හමුදාවට බාරදුන් එල්ටීටීඊ තිදෙනා උසාවියට ඉදිරිපත් කරන්න, බැරි නම් හේතු කියන්න

2023 පෙබරවාරි 23 වැනි සිකුරාදා වවුනියා මහාධිකරණය වැදගත් නියෝගයක් කළේය.

ඒ, 2019 මාර්තු උතුරේ යුද්ධයේ අවසන් දින කීපය තුළ යදු හමුදාවට බාර වු පුද්ගලයන් තිදෙනෙකු සොයා දෙන ලෙස ඔවුන්ගේ බිරියන් ඉදිරිපත් කළ හබයාස්කොපුස් පෙත්සම තුනක් සම්බන්ධයෙනි .හමුදාවට බාදුන් පුද්ගලයන් . මාර්තු 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝ එසේ කළ නොහැකි නම්ඊට හේතුව පැහැදිලි කළ යුතු බවට මහාධිකරණය යුද හමුදාවට නියෝ කළේය .

යදුධය අවසන් අදියරේදී රජයේ හමුදාවන්ට බාරවිමෙන් පසුව මේ දක්වා ආගිය අතක් නොමැති පොන්නම්බලම් කන්දසාමි හෙවත් කන්දම්මාන් ,සින්නතුරෙයි සසිදරන් හෙවත් එළිලන් සහ රුද්‍රමුර්ති ක්‍රිෂ්ණකුමාර් හෙවත් කොලොම්බස් යන තාදෙනා වෙනුවෙන් ගොනු කොට ඇති හබයාස් කෝපුස් පෙත්සම් එදින විභාගයට ගනිමින් , අදිකරණ්‍ය මෙම නාියෝගය නිකුත් කළේය .

මෙම පෙත්සම් ගොනුකළ කාන්තාවන් තිදෙනා තම ස්වාම්පුරුෂයන් හමුදාවට බාරදීම පිළිබද්ව ලබා දී ඇති සාක්ෂි විශ්වාස කළහැකි බව ද මහාධිකරණය නිගමනය කර තිබේ . පෙත්සම්කාකාර භාර්යාවන් වෙනුනේ පෙනී සිටියේ ප්‍රකට මානව හිමිකම් නීතිඥ කේ .එස් . රත්නවෛ්ල් ප්‍රමුඛ නීතිඥ කණ්ඩායමකි .

දැනට සොයාගන්නට නොමැති පුද්ගලයන් තිදෙනා හමුදා භාාරයේ සිටිය හැකියැයි හෝ අතුරුදන් කරන ලදැයි අදිකරණය කල්පන කරන බව මෙම නියෝගය මගින් පෙනේ හැයි ,පෙත්සම්කාරීයයගෙන් කෙනකු වන සින්නයියා සසිදරන් හෙවත් එලිලන්ගේ බිරිද ආනන්දි සසිදරන් අධිකරණයභුමියේදී බීබීසී වෙත පැවාසුවාය . එලිලන් එල්.ටි.ටි. ඊ . දේශපාලන අංශයේ වවුනියාව හා ත්‍රිකුණාමලේ දිස්ත්‍රික් දේශපාලන නායකයා හැටියට කටයුත් කළේය ,ආනන්දි ,කාලයක් උතුරු ලඝාත් සභාව් මන්ත්‍රීවරියක්ව සිටියාය .

අපි මේ නඩුව දැම්මේ බරපතඝ තර්ජනය මැද , මේකෙන් පොඩි විශ්වාසයක් අපිට දැනෙනවා . අපි ඔවුන් රජයේ හමුදාවට භාරදුන් බව අධිකරණය පිළිගෙන තිබෙනවා . ආනන්දි සසිදරන් වැඩිදුරටත් බීබීසීයට සදහන් කළාය .

වවුනියා මහාධිකරණ 2022 දෙසැම්බර් 16 වැනිදාද මෙවැනි නියෝලයක්කළේය . ඔවසර 13කටඉහත දී මුලතිව් යද හමුදා කදවුරු වෙත බාර වු හා හමුදා බාරයේදී ආගියඅතක් නැති සෙල්ලයියා විශවවනාදන් සොයාදෙන ලෙස ඔහුගේ බිරිද ඉදිරිපත් කළ හබයාස් කොපුස් පෙත්සමක් සම්බන්දයෙනි . එහිදී නියා්ගයක් කරමින් .මේ වසරේ මාර්තු මාසයේදී ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයුද හමුදාපතිටත් 58 සේනාංකාධිපතිටත් අදිකණය නියෝගකර තිබිණ .ආගිය අතක් නැති එල්ටීටීඊ සමාජිකයින් යුද හමුදාව බාරයේ සිටි බවට අදිකරණය පිලිගත් බව එම නියෝගයෙන් ද පෙනේ .

එහෙත් ,යුද්ධයේ අනසන් සමයේ දී යුද හමුදාවට භාර වු කිසිවකු ලියාපදිංචි නොකළ බව 2022 නොසැම්බර් මාසයේදී යුද හමුදාවයළිත් වරක් අවධාරණය කර තිබුණි . යුද හමුදා ඒ බව පවසා තිබුණේ තම්ල්මිලර් පුවත්පතේ මාධ්‍යවේදී බී. නිරෝෂ් කුමාර්2019 ඉල්ලා තිබුණු එලෙස බාරවුන් පිළිබද තොරතුරු, ප්‍රත්කසේප කිරීමට එරෙහිව අභියාචනයක් නොවැම්බර් 03 දා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිෂන් සභාවවිසින් සලකා බලන ලද අවස්ථාවේදීය .

අරුණ ජයවර්ධන – අනිද්දා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *