සත්‍යග්‍රහය තහනම් නැහැ එකරාශීවිම තහනම්

මෙම නියෝගය මගින් තහනම් කර තිබෙන මාර්ග වන මරදාන පොලිසිස් වසමේ එල්ෆිල්ස්ටන් රගහල හන්දියේ එකරාශී විම හා රැදී සිටිම සහ පංචිකාවත්ත ,ටෙක්නිකල් හංදිය ඔිල්කට් මාවත , ටි.බි. ජායා මාවත සහ ඩි.ආර්. විජේවරධන මාවත යන මාර්ග වලට ඇතුල්විම සහ එම මාර්ග වල පෙළපාලි යැම තහනම් කරන බවත් එයින් දැනටමත් සිදු කරන සාමකාමී සත්‍යග්‍රහය තහනම් කොට නොමැති බව දැනුම් බව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ නිකුත් කළ නියෝගයේ සදහන් වේ .

මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළේ මරදාන ස්ථානාධිපතිවරයා විසින් සත්‍යග්‍රහනය මගින් 2023. 02 .04 වන දින පැවැත්වීමට නියමිත 75 වන නිදහස් සැමරුමට සහභාගි වන සියලු ආකාරයේ පාර්ශ්ව වලට මෙන්ම එම මාර්ග භාවිතා කරන මහජනයාට අති වන පිඩාව වළක්වන්නැයි කළ ඉල්ලීමට අනුවය .

ලහිරු චතුරංග විරසේකර, චින්තන අමරසිංහ ,මනුවෙල් පීරිස්ලාගේ අමිල ජිවන්ත පිරිස් , බෙනඩික් ජෝශප් ස්ටාලින් ප්‍රනාන්දු ,දුමින්ද නාගමුව ,තැන්නේ ඥානානන්ද ,ටැම්පිටයේ සුගතානන්ද හිමි ,ධම්මික මුණසිංහ ,ටෙරන්ස් අංජන රොදිගු ,ගල්වැව සිරි ධම්ම හිමි , රත්කරව්වේ ජිනරතන හිමි ,පුජ්‍ය කොබෙයි තුඩුවේ සමිත හිමි . උදේනිගම ගුණරත්න හිමි .රත්නල්පුලි ගමතේ චයාන් උදාන ,විජේසුන්දර මුදියන්සේලාගේ මදුප මීනෝද් විජේසුන්දර .මඩවල ලේකම්ගේ ජනිත් ජනරන්ජන .පොකුණුවිට පියසෝම හිමි .විතාරණගේ මධුෂාන් චන්ද්‍රජිත් , මුදලිගේ වසන්ත කුමාර .බෙන්තර පතිරගේ හේෂාන් හර්ෂණ සදරුවන් ,සිංහලේ තිලාන් මදුරංග ජයසිංහ ,තලාවේ ධම්ම හිමි, මංගල මද්දුමගේ සහ ඔවුන්ගේ සමාජිකයින් සහ වෙනත් තැනැත්තන් වගඋත්තරකරුවන් කර තිබේ .

අද මේ රටේ ජනතාව වෙල් තුනෙන් කන්නේ එක වෙලක් බවත් ළමුන් මන්දපෝෂණයෙන් පෙලෙන බවත් ඉස්පිරිතාල වල බෙහෙත් නැතුව මහජනයා මියැදෙන තත්වයක් උද්ගත වි ඇති බවත් එසේ තිබියදි ආණ්ඩුව නිදහස් උත්සවය සදහා කෝටි 37 ක් වියදම් කිරීමට එරෙහිව මහජනයා පාරට පැමිණ විරෝධතාවය දැක්විම හැර වෙන කුමක් කරන්නදැයි නීතිඥ සංජය විල්සන් මහේස්ත්‍රාත්වරිය හමුවේ ප්‍රකාශ කර සිටියහ .

මෙම සත්‍යග්‍රහනය වැළක්විම සදහා ඔබතුමිය නිිිිියෝගයක් දුනහොත් එය මහජනයා‌ගේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට අභියෝගයට ලක් වන බවත් ඒ වැනි නියෝගයක් නිකුත් කිරීමෙන් වැළැකි සිටි්යි නීතිඥ විල්සන් මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේය .

මහජනයාට අදහස් ප්‍රකාශ කිරීමට මෙන්ම එම අදහස් වෙනුවෙන් පෙනි සිටින්නට අයිතියක් ඇතැයි කී නීීීීතිඥ විල්සන් මහජනයාට රැස් වෙන්නේ කොතැන ද කරන්නේමොකක් ද යන්න තිරණය කිරීමට පොලිසියට අයිතියක් නැති බවත් නීතීඥ විල්සන් පෙන්වා දුන්නේය .

නීතිඥ රාජිත ලක්මාල් ,නීතිඥ මනෝජ් නානයක්කාර ,අමිල මහයගොඩවත්ත සහ තවත් නීතිඥයෙකු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනි සිටිහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *