සසප නායකයන්ගේ කුහක වාරණය හෙළා දකිනු !

ශාන්ත විජේසුරිය විසිනි

හතරවන ජ්‍යන්තරයේ ජ්‍යන්තර කමිටුවේ  ඇමරිකා එක්සත් ජනපද ශාඛාවේ සමාජවාදි සමානතා පක්ෂයේ ජාතික ලේකම් ජෝශප් කිෂෝර් සහෝදරයාගේ  ප්‍රසිධ දේශනයක්  පසු ගිය (10) වෙනිදා කොළඹ නව නගර ශාලාවේ පැවැත්විණ .

ජෝශප් කිෂෝර් සහෝදරයාගේ එම ප්‍රසිද්ධ දේශනය සංවිධානය කර තිබුණේ  ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය මගින්ය .

කිෂෝර් සහෝදරයාගේ දේශනය ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ  ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර සහෝදරයා  එම රැස්මේ අරමුණ පැහැදිලි කරමින් ,  තම පක්ෂයේ මාධ්‍ය එකකයට සහ සමාජවාදී සමානතා පක්ෂය මගින් අරාධනා කරන  මාධ්‍යයට හැර වෙනත් මාධ්‍ය ආයතන වලට හෝ මාධ්‍යවේදීන්ට ජායාරූප සහ විඩියෝ කිරීමෙන් වැළැකි සිටින ලෙසට දැනුම් දුන්නේය .

මෙම ප්‍රසිද්ධ රැස්විම ආවරණය කිරීම සදහා සසප මාධ්‍ය ඒකකය හැරුණු කොට ඔහු විසින් අරාධනා කරන ලද මාධ්‍ය ආයතන හෝ සමාජ මාධ්‍යවේදීහු කිසිවෙකුත් එහි පැමිණ නොසිටියහ .  එම ප්‍රසිද්ධ රැස්විම ආවරණය කිරීම සදහා එහි ගොස් සිටියේ ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියේ සහ ද සෝෂලීට් වෙබ් අඩවියේ මාධ්‍යවේදීන් පමණි .  ප්‍රසිද්ධ රැස්විම ලංකා ස්කයි වෙබ් අඩවියේ සහ ද සෝෂලිට් වෙබ් අඩවියේ  මාධ්‍යවේදීන්ට වාර්තා කිරීම වාරණය කිරීම  මගින් පෙන්නුම් කර ඇත්තේ සසප නායකත්වයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී බව මෙන්ම  ඔවුන්ගේ පසුගාමී බවයි .

මෙම සිදුවිම වසර 55 ක සප්‍රතිපත්තික දේශපාලනයක යෙදුණු සමාජවාදී සමනාත පක්ෂය සහ  එහි පුර්වගාමීයා වන විප්ලවාදී කොමියුනිෂ්ට් සංගමය ප්‍රජාතන්ත්‍රවාදය  මෙන්ම  ලෝක පරිමාන කම්කරු පීඩිත මහජනයාගේ විමුක්තිය වෙනුවෙන් ජිවිත පරිත්‍යාගයෙන් සහ කැපවිමෙන්  ආරක්ෂා කරගත් පිළිවෙතින් වත්මන් සසප  නායකත්වය පිළිපැනීම් නිසා හටගත්  තත්වයක් බව පැහැදිය.

සසප ඉතිහාසයේ 1988 -89 වර්ෂ වල  ජනතා විමුක්ති පෙරමුණ සසප සමාජිකයින් මරද්දීත් , එවකට පැවති ඒක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව ජවිපෙ සමාජිකයින් බුරුපිටින් ඝාතනය කරද්දිත් , සසප ගම්බද ඝාතන නතර කරන්නැයි එජාප  ආණ්ඩුවට බල කළා පමණක් නොව , ජවිපෙට දේශපාලනය කරන්නට ඇති  ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් සටන් වැදුණු පෞඩ ඉතිහාසයකට හිමිකම් කියන ව්‍යාපාරයකි.

ප්‍රසිද්ධ රැස්විමක් ආවරණය කිරීම තහනම් කිරීම සමාජ සම්මතයන්ට සහ සදාචාරයන්ට පටහැණිය . පක්ෂයක් සංවිධානය කරන ප්‍රසිද්ධ රැස්විමක් හෝ රැලියක් ආවරණය කිරීම සදහා  මාධ්‍ය ආයතන වලට හෝ මාධ්‍යවේදීන්ට එම පක්ෂයෙන් අවසර ගත යුතු නැත .  සසප සමුළුවක් හෝ සම්මේලනයක් හෝ අභ්‍යන්තර සාකච්ජාවක් පවත්වද්දී  ඔවුන් කැමති මාධ්‍යයට පමණක් අවසර දිය හැකිය . නමුත් ප්‍රසිද්ධ රැස්විම ආවරණය පමණක් නොව එම රැස්විම සහභාගි වන්නන් වැළැක්වීමට ද සසප අයිතියක් නැත.   සසප පවත්වන ප්‍රසිද්ධ රැස්විම් ආවරණය කිරීම ඔවුන් කැමති මාධ්‍යයට පමණක් සීමා කරන්නේ නම්  සසපට වෙනත් පක්ෂ වල රැස්විම් සහ උද්ඝෝෂණ අවරණයේදී එල්ල වන විරෝධතා භාෂණයේ සහ ප්‍රකාශනයේ  නිදහස මර්දනය කිරීමක්  යැයි කිම තර්කානුකුල නැත.  සසප දැන් මාධ්‍ය සම්බන්ධයෙන් අනුගමනය කළ මෙම ක්‍රියා පිළිවෙත එම සංවිධානවල ප්‍රජාතන්ත්‍ර විරෝධී මැරකම් දිරිමත් කිරීමකි .  ජනතා විමුක්ති පෙරමුණ සහ එහි වෘත්තීය සමිති නායකයින් සසපේ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය මර්දනය කරද්දී සසපට අනුව එය ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි .සසප එය තමන්ගේ විරුද්ධවාදීන් යැයි කියා  සලකන ද සෝෂලිට් වෙබ් අඩවියට සහ ලංකා ස්කයි නිවිස් වෙබ් අඩවියට තහංචි පනවද්දී එය   ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් නොවන්නේ කෙසේද?

කොළඹ ක්‍රියාකාරී කමිටුව ගොඩනැගෙන්නේ සසප වත්මන් නායකත්වය විසින් අත්තනෝමතිකව ඉවත් කරන ලද සසප වාම පාර්ශ්වය සහ ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරීකයන් පිරිසකගේ මුලිකත්වයෙනි . ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවිය, කොළඹ ක්‍රියාකාරී කම්ටුවේ ලේකම් ශාන්ත විජේසුරිය සහෝදරයාට අයත් වන අතර ද සෝෂලීට් වෙබ් අඩවිය  අයත් වන්නේ සසප වාම පාර්ශ්වයටය . කොළඹ ක්‍රියාකාරී කමිටුව යනු පක්ෂයක් නොවන අතර කම්කරු පීඩිත මහජනයා විප්ලවයට සුදානම් කරන වාම සහ ප්‍රගතිශීලි අදහස් දරණ කණ්ඩායම් සහ පුද්ගලයන්ගෙන් සමන්විත කමිටුවකි . සසප නායකත්වය එම කමිටුව නොතකා කටයුතු කරන්නට වෑයම් කළ ද  කොළඹ ක්‍රියාකාරී සමාජිකයින් දුටු විට සසප නායකයින්ට තදින් දහඩිය දමන්නට පටන් ගනිති. සසප තමන්‌ගේ ප්‍රතිවාදියා බවට ‌කොළඹ ක්‍රියාකාරී කමිටුව පත් කර ගැනීම එහි හරය වේ.

අපි මාක්ස්වාදය ,ට්‍රොස්කිවාදය මෙන්ම කම්කරු පන්තික ප්‍රජාතන්ත්‍රවාද ඉගන ගත්තේ සසප පුර්වගාමීය වන විප්ලවවාදී කොමියුනිස් සංගමය වෙතින් වෙමු . ඒනැනි ඉතිහාසයක් සහිත ව්‍යාපාරයක වත්මන්  නායකයින්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරීම හෙළා  දකින අතර  මෙරට කම්කරු පීඩිතයින්ගෙන් ඊට එරෙහිවන ලෙස ද ඉල්ලමු .

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධනපති ආණ්ඩුව මාධ්‍ය අණ පනත් ගෙන එමින්  මාධ්‍ය මර්දනය සදහා සුදානම් වන  මොහොතක  සමාජවාදී සමානතා පක්ෂයේ නායකයින් මාධ්‍ය සම්බන්ධයෙන් අනුගමන කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී පිළිවෙත  ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයට රුකුල් දිමකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *