හමාස් සමග සටන් විරාමයකට යනවාද නැද්ද යන්න තීන්දු කිරීමට ඊශ්‍රායල් රජයේ ඉහළ නිලධාරීන් රැස්වෙති

ඊශ්‍රායල් රජයේ ඉහළ පිරිසක් සටන් විරාම ගිවිසුමකට යන්නවාද නැද්ද යන්න පිළිබදව තිරණ ගැනීමට රැස් වෙති.

කටාර් විදේශ අමාත්‍යංශය පවසන්නේ රදවාගෙන සියින පුද්ගලයින් නිදහස් කිරීම සම්බන්ධයෙන් හමාස් සහ ඊශ්‍රායල් අතර සාකච්ජා අවසාන අධියරේ පවතින බවයි .

ඊශ්‍රායල් අගමැති ප්‍රගතිය ගැන කතා කරන අතර හමාස් සංවිධානයේ ප්‍රධානීයා සටන් විරාම ගිවිසුමකට ලංවෙමින් සිටින බව ප්‍රකාශ කිරීමත් සමග සටන්විරාමයකට යනවා නාද්ද යන්න තිරණය ගැනීමට ඊශ්‍රායල් රජයේ ඉහළ නිලධාරීන් රැස් වෙති .

මේ අතර ගාසා තීරයට බෝම්බ හෙළීම අඛණ්ඩව සිදුවන අතර උතුරේ සියලුම රෝහල් වසා දමා ඇතැයි ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි .

හමාස් සටන්කාමීන් ඔක්තෝම්බර් 07 වැනිදා එල්ල ප්‍රහාරයේ සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර වලින් මිය ගිය සංඛ්‍යාව 14100 කට වැඩි වන බවත් හමාස් සංවිධානය ඊශ්‍රායලේ දකුණට කඩා වැදි සිදු කළ ප්‍රහාර වලින් නිල වශයෙන් 1200 පමණ පිරිසක් මිය ගොස් ඇත.

තෙරතුරු සහ ජායාරූපය අල් ජාසීරා ඇසුරින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *