සමාජ නියාමන පනත අද දෙවන වර විභාගයට ගැණේ

ආණ්ඩුව ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කෙරුණු, මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබද පනත කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබු පෙත්සම් 48 ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (18) විභාගයට ගැණුනු අතර එම පෙත්සම් අද (19) විභාගයට ගැ‌‌නේන දෙවැනි දවසේ වේ .

ආණ්ඩුව නීතිපතිවරයා මගින් එම පනත් කෙටුම් පනතට සංශෝධන ඉදිරිපත් කර තිබු අතර අතිරේක සොල්ස්ටර් ජනරාල්වරයා පැය තුනක පමණ කාලයක් රැගෙන එම සංශෝධන ඉදීපත් කළේය .

පෙත්සම්කාර පාර්ශ්වයට කරුණු ඉදිරිපත් කිරීම සදහා තිබෙන කාලය නාස්ති කරමින් , සොලිස්ටර් ජනරාල්වරයා කළ ඉදිරිපත් කිරීමට ජනාධිපති නීතිඥ හා පාර්ලිමේන්තු මන්ක්‍රී එම් .ඒ. සුමන්තීරන් සිය අසුනෙන් නැගිට සිය විරෝධය ඵල කළේය . පසු අනෙක් පෙත්සම්කාරක පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද සිය විරෝධය ඵල කළහ .

සති තුනක කාලයක් ගණන් ගනුයේ අවසන් පෙත්සම ඉදිරිපත් කළ දිනයේ සිට බව ජනාධිපති නීතිඥ සුමන්තීරන් සදහන් කළේය .

පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් කරුණු විමසු බවත් කතානායකවරයාට මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරන්නැයි ඉල්ලීමක් තමා කළ බව ජනාධිපති නීතිඥ සුමන්කීරන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැසීය .

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 121 (02) වගන්තියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය තිරණයක් ලබා දෙන තෙක් ,පෙත්සමේ සිට සති තුනක් යන තෙක් පාර්ලිමේන්තුවේදී ආදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කිසිිිදු තිරණයක් නොගත යුතුය . ඒ අනුව ආදාළ සති තුන තිරණයක් වන්නේ පළමු පෙත්සම ් ඉදිරිපත් කළ දින සිට ද යන්න සම්බන්ධයෙන් අවිනිශ්චිතභාවයක් නිර්මාණය වී තිබේ.

කතානායතවරයා මේ පිළිබද්ව පාර්ලිමේන්තුවටතාරණය දැනුම් දුනහොත් එම අවිනිශ්චිතභාවය මග හැරෙනු ඇතැයි ද දැනට කාලය ගණනය කරනු ලබන්නේ පළමු පෙත්සමේ ඉදිරපත් කළ දිනයේ සිට බව ‌‌ ශ්‍රේඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන පැවැසීය .

පෙත්ම්කාර පාර්ශවය වෙන්වෙන් ඊයේ (18) නීතිඥවරු 31 පෙනී සිටි අකර ආණ්ඩුවක් මගින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පතකට එරෙහිව පෙත්සසම් 48ක් ගොනු කිරීම වාර්තාගක එකාක් බවත් ශ්‍රේෂඨාධිකරණයෙදී සදහන් කෙර

ආණ්ඩුව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවයට මුවා වී මෙම පනත ගෙන එන්නේ ,මහජනයාගේ භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතීයට විලංගු දැමීමටය . මහජනයාගේ මොන යම් ප්‍රශ්නයක් විසදීමට අසමත් රනිල -රාජපක්ෂ ආණ්ඩුව නව මර්දන නීති ගෙන එමින් සහ මහජනයාගේ උද්ඝෝණ මර්දනය කිරීම සදහා කරුළි මර්දන පොලිසීය සහ සන්නා සන්ද්ධ හමුදාව යොදා ගනිමින් සිටි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *