 15,500 මරා ඇති බව පලස්තීන බලධාරීන් පවසති .

යුද්ධයේ ආරම්භයේ සිට තුවාල ලැබු සංඛ්‍යාව 42 .000 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අඛණ්ඩව පවතින කුරිරු ඊශ්‍රායල ආක්‍රඹණ නිසා ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය මුලුමනින්ම අකර්මණය කර තිබේ .

ඉශ්‍රායල හමුදා තවමත් අල් ෂිෆා රෝහලේ අධ්‍යක්ෂක ජනරාල් මොහොමඩ් අබු සිල්මිිි යා ඇතුළු වෛද්‍ය නිලධාරීන් 35 දෙනෙක් ඉතා දරුණු කොන්දේසී යට‌තේ රදවා තබාගෙන සිටිති.

සිරගෙවල් වල සිටින අපේ කණ්ඩායම් නිදහස් කරන්නට බලපෑම් කරන ලෙස පලස්තීනපි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පලස්තීන බලධාරිහු ඉල්ලති .

තුවාලකරුවන්ට වෛද්‍ය සැපයුම් සහ ඉන්ධන ඇතුල් වීමට සහ පිටවීමට ආරක්ෂිත මාර්ගයක් සගසන ලෙසඅපි ඉල්ලමු .

රෝහල් සෞඛ්‍ය හා මානුෂීය කණ්ඩායම් ආරක්ෂා කරන ලෙසත් අපි ඉල්ලමු .

සටහන අල් ජාසීරා ඇසුරින් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *