ඊශ්‍රායලය “ආහාර අහිමි කිරීම යුද විධික්‍රමයක් ලෙස” භාවිතා කරන බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසයි

ආන්ද්‍රේ ඩේමන් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 මාර්තු 19  දින පල වූ ‘United Nations says Israel using “starvation as a method of war” ‘යන ආන්ද්‍රේ ඩේමන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ජනගහනයට ආහාර ලබා නොදීමට කටයුතු කිරීම එහි ජනගහනය හාමතයෙන් (starvation) පෙලීමට හිතාමතාම දරන උත්සාහයක් විය හැකි බව, අගහරුවාදා දින, එක්සත් ජාතීන්ගේ ඉහලම මානව හිමිකම් නිලධාරියා විසින් ප්‍රකාශ කලේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක්, ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ, “ගාසා තීරයට ආධාර ඇතුලුවීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය අඛන්ඩව පනවා ඇති සීමාවන්ගේ ප්‍රමානය සහ එය සතුරුකම් දිගටම කරගෙන යන ආකාරය අනුව යුද්ධයේ ක්‍රමයක් ලෙස හාමතය භාවිතා කිරීමකට සමාන විය හැකි බවත් , එය යුද අපරාධයක්” වන බවත්ය.

ටර්ක්ගේ ප්‍රකාශයන් එන්නේ මිලියන 2කට අධික වූ ගාසා තීරයේ සිරගතව සිටින ජනගහනය පුරා හාමතය සහ මන්දපෝෂනය පැතිර යාම ඉහල යාමත් සමඟය.

ටර්ක්ට අනුව, “කුසගින්න, හාමතය සහ දුර්භික්ෂ තත්වය, මානුෂීය ආධාර සහ වානිජ භාන්ඩ ඇතුලුවීම සහ බෙදා හැරීම කෙරෙහි ඊශ්‍රායලයේ විස්තීර්න සීමා කිරීම්, ජනගහනයෙන් වැඩි ප්‍රමානයක් අවතැන් වීම මෙන්ම තීරනාත්මක සිවිල් යටිතල පහසුකම් විනාශ කිරීමේ ප්‍රතිඵලයකි.”

අඟහරුවාදා දින, ඊශ්‍රායලය විසින් “යුද්ධයේ ආයුධයක්” ලෙස හාමතය භාවිතා කරනු ඇතැයි යන ටර්ක්ගේ ප්‍රකාශවලට පිලිතුරු දෙන ලෙස , එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක වේදන්ට් පටෙල් විමසූ විට , ඔහුගේ පිලිතුර වූයේ, “එය අප නිරීක්ෂනය කල හෝ දැක ඇති දෙයක් නොවේ.” යන්නයි.

මෙම විකාර සහගත වූ  ප්‍රතික්ෂේප කිරීම ගාසා තීරයේ ජනගහනය මත පටවා ඇති මහා හාමතය පිලිබඳ යථාර්ථයට පටහැනි ය. 

හාමතය නම් කරන (designating) , නිල ගෝලීය ආයතනය වන ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරනයේ (IPC) හවුල්කාරිත්වය විසින් අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලද වෙනම වාර්තාවක්, “මරන හා මන්දපෝෂනයේ ප්‍රධාන ත්වරනයක්” සමඟින් “දුර්භික්ෂය (famine) ආසන්න බව” සොයා ගන්නා ලදී.

වත්මන් වර්ගීකරන ක්‍රමයේ ආරම්භයේ සිට මෙතෙක් වාර්තා වී ඇති එම කාන්ඩයේ වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව වන ගාසා තීරයේ මිලියන 1.1 ක ජනතාවක්, ව්‍යසනකාරී  මට්ටම් වල සාගින්න හා අවදානම්කාරී දුර්භික්ෂයට මුහුන දෙනු ඇතැයි අපේක්ෂා කරන බව IPC තක්සේරුව සටහන් කරයි.

“කොතැනක හෝ, කවර කලකදී හෝ, ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා වර්ගීකරන පද්ධතිය මගින් මෙතෙක් වාර්තා වූ , ව්‍යසනකාරී සාගින්නෙන් පෙලෙන වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව මෙයයි,” එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්  සඳුදා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමට පෙර, ගාසා තීරයේ උග්‍ර ලෙස මන්දපෝෂනයෙන් පෙලුනේ  වයස අවුරුදු පහට අඩු ලමුන්ගෙන් සියයට 1කටත් අඩු ප්‍රමානයක් පමනි . නමුත් එම අගය සියයට 12.4 ත් 16.5 ත් අතර දක්වා ඉහල ගොස් ඇත.

වාර්තාව නිගමනය කලේ, “උතුරු පාලන ප්‍රදේශවලට දුර්භික්ෂය ඉතා ආසන්නව පවතින අතර 2024 මාර්තු මැද සහ මැයි අතර ඕනෑම වේලාවක එය සිදුවනු ඇතැයි පුරෝකථනය කර ඇත.” යන ලෙසය. 

ගාසා තීරයේ සෑම පුද්ගලයෙකුම යම් මට්ටමක ආහාර අනාරක්ෂිතභාවයකින් ජීවත් වන බව වාර්තාව සොයා ගත්තේය. වාර්තාව පුරෝකථනය කලේ දැනට මුලු  ගාසා තීරය ම ආහාර අනාරක්ෂිත භාවයේ “හදිසි” අවධියක පවතින අතර, උතුරු ගාසා තීරය මාස කිහිපයක් ඇතුලත දුර්භික්ෂයට ලක් වනු ඇති බවයි.

ඊශ්‍රායලය විවිධ ආකාර වලින් ගාසා තීරයේ ජනගහනය මත දුර්භික්ෂය පටවයි. වඩාත්ම දෘශ්‍යමාන දේ  වන්නේ කුසගින්නෙන් පෙලෙන මිනිසුන්ට ආහාර සැපයීමේ හැකියාව ඇති මානුෂීය සංවිධානවලට ඇතුලු වීමට ඉඩදීම ප්‍රතික්ෂේප කරන අවහිරයක් (blockade) පැනවීමයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලය අඟහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගාසා තීරයට යැවීමට සැලසුම් කර තිබූ මානුෂීය මෙහෙයුම් වලින්   අඩකටත් වඩා අඩු ප්‍රමානයකට පමණක් ඊශ්‍රායලය විසින් ඉඩ ලබා දී ඇති බවයි.

” මාර්තු පලමු සති දෙක තුල, උතුරු ගාසා තීරයට සැලසුම් කරන ලද මානුෂීය ආධාර මෙහෙයුම් වලින් අඩකටත් වඩා අඩු ප්‍රමානයකට ඊශ්‍රායල බලධාරීන් විසින් පහසුකම් සලසා ඇත-එය මෙහෙයුම් 24 න් 11 ක් වේ,” යැයි, එම ප්‍රකාශය පවසයි. “ඉතිරි ඒවා ප්‍රතික්ෂේප කර හෝ කල් දමා ඇත. ගාසා තීරයේ උතුරට ආධාර යැවීමට ඊශ්‍රායල බලධාරීන්ගේ දෛනික අනුමැතිය අවශ්‍ය වේ.”

පවතින අවහිර කිරීම් සමග ක්‍රමානුකූලව සහ හිතාමතාම සහන සේවකයන් මරාදැමීම සිදු කරනු ලබයි. ගාසා නගරයේ ඉතිරි ජනගහනය ආහාර ආධාර ලබා ගැනීමට යන කුවේට් වටරවුමට (Kuwait Roundabout) බ්‍රහස්පතින්දා, ඊශ්‍රායල හමුදාව  දියත් කලේ නැවත නැවතත් එල්ල කරන  ප්‍රහාරවල නවතම ප්‍රහාරය ාලෙසය.

අල් ජසීරා වාර්තා කලේ නවතම ප්‍රහාරයෙන්  සහන සේවකයන් 23 දෙනෙකු මිය ගිය බවයි. එය ආහාර බෙදා හැරීමේ සේවකයින් ඉලක්ක කරගත් ප්‍රහාරයක් බව ප්‍රාදේශීය බලධාරීහු පැවසූහ.

ආහාර බෙදා හැරීමේ සේවකයින්ට එල්ල වූ මෙම ප්‍රහාරය ගාසා හි අල්-ෂිෆා රෝහලට එල්ල කල පූර්න පරිමාන  ප්‍රහාරයක් සමග සිදු වූ අතර, ඊශ්‍රායල හමුදාව පැවසුවේ දුසිම් ගනනක් මිය ගිය බවයි.  

thesocalist .lk වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි .

නමුත් මෙම ලේ වැගිරීම පවා, සැලසුම් කර ඇති රෆා ආක්‍රමනයත් සමඟ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතේ  තබාගෙන ඇති දෙයින් දුන්  අත්තිකාරමක් පමනි.

අඟහරුවාදා, නෙතන්යාහු කියා සිටියේ තමා දුරකථන සංවාදයකදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන්ට මේ බව “උපරිම ආකාරයකින් පැහැදිලි” කල බවයි. එනම් “අපි රෆාහි මෙම බලඇනි තුරන් කිරීම සම්පූර්න කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බවත්, ඒ සදහා බිමින්  යාම හැර එය කිරීමට වෙනත් ක්‍රමයක් නොමැති බවත්ය.”

මිලියනයකට අධික ජනතාවක් රැකවරන  ගන්නා රෆා පෙදෙස ආක්‍රමනය කිරීමේ නෙතන්යාහුගේ සැලසුම් පිලිබඳ එහි  වාචාල විවේචන නොතකා, බයිඩන් පරිපාලනය පැහැදිලි කර ඇත්තේ ඊශ්‍රායලය කුමක් කලත්, තමන් ඊශ්‍රායලයට ආයුධ සහ අරමුදල් සැපයීම දිගටම කරගෙන යන බවයි.  

සඳුදා පැවති මාධ්‍ය හමුවකදී ධවල මන්දිර ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් පැවසුවේ “ඊශ්‍රායලයේ දිගු කාලීන ආරක්ෂාව සහතික කිරීම සඳහා ඔහුගේ ගැඹුරු කැපවීම ජනාධිපතිවරයා අවධාරනය කල” බවයි. සලිවන් තවදුරටත් පැවසුවේ, “හොලෝකෝස්ටයෙන් පසු දරුනුතම යුදෙව් ජනතා සංහාරය සිදු කල හමාස් සංවිධානය පසුපස යාමට ඊශ්‍රායලයට අයිතියක් ඇත. හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත.” යන්නයි.

මේ මස මුලදී, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑනා සහ මැද පෙරදිග ගැටලු සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රධාන උපදේශකයෙකු වන ජරෙඩ් කුෂ්නර්, ගාසා තීරයේ ජනගහනය පලස්තීනයෙන් නෙරපා හැරීමේ අපේක්ෂාව අනුමත කලේය.

හාවඩ් විශ්ව විද්‍යාලයෙහි පෙනී සිටිමින් කුෂ්නර් පැවසුවේ ගාසාවේ ජනගහනය “ඊජිප්තුව තුලට… නිවැරදි රාජ්‍ය තාන්ත්‍රිකභාවය” භාවිතයෙන් ගෙන ඒම “කල හැකි” බවයි. ගාසා තීරයේ ජනගහනය ඊශ්‍රායලයේ නෙගෙව් කාන්තාරයට විස්ථාපනය කිරීමේ අපේක්ෂාව ද ඔහු මතු කලේය, “මම ඊශ්‍රායලය නම්,  දැන් මම කිරීමට උත්සාහ කරන දෙය වන්නේ මම නෙගෙව්හි යමක් දෙයක් බුල්ඩෝසර් කිරීමයි. මම එතනට මිනිස්සුන් ගෙනියන්න උත්සාහ කරනවා. එය සිදු කළ හැකින nana banana ජනප්‍රිය දෙය නොවන බව මම දනිමි, නමුත් මම හිතන්නේ එය කිරීමට වඩා හොඳ විකල්පයක් වන අතර එවිට ඔබට එහි (ර‌ෆා) ගොස් කාර්යය අවසන් කල හැකිය.”

“ගාසා තීරයේ වෙරලබඩ දේපල ඉතා වටිනා විය හැකි,” බව කුෂ්නර් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *