සසප ක්‍රියාධරයාට එජාප මැරයෝ පහර දෙති

“අඩෝ පලයන් ඩෝ රනිල් වික්‍රමසිංහ හොද යැයි  පවසා” සමාජවාදී සමානතා පක්ෂයේ මොරටු ශාඛාවේ ක්‍රියාධරයෙකු වන ඉන්ද්‍රජිත් සිල්වාට එම ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ මැර පිරිසක් විසින් පහරදී ඇති අතර පසුව ඔහුගේ තත්වය බරපළ නිසා රෝහල් ගත කර ඇත.

මෙම පහර දී  සිදු කර ඇත්තේ අප්‍රේල් 19 වෙනිදාය සවස 05 ට පමණය. සිල්වා තවත් පිරිසක් සමග ලුනාව මංසන්දියේ දේශපාලනය කතා කරමින් සිටි අවස්ථාවේ එතැනට කඩා වැදුනු සජිත් නැමැත්තා සහ තවත් පුද්ගලයෙකු ” අඩෝ රනිල් හොදයි , තෝපිට අනුර කුමාරට තරම්වත් සෙනගක් නැතැයි කියා” කලබැගෑනියක් ඇති කර ඇත.    

එදිනම සවස ලුනාව ප්‍රදේශයේ පිහිටි සිල්වා නැවතී සිටි කාමරයට සජිත් සහ තවත් මැරයන් පිරිසක් සමග ගොස් ඔහුට මෙසේ පහර දී තිබේ .

සජිත් නැමැත්තා වනාතමුල්ලේ පදිංචිකරුවෙකු වන අතර කිසියම් මැර වැඩක් කර ලුනාවට පැන සිටින බවත් වාර්තාවේ .

මැරයන් සිල්වාග් මුහුණට සහ කණට පහර දීම නිසි මුහුණ ඉදිමි ඇති අතර දකුණු කණේ කර්න පටකයට හානි සිදු විම නිසා ඇසීම 50% අඩු වි ඇතැයි වෛද්‍යවරුන් පැවැසු බව දකුණ කොළඹ කළුබෝවිල ශික්ෂණ රෝහලට ඔහු බැලීමට ගිය අවස්ථාවේ අප සමග පැවැසීය .

සිල්වා මුලින් ලුනාව මුලික රෝහලටත් පසුව ඔහුගේ තත්වය බරපතළ බැවිනි ,ඒතැනින් කළුබෝවිල රෝහලට මාරු කර යවා ඇත. ලුනාව රෝහලට ඇතුළත් කළ පසුව එම රෝහල් පොලිසිය මගින් ඔහුගෙන් කටඋත්තරයක් ද ලබාගෙන ඇත .

මෙම මැර ප්‍රහාරය සම්බන්ධයෙන් මොරටුව පොලිසියෙන් අප කළ සොයා බැලීමේදී විමර්ශන අවසන් නැති නිසා වැඩිදුර යමක් කිව නොහැකි බව පොලිසිය පැවසීය .

සමාජවාදී සමානතා පක්ෂයේ ක්‍රියාධරයෙකු වන සිල්වා සහෝදරයාට එජාප මැරයන් විසින් එල්ල කළ ප්‍රහාරය ඔහුට එල්ල කළ ප්‍රහාරයකටත් වඩා අදහස් ප්‍රකාශ කිරීමේ සහ භාෂණයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහරකි .

රනිල් -රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ කොන්දේසී ක්‍රියාවට දැමීමට යැමේදී පැනනගින කම්කරු පිඩිත මහජන අරගල මර්දනය කිරීම සදහා ප්‍රති ත්‍රස්ත පනත ඇතුළු මර්දන අණ පනත් ගෙන එමට පඹුරුපත් සකසමින් සිටින මොහෙතක මෙම එල්ල කළ මැර ප්‍රහාරය කම්කරු පිඩිත මහජනයාට කරන ලද අනතුරු ඇගවිමකි .

පසු ගිය දිනවල දේශපාලන මැර කණ්ඩායම් කම්කරුවන්ට හා ආණ්ඩුවේ කප්පාදු පිළිවෙත් වලට එරෙහි සමාජ කණ්ඩායම් වලට හා පූද්ගලයන්ට එරෙහිව යෙදවීම වික්‍රමසිංහ යටතේ වරපත්‍ර ලබා දී තිබේ.  ජනාධිපති නීතිඥ සාලිය පිරිස්ට විරුද්ධව පාදඩ ලුපන් මැරයන් යොදා ගැනීම හරහා ආණ්ඩුව මෙම දක්ෂිණාංශීක මැර කල්ලි උසිගැන්වීම් ආරම්භ කළේය .

දිනපතා කැබිනට් ඇමතිවරුන් වෘත්තීය සටන් කඩාකප්පල්කාරී හා ත්‍රස්තවාදී ක්‍රියා ලෙස හංවඩු ගසමින් අත්‍යවශ්‍ය නියෝග හා ත්‍රිවිධ හමුදාව රටපුරා මැදිහත් කරවමින් ආණ්ඩුව මර්දනය ඉදිරියට දමා ඇත.

 ආණ්ඩුව නාගරික ලුපන් කොටස් සහ ග්‍රාමීය දුප්පතුන් පුහුණු කරමින් සිටින්නේ මෙවන් පසුබිමකය . ඉදිරියෙදී මහජනයා අතරට ගොස් දේශපාලන කටයුතු නිරත වෙද්දී විශේෂයෙන් වමට මේ වැනි  මැර ප්‍රහාර එල්ල විය හැකි බැවින් , ඊට මුහුණ දීමට නම් කම්කරු පිඩිත මහජනයා බලමුළු ගැන්විය යුතුය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *