ෆාස්ටර් ගේ මරණයට, බ්‍රයන් තෝමස්ගේ DNA වාර්තාවක් කැදවන්නැයි අධිකරණය නියෝග කරයි

බොරැල්ල සුසාන භූමිය තුළ දී අභිරහස් ලෙස මරණයට පත්වී සිටි ප‍්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් ක‍්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්ගේ DNA වාර්තා කැඳවන්නැයි අධිකරණය විසින් නියෝග කර තිබේ.

රජයේ පරීක්ෂකවරයාට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (24) මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙම නියෝගය නිකුත් කරන ලද්දේ මෙම සිද්ධියට අදාළව නිරීක්‍ෂණ ඉදිරිපත් කිරීමට අධිකරණය විසින් පත්කර ඇති පංච පුද්ගල විද්වත් මණ්ඩලයේ ඉල්ලීමක් මතයි.

ෂාෆ්ටර් මිය ගොස් තිබු ඔහුගේ වාහනය තුළ තිබු වතුර බෝතලය, ගෙල සිර කර තිබූ කේබල් වයරය හා දෙඅත් බැඳ තිබූ සිප්ටයි පටියේ ආගන්තුක ජෛව සාම්පල දෙකක් ඇතැයි රජයේ රස පරීක්ෂකවරයා සිදු කරන ලද වාර්තාවක් මත අධිකරණයමෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම ආගන්තුක ජෛව සාම්පල බොරැල්ල කනත්තේ සේවකයන් ‍දෙදෙනා හා ඇතුළු පුද්ගලයන් හතරදෙනකුගේ ඩීඑන්ඒ සැසදුවද ඒවා සැසඳෙන්නේ නැති බවද රස පරීක්‍ෂකවරයා අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

24,241 views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *